පැතුම් දර්ශන
හොරොව්පොතාන වාහල්කඩ ප්‍රදේශයේ ඉදිකෙරුණ පහළ යාන් ඔය ව්‍යාපෘතියට ජලය පිරවීම ආරම්භ කිරීමත් සමඟ එම භූමියේ ජලයට කොටු වී සිටින සතුන් බේරා ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.
හොරොව්පොතාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සතුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන අතර ඒ සඳහා හොරොව්පොතාන පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් කළ ඉල්ලීමකට අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි හේවා පතිරණ මහතා විසින් අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක අංශයේ බෝට්ටුවක් සමඟ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ද ලබා දී ඇත.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුන් බේරා ගැනීම සඳහා බෝට්ටුවක් ලබාදී ඇති අතර ඒ අනුව බෝට්ටු දෙකක් යොදා ගනිමින් වනජීවී නිලධාරීහු සතුන් බේරා ගැනීම සිදුකරති.
මීට සති දෙකකට පමණ ඉහත දී ආරම්භ කළ මෙම සතුන් බේරාගැනීමේ මෙහෙයුම් යෙදී බෝට්ටුවෙන් ගොස් බේරාගන්නා සතුන් දැමීමට අවශ්‍ය උපකරණ වනජීවී නිලධාරින්ට නොතිබූ අතර එම උපකරණ ලබා දුන්නේ ද හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසිනි.
මෙම මෙහෙයුමේ දී ජලයට කොටුවී සිටි උරගයන් 800කට ආසන්න ප්‍රමාණයක් සහ ඉත්තෑවන් තිදෙනකු බේරාගැනීමට මේ වන විට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.
අක්කර අඩි එක්ලක්ෂ හතලිස් දහසක ජල ධාරිතාවක් අපේක්ෂිත පහළ යාන්ඔය ව්‍යාපෘතියෙ මේ වන විට අක්කර අඩි 72,000 ක් ජලය පිරී පවතී.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පහළ යාන් ඔය ජලයට කොටු වු සතුන් බේරා ගැනෙති
Hafeel Wednesday, 21 November 2018 06:57 AM
මේ අහිංසක සතුන් බේරන්න කටයුතු කලාට දියවන්නාවේ ඉන්න සතුන් බේරන්න නං යන්න එපා. දියවන්නාවේ සතුන් බේරන්න යන්න අයවත් සපා කාවි. ඒ තරම් බයානක සතුන් ඉන්නේ. දැක්කනේද එදා ඔවුන්ට ආරක්ෂාව දෙන්න පොලීස් නිලධාරීන්වත් දෂ්ට කළා.
විජිත් Wednesday, 21 November 2018 08:44 AM
සතෙක් නම් පේන්න නෑ
leel gunawardena Wednesday, 21 November 2018 06:36 PM
කෙසේ කෝ මේ කරන උතුම් ක්‍රියාවට මේ සැමට මගේ ප්‍රණාමය , ඔබලාට ජය.