IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


පහන්තුඩාව සිද්ධියේ යුවළට පොලිස් ඇප

(නිමන්ති රණසිංහ )

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත්  යුවල පොලිස් ඇප මත මුදාහැරී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

ලබන 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදා හළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා කෝවිඩ් ආසාදිතයකු ලෙසට හඳුනාගෙන ඇති අතර, එම තරුණිය ද කෝවිඩ් ආශ්‍රිතයකු වීම හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදා හළ බව ද  එම නිලධාරියා පැවසීය.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව  අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබාගැනීම, බෙදාහැරීම සිදු කරමින් මෙම සැකකරුවන් වරදක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණ යුවළ අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (02) සවස 4.30 පමණ මහරගම ප්‍රදේශයේ දී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ , මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි.

 



අදහස් (15)

පහන්තුඩාව සිද්ධියේ යුවළට පොලිස් ඇප

රංජිත් විජේසිංහ Friday, 03 September 2021 03:06 PM

එළියටත් ඇවිත්ද? දැන් ඒකත් ඉවරයි..

:       2       16

SUNIL MILANO Friday, 03 September 2021 03:58 PM

මේවා වැරැදි පූර්වාදර්ශ ... උසාවියටත් ඉදිරිපත් කරන්න තිබුණේ මේක හරියට බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිය එක හා සමානයි.

:       39       7

බද්රානිFriday, 03 September 2021 06:42 PM

සුනිල් මිලානෝ, ඉතාලියේ ජීවත් වෙනවා කියලා නම් හිතන්න බැහැ... ලියලා තියෙන අදහස අනුව... මනසින් ගෝත්‍රික නම් ජීවත් වෙන්නේ කල්ලි ගැසුණු ගෝත්‍රික ලාංකික සමාජය සමග නම්, ඉතාලියේ නෙමේ... ලෝකේ කොහෙට ගියත් ඔච්චරම තමයි. අපරාදේ ඔය ඉතාලියට වෙලා ඉන්නේ... ලංකාවට ආවා නම්, සංස්කෘතියත් රැකගෙන ශෝක් එකට ඉන්න තිබුණානේ...

:       0       23

wiraaj Friday, 03 September 2021 04:45 PM

ගැහැණු ළමයින්ට හෙරොයින් දීලා ඒ ළමයි මේ වගේ දේවල් වලට යොදා ගන්නවා.. මේ වගේ අයට ගැලපෙන දණ්ඩ නීති අපේ රටේ නැතිද?

:       12       8

Nihal Friday, 03 September 2021 04:55 PM

ඔහොම තැන්වල පිරිමි අයවත් පොළඹවා ගන්නේ කාන්තාවන්... පේනවනේ ඇඳුම් අඳින හැටි... දරුවෙක් එක්ක පාරේ බැහැලාවත් යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ...

:       12       9

NihalFriday, 03 September 2021 06:36 PM

බස් එක මුල්ලේ සීට් එකේ පිරිමි පුද්ගලයා සිහියෙන් ඉන්නවා පේනවා. කාන්තාවට කිසිම සිහියක් නැහැ.

:       3       5

chathuraSaturday, 04 September 2021 03:53 AM

බස් එකට නැග්ගනම් අහු මුළු බල බල යන්නේ බහින තැන බලාගෙන ගිහින් පහුවෙන්න ඉස්සරවෙලා බහින්නකෝ පව් නොදී.?

:       1       1

janis Friday, 03 September 2021 05:11 PM

පොලිසියට එයාලගේ වීඩියෝ එක පෙන්නුවද.?

:       1       9

rocky Friday, 03 September 2021 05:30 PM

මේ රටේ කෙරෙන අපරාධ වල හැටියට මේක එච්චර කලබල වෙන්න දෙයක් නොවෙයි.

:       6       19

Suranga Friday, 03 September 2021 06:31 PM

ඉස්සෙල්ලාම මුට්ටිය දාලා බැලුවා මේ දෙන්නව හම ගහලා රටේ ප්‍රශ්න යට ගහන්න. මීඩියා ඔක්කොම උඩ පැන පැන මේ දෙන්නව ප්‍රවෘත්ති වල තියාගෙන තැලුවා. වැඩේ නෝණ්ඩි වුණු නිසා කොරෝනා පිටින් දාලා මේ දෙන්නව නිදහස් කළා. සෝෂල් මීඩියාවලින් අම්බානක කුණු බැණුම් ආණ්ඩුව මේකෙන් අහගත්තා. මේ දෙන්නා මොනවා කළාද කියලා හිරේ දාන්නද? අන්තිමට ඒ දෙන්නාට රටේ ඉන්න නැති කළා. මහ අය කොරෝනා මරණ ගණන, පාස්කු ඝාතනය, සීනි, හාල්, උද්ධමනය මේවා යට ගහන්න ඕන බලු වැඩක් කරනවා. මම හිතුවේ මුලින්ම අර Gtv කරන පොඩි එකාව ඇතුලට දායි කියලා. ඒත් අහුවුනේ මේ දෙන්නව...

:       2       25

SUNIL MILANO Friday, 03 September 2021 07:05 PM

කලබල වෙන්න නම් දෙයක් නැහැ තමයි... ඕකෙ රඟේ තේරෙන්නේ තමන්ගේ පවුලේ කෙනෙකුට මේක සිදුවුණා නම් තමයි. තමන්ගේ නොවන නිසා ගාණක්වත් නැහැ නේද? ඒත් මේ අපේම දරුවෝ කියලා සිතන්න පුරුදු වෙන්න.

:       14       3

wiraajFriday, 03 September 2021 08:31 PM

ඉතාලි ගියත් බයියො බයියෝමයි. මොනවද ඔහේ කරන්නේ පිඟන් හෝදනවද?

:       1       12

zeylanicusSaturday, 04 September 2021 12:16 AM

මේක වෙන කවුරුවත් කල දෙයක් නෙමෙයි, ඒ දෙන්නම කල දෙයක් නේ. ඒ නිසා පවුලේ කෙනෙකුට සිදුවුනොත් කියල කලබල වෙන්න ඕනේ නෑ නේ.

:       1       5

Lalith Friday, 03 September 2021 10:14 PM

මෙම ජායාරූපය සහ පුවත අතර සම්බන්දයක් නැත. එම නිසා කරුනාකර එම ජායාරූපය ඉවත් කරන්න.

:       0       5

kapila Friday, 03 September 2021 10:18 PM

ලිංගික ක්‍රියාකාරකම් සහිත වීඩියෝ නිෂ්පාදනය ලාබදායී ව්‍යාපාරයක් බව මේ සිදුවීමෙන් රටේම ජනතාව දැනුවත් වුනා. දැන් තව කී දෙනෙක් මේක පටන්ගනීවිද? මේවා කරලා අහු උනොත් පොලිසියෙන් ඇප දෙනවා කියලත් ජනතාව දැනුවත් වුනා.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 463 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1191 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 663 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 603 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 900 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 447 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site