IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පොහොරට අඬාවැටෙන මහවැලි ගොවියෝ

(නිමල් ජයරත්න)

මහවැලි සී කලාපයට අයත් දිඹුලාගල නුවරගල ගොවි සභාපතිවරුන් සහ ගොවි නියෝජිතයෝ මෙන්ම ගොවියෝ, මෙවර මහ කන්නයට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර සහන සහනාධාරය කඩිනමින් ලබා දෙන්නැයි රජයට බලකරමින් අද පෙරවරුවේ මැදගම්පිටිය වෙල්යායේ දී උද්ඝෝෂණයක් සිදු කළහ.

කයිවාරුව ඇති ප්‍රමිතියෙන් යුතු පොහොර නිසිකලට ලබාදෙනු“යන සටන් පුවරු ගෙන උද්ඝෝෂණය සිදුකළ ගොවීන් ඉල්ලා සිටියේ මෙවර මහ කන්නයට ජලය ලබා දීමට පෙර සුදුසු පොහොර ලබාදීමට රජයේ කඩිනම් අවධානය යොමු කරන ලෙසයි.

එලෙස සිදු නොවන්නේ නම් මහවැලි සී කලාපයේ වී වගා කරන හෙක්ටයා‍ර් 22,000 ම වගා නොකරන සිටීමට ගොවීන් තීරණය කර ඇති බව ගොවි සංවිධාන සභාපතිවරු සඳහන් කළහ .

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මේ ම්ස 20 වෙනිදා,තම කලාපයට වි වගා සඳහා ජලය නිකුත් කරන බවට ප්‍රකාශ කර ඇති බවත්,වි වගාවට සුදුසු රසායනික පොහොර හෝ වෙනත් ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදුනහොත් තමන් මෙවර වි වගා නොකරන බවද උද්ඝෝෂණය සිදු කළ ගොවීන් සඳහන් කළහ.

කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කිසිදු ආයතනයකින් තම ගොවි මෙතෙක් දැනුවත් නොකළ බවත් එම පොහොර නිෂ්පාදනය කිරීමට දින 28 ක කාලයක් ගතවන වන බවත් ,ඒ සඳහා සුදුසු කාලයක් තමන්ට නොමැති බව ද ගොවීන් සඳහන් කළහ.

 



අදහස් (4)

පොහොරට අඬාවැටෙන මහවැලි ගොවියෝ

කිරි පතා Sunday, 10 October 2021 04:26 PM

මේ ගොවීන් නොවේ... වගා කරන වෙළෙන්ඳන් ය. නියම ගොවියන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර ටික තමන්ම නිපදවා ගනී. මේ මිනිසුන් ඉල්ලන්නේම වසවිසය. හැම එකම ඉල්ල ඉල්ලා දඟළන හිඟන ආකල්පවලින් මොවුන් කවදා මිදෙයිද?

:       12       6

Sunil Sunday, 10 October 2021 05:20 PM

ඇඬුවොත් තමයි කිරි එරෙන්නේ.. පොතේ ගුරාලා සිටින මේ රජයට ගොවියන්ගේ ගැටළු නොතේරේ..

:       2       9

saman Sunday, 10 October 2021 06:31 PM

වකුගඩු රෝගය හැදිලා මළත් කම් නැහැ. රසායනික පොහොර දෙනවා නම් අනේ අපේ ගොවියෝ...

:       6       2

අගුපිලගේ Sunday, 10 October 2021 08:39 PM

ලංකාවෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ඉගෙනුම නොපිළිගන්නා අපි විදේශීය වයිද්‍ය උපාධිය ඉහලින් පිලිගනිමු. ඒවගේ රසායනික පොහොර යොදා ලංකාවෙ නිපදවන ආහාර වලින් වකුගඩු රෝග සැදෙනවා කියමින් රසායනික පොහොර යෙදූ රටින් ගෙනා සහල් අනුභව කර වකුගඩු රෝගයෙන් වැලකීමට උනන්දු වෙමු

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 610 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4319 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1654 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 679 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3876 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2891 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site