(එම්.කේ.නන්දසේන)
කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ.
මෙහිදී කණකට සිදුව ඇතැයි කියන ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ සභාපති චානක අමිල් රංගන මහතාය. මෙම සභාව පොදු පෙරමුණට බලය හිමිවී ඇති අතර සභාපතිවරයාට පහරදී ඇත්තේ ද පොදු පෙරමුණට අයත් මන්ත්‍රීවරයෙකි.
පොදු පෙරමුණට සභාපති වරයා සමග මන්ත්‍රීධූර 08 ක්ද, එක්සත් ජාතික පක්ෂයට ධූර 05 ද, එක්සත් ජනතා සංධානයට එක් ධූරයක්ද, ජනතා විමුක්ති පෙරමුණ ට ධූර 02 වසයෙන් මන්ත්‍රීන් සංයුතිය 16 කි.
මෙම සභාවේ සභාපතිවරයාට පක්ෂව සිටින්නේ පොදු පෙරමුණ මන්ත්‍රී වරයෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු පමණි.
විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් පොදු පෙරමුණේම මන්ත්‍රීවරුන් හය දෙනකු ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනාද, ජවිපෙ දෙදෙනාද එකතුවී ඉකුත් නොවැම්බර් මාසයේ පැවති මෙම වසරට අදාළ අයවැය අවස්ථා දෙකකදීම පරාජයට පත් කෙරිණ. එලෙස අයවැය පරාජය කර තිබියදීත් සභාපති වරයා ධුරයේ රැඳී සිටීම අභියෝගයට ලක්කරමින් උප සභාපති වරයා ඇතුළු මන්ත්‍රීවරුන් මොණරාගල මහධිකරණයේ නඩුවක් පවරා එය විභාග වෙමින් පවතී.
මාස පහක් තිස්සේ මෙම සභාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර පත්කර ඇති කමිටු වලින්ද මන්ත්‍රී සාමාජිකයින් ඉවත්වී තිබේ.
සභා වාර්තා සහ යෝජනා සම්මත නොවූවද එය සම්මත වූ බවට සභා වාර්තාවට ඇතුළත් කිරීමද සෑම සභා වාරයකදීම ගැටලුසහගත තත්ත්වයක් ලෙස පැවතිණ. අදාල මන්ත්‍රීවරුන් පිරිස මේ සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර වරයාට, වුව ඌව පළාත් පාලන කොමසාරිස්වරයාට අවස්ථා කිහිපයක් දැනුම් දී ඇතත් ඒ සඳහා මැදිහත් වී විසඳුමක් ලබා නොදීම මෙම ගැටළු ආරවුල්වලට හේතුවී ඇතැයි මන්ත්‍රීවරු පවසති.
මීට සති දෙකකට පමණ ඉහතදී සභාපතිවරයා විසින් උප සභාපතිවරයාට වෙළඳසැලක් තුළදී පහර දීමේ සිද්ධියක් හේතු කොටගෙන උප සභාපති ඩී. වී. සාන්ත මහතාගේ හිසට බරපතල තුවාල සිදුවී හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබාගෙන ඇත.
ඊයේ (06) දා පෙර වරු 10 ට සභා රැස්වීම පවත්වන බව දන්වා මන්ත්‍රීවරුන් කර තිබූ දැනුම් දීම මත මන්ත්‍රීවරුන් පෙරවරු 10.10 පමණ වන විට සභාවේ අසුන් ගෙන තිබූ නමුත් සභාපති වරයා පැමිණියේ පෙර වරු 10.20 ට පමණය. එලෙස පැමිණ ආගම සිහි කිරීමෙන් අනතුරුව පෙර වරු 11. 30 දක්වා සභාව කල් තබන බවට දැනුම් දීමත් සමග සියලුම න්ත්‍රීවරුන් එම ප්‍ර.කාශයට විරෝධය පළ කර සිටියහ. මෙම අවස්ථාවෙිදී ගැටුම ඇති විය.
උප සභාපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු මීට සති දෙකකට පමණ ඉහතදී උප සභාපතිවරයාට පහර දීමට විරෝධය පල කරමින් කළු පටි පැළැඳ විරෝධතා පුවරු ද රැගෙන සභාවට පැමිණ තිබිණ.
හටගත් ගැටුමෙන් පසු ලේකම්වරයා සභාව කල් තැබීමට සූදානම් වුවද ඌව පළාත් පාලන කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබාගෙන මෙම සභාව පවත්වාගෙන යාමට උපදෙස් ලබාගන්නා ලෙස මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඉල්ලා සිටි හෙයින් උප සභාපති වරයාගේ ප්රගධානත්වයෙන් සභාව පවත්වාගෙන යනු ලැබිණි. සභාපතිවරයාද තමාට පහර දුන් දිනයේ ලේ තැවරුණු කමිසය පැළඳ වෛද්‍ය වාර්තා ලියකියවිලි ද ප්‍රර්ශනය කරමින් සභාව පවත්වා ගෙන ගි ෙය්ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ගුටි