(*** මතුගම බන්දු තඹවිට)
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පාහියන් ලෙනට සමාන ඓතිහාසික පසුබිමක් ඇති තවත් සුවිශේෂී ගල්ලෙනක් කළුතර වළල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කඳු මුදුනකින් හමුවී තිබේ.
මෙය නූතන මානවයා මීට අවුරුදු 48,000කට පෙර ජීවත්වූ බවට සාක්ෂි හමුවී ඇති පාහියන් ලෙන තරම්ම පැරණි එකක් බවත්, එහිදී සිදුකළ මූලික පරීක්ෂණයේදී ප්‍රාග් ඓතිහාසික යුගයේදී මානවයන් පදිංචිවී සිටි බවට තොරතුරු සහ සාක්ෂි හමුවූ බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (කැනීම්), මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් භාර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සහ ඕට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය.
එහි මතුපිට පරීක්ෂාකිරීමේදී ශිලා මෙවලම්, ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර කොටස්වල අවශේෂ, ගල් ආයුධ පාශාණභූතවූ ද්‍රව්‍ය ආදී සාධක හමුවූ බවද ඔහු සඳහන් කළේය.
වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කළු ගල් කොරියක් සඳහා බලපත්‍ර ලබාදීම පිළිබඳව කරුණු සොයාබැලීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් දෙදෙනකු එම ගල් කොරිය ආසන්නයේ පිහිටි මෙම ගල් පර්වතය දෙසට ගොස් නිරීක්ෂණයකදී මෙම ගල්ලෙන සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.
ඔවුන් තමන්ට ලැබුණු තොරතුරු බස්නාහිර පළාත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ එම්.පී.එන්. ද සිල්වා මහත්මිය වෙත යොමුකිරීමෙන් අනතුරුව අධ්‍යක්‍ෂවරිය හා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ස්ථානයට ගොස් මූලික පරීක්ෂණයක් කරන ලෙස කළ ආචාර්ය නිමල් පෙරේරා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ආචාර්ය නිමල් පෙරේරා මහතා එහි ගොස් මූලික පරීක්‍ෂාවක් සිදුකර මෙම තොරතුරු අනාවරණය කළේය.
එම ස්ථානයේ ඉතා වැදගත් ගල් ආවරණයක්, ගල් ඇන්දක් ඇති බව ද නිමල් පෙරේරා මහතා කීවේය.
එම ගල් ඇන්දෙහි පස් තට්ටුවල ප්‍රාග් ඓතිහාසික සාධක පවතින බැවින් එය ද වසර 48000 ක කාලසීමාවකට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත්වූ නවාතැනක් බවට පෙනී යන බව ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කළේය.
දේශපාලන විප්ලවවලට සම්බන්ධවූවන් එම ගල්ලෙනෙහි සැඟවී සිටි බව ප්‍රදේශවාසීන් පවසන්නේ යැයි කී නිමල් පෙරේරා මහතා එසේම ප්‍රාග් ඉතිහාසයේද මෙහි මානවයන් පදිංචිවී සිටි බවට එම ස්ථානයෙන් තොරතුරු සහ සාක්ෂි ලැබෙන්නේ යැයි බව පැවසීය.
විශේෂයෙන්ම මෙහි මතුපිට පරීක්ෂා කිරීමේදී ගල් ආයුධ, ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර කොටස්වල අවශේෂ ලෙස කැකුණ ආදීය හමුවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම ස්ථානය අවට ගල් කැඩීමෙන් රටට තිබෙන ප්‍රාග් ඓතිහාසික උරුමය අහිමිවිය හැකි බවත්, ගල් කැඩීමට සිදුකරන පිපිරීම්වලින් මෙහි පාෂාණ තට්ටුවලට හානි සිදුවිය හැකි බවත් ඔහු කීවේය.
ගල් පිපිරීම නිසා කිසියම් කම්පනයක් ඇතිවුවහොත් එම පස් තට්ටුවලින් ප්‍රයෝජනයක් නොමැති බවත්, නියම තොරතුරු ලබාගත හැක්කේ නිරවුල් පස් තට්ටු අතරින් පොළොව දක්වා කැනීම් සිදුකිරීමෙන් බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.
රටේ ඉදිරි පරපුර වෙනුවෙන් මෙවැනි ගල්ලෙන් ආරක්ෂා කළ යුතු බව කී ආචාර්යවරයා මෙම ස්ථානය අවට ගල්කැඩීම වහාම නැවැත්වීමට බලධාරීන් පියවර ගතයුතු බවද කීවේය.
පහත රට තෙත් කලාපයේ කෑගල්ල, රත්නපුර, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගල් ලෙන් ගණනාවක් පිහිටා ඇති බවත්, ඒ අතරින් කළුතර දිස්ත්‍රික්යේ ගල් ලෙන් විශාල සංඛ්‍යාවක් තිබෙන බවද ඔහු කීවේය.
දැනට හඳුනාගත් ප්‍රධාන ගල්ලෙනක් වන පාහියන් ලෙන දකුණු ආසියාවේ පැරණිම ජනාවාසය ලෙස හඳුනාගෙන තිබෙන බවද ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.
එහි වසර 48000 කට පෙර පැරණිම ජනාවාස තිබූ බවටත්, එහි ජීවත්වී ඇත්තේ හෝමෝ සේපියන් නම් නූතන මානවයා බවටත් හඳුනාගත් පාහියන් ලෙනේ ද සාධක බොහොමයක් හමුවූයේ එම ලෙනට යාබදව පිහිටි ගල් ඇන්දක් අසලින් බව හෙතෙම කියාසිටියේය.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන් පී. පෙරේරා මහතා පැවසුවේ, මෙම ගල්ලෙන පිළිබඳව ආචාර්ය නිමල් පෙරේරා මහතා දැනුම් දුන් අවස්ථාවේදීම එම ස්ථානය අසල පවත්වාගෙන ගිය ගල් කොරියේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි.
පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ඒ.ඩී.සී.මාලනී මහත්මිය සහ සංවර්ධන සම්බන්ධීකාරක එම්.ඒ.බී. ප්‍රසන්න මහතා සමග එම ගල් ලෙන පරීක්ෂා කිරීමට එම ස්ථානයට ගිය බවත්, එම ස්ථානය පැරණි මානවයා භාවිතා කළ ගල්ලෙනක් බවට සාක්ෂි තිබෙන බවත් හෙතෙම කීවේය.
පුරාවිද්‍යා නිලධාරීන් සහ ඒ පිළිබඳ විශේෂඥයින් කරන පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව කී ප්‍රාදේශීය ලේකම්වරයා මේ පිළිබඳව බස්නාහිර පළාත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරියගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙන බවත්, ඉදිරියේදී එම වාර්තාව අනුව ගතයුතු පියවරගන්නා බවත් සඳහන් කළේය.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාහියන්ගල ලෙනට සමාන ඓතිහාසික ගල්ලෙනක් වලල්ලාවිට කඳු මුදුනක
කෝලිත Wednesday, 09 September 2020 08:01 AM
ඔයාලා පැනික් වෙන්න එපා. ටූල්ස් ටිකක් හොයාගෙන ඕක හාරන්න. මෙච්චර කල් පොල්ගෑවද ඔයාලා.. අපේ සර් එහෙම කියනවා වගේ ඇහෙනවා.
වීරවිජේ Wednesday, 09 September 2020 08:05 AM
වඩේ තිබ්බද, පොසිල වඩේ?
විජේ Wednesday, 09 September 2020 09:44 AM
වලල්ලාවිට කියන නමට හොඳ කාලයක් උදාවෙලා තියෙන්නේ. මෙහෙන් මේක, අරහෙ වලල්ලාවිට කෙනෙක් එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් පිටියේ. ආඩම්බර වෙයල්ලා වලල්ලාවිටලා...
Champa Wednesday, 09 September 2020 10:37 AM
මේ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් විදිහට නම්කරලා වෙන්කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. ගල් කොරියට අවසර දීම නතර කළා කියලා හිතනවා.
බණ්ඩාර Wednesday, 09 September 2020 01:53 PM
ගල්කොරියා දේශපාලුවෙකුට අයිති නම් ඔය කියන ගල් ලෙනත් කාලා තමයි නවතින්නේ...