(සුජිත් හේවාජුලිගේ)
ජනතාවට බදු පිට බදු ගැසීමට වර්තමාන ආණ්ඩුවට සිදුව ඇත්තේ පොහොට්ටුව රට බංකොළොත් කර නන්නත්තාර කළ නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
රට බංකොලොත් කළ පිරිසක් ඉදිරියට දමාගෙන යන ගමනකින් ජනතාවට සෙතක් වේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
රට බංකොලොත්වීමට පොහොට්ටුවේ අය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් පොහොට්ටුවේ ආර්ථික ඝාතකයන් සිටින තුරු ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට උදව් නොකරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
වර්තමාන ආර්ථික වටපිටාව තුළ ජනතාව අන්ත අසරණභාවයට පත්ව සිටින බව පැවැසූ ලක්මන් කිරිඇල්ල මහතා ජනතාව වෙනුවෙන් කඩිනම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
පොහොට්ටුව බලයට පැමිණිමෙන් පසු ලොකු සමාගම් වලට බිලියන 800ක පමණ බදු සහන ලබාදුන් බවත් ජනතාවගේ බදු බර වැඩිවුණේ ධනපතියන්ට ලබාදුන් මෙම බදු සහන නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොට්ටුව රට බංකොළොත් කර ජනතාවට බදු ගහනවා
නන්නත්තාර Friday, 14 October 2022 01:21 PM
මගේ ඇමතිකම තිබූ කාලේ මගේ දුව වාරිමාර්ග කොම්පැණියක් හදලා ඒ නමින් හදවපු කාපට් පාරවල් මේ දවස්වල වැස්ස නිසා ගල්බොරලු පේනකම්ම කිරි ඇල්ලටම හේදිලා දියවෙලා නන්නත්තාරවී බංකොලොත් වෙලායනවා..!