IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා  පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලින් පසු 99%ක්  ගෙවල් වල අම්මලා මෙන්ම  දරුවන් ද අඬන්න පටන් ගත් බව කී මන්ත්‍රීවරයා පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර ලැබුණු බව ද සඳහන් කළේය.

ලෝකයේ දියුණු රටවල තිබුණු ආකාරයට පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවද තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බවද හිටපු ජනාධිපතිවරයා කීය.

බොහෝ දියුණු රටවල අට වසර දක්වා වාර විභාගයක් වත් නැතැයි ද දරුවන්ට වගේම මාපියන්ටත්  පහේ ශිෂ්‍යත්ව විභාගය විශාල බරක් යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (19)

පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න

primeshika Tuesday, 05 December 2023 03:20 PM

එතකොට ඔයාලාගේ දරුවන්ව විතරක් රෝයල්, විශාඛා වගේ ජනප්‍රිය පාසල්වලට දාගන්න පුළුවන්නේ...!

:       0       2

ගොබ්බයා Tuesday, 05 December 2023 03:49 PM

ඔයාද, ඔයා තමයි දවසකට හරි අපේ ජනාධිපති මාමා. ඔයාගේ කාලෙදී ඒකවත් කරගන්න බැරිවුණා නම් ඔයා තව මොනවද කළේ කියලා දැන් තේරෙනවා නේද අංකල්..?

:       0       0

කමල Tuesday, 05 December 2023 03:53 PM

ඉස්සර වෙලා කෝටා ක්‍රමයට ළමයි ගන්න එක නවත්වලා පදිංචියට විතරක් ළමයි ඉස්කෝල වලට ගන්න එක කරන්න. ඊට පස්සේ ඕක පුළුවන්...!

:       0       0

beau Tuesday, 05 December 2023 04:19 PM

මෙයා දන්න දෙයක් නැහැ. 1956 වසරේ මමත් පහේ ශිෂ්‍යත්වය පාස්කළා. නැතිනම් මටත් අධ්‍යාපන වියදම අමාරු වෙනවා.

:       0       2

abaran Tuesday, 05 December 2023 04:20 PM

අනේ ගමරාල ඔහේ ජනාධිපති වෙලා හිටපු කාලේ අඩුම තරමින් පත්තරෙන්වත් දැක්කේ නැතිද මෙහෙම විභාගයක් අපේ රටේ තියෙනවා කියලා...!

:       0       1

ආරියදාස Tuesday, 05 December 2023 04:40 PM

ඔබතුමා කුඩා කාලයේ තිබුණා නේද? පහේ ශිෂ්‍යත්ව විභාගය හා අටේ ශිෂ්‍යත්ව විභාගයක්. පස්සෙ පස්සේ අටේ විභාගය අවලංගු කළා... අන්තිමට පහේ විභාගය විතරක් වුණා... ඔය විභාගය අහෝසි කරනවා නම් උසස් යැයි සම්මතයේ තියෙන පාසල්වල ප්‍රාථමික අංශය අහෝසි කරන්නම ඕනෑ... නැත්නම් සාධාරණයක් වෙන්නේම නැහැ. කොටින්ම කිව්වොත් ශිෂ්‍යත්ව නැත්නම් කොළඹට කිරි, ගමට (තිත්ත) කැකිරි තමයි ඉතුරු වෙන්නේ...

:       0       1

chandana Tuesday, 05 December 2023 05:20 PM

මෙතුමාව පරාද කරපු එකම තමයි හොඳ... ඉගෙනීමේ අගයක් දන්නේ නැති මිනිස්සු. දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය ඔය තත්වයට ඇවිත් තියෙන්නේ ඒ රටවලට සියළු දරුවන්ට සමාන පහසුකම් තියෙන අධ්‍යාපනයක් දෙන්න තරම් සල්ලි තියෙන නිසා. ඒත් අපේ ගොන්නු රට දියුණු කරලා අධ්‍යාපන පහසුකම් දෙන්න කලින් ශිෂ්‍යත්වය කැන්සල් කරන්නයි උත්සාහ කරන්නේ. ශිෂ්‍යත්වය කැන්සල් වෙයි. අධ්‍යාපන පහසුකම් සමානව දෙන එක කල්දායි. ශිෂ්‍යත්වය සමත් වෙච්චි අය තමයි ඒකෙ අගය දන්නේ... ෆේල් වෙච්චි අය ඇඬුවාට කරන්න දෙයක් නැහැ. දෙමව්පියෝ මැරුණාමත් දරුවෝ අඬනවා. ඒත් කාලයත් එක්ක ඒ දුක නැතිවෙලා යනවා.

:       0       3

මහජනයා Tuesday, 05 December 2023 05:43 PM

මොවුන්ගේ කුබුරු වල වැඩට මිනිසුන් අඩු ඇති එකයි මේ සත්ව කරුණාව.

:       0       3

s.asusantha Tuesday, 05 December 2023 06:44 PM

පැන්ෂන් යන්න ඕන එවුන් ලෝබකමට බලයේ ඉන්නකොට ඔය වගේ මොංගල් කතා කියනවා ..

:       0       3

jaya Tuesday, 05 December 2023 06:46 PM

ඔව් ඔව් ඉතින් ශිෂ්‍යත්වේ නැති කලාම වාසි ගොඩයි නේ. තමුන්ට කැමති ළමයි ලක්ෂ 10-20 අරන් පහසුකම් වැඩිම, ජනප්‍රියම පාසල් වලට දාන්න පුළුවන් නේ. පාර්ලිමේන්තුවේ ඉන්න, අධ්‍යාපනේ ඉන්න කවුද ඔව්වට අකමැති ? අනේ අපේ රටේ හරක් ටිකත් මේකට හොඳයි කියයි.

:       0       2

Lalla Tuesday, 05 December 2023 07:17 PM

ඉස්සර තිබුන වගේ හත වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වන්න. නවය වසරට ජනප්‍රිය පාසල්වලට දමන්න.

:       0       0

දිනේෂ් Tuesday, 05 December 2023 07:34 PM

එතකොට ගමේ ළමයෙක්ට ලොකු ඉස්කෝලෙකට යන්නම ඕනේ නැද්ද? දෙෂපුලුවෝ සහ එයාලගේ හොර රැළගේ ළමයි විතරද ලොකු ඉස්කෝලවලට යන්න ඕනෙ

:       0       6

V.G.Gamini ArunaKumara Tuesday, 05 December 2023 09:25 PM

5 ශිෂ්‍යත්වය අහෝසි කළ යුතුයි .ඒ විභාගය දරුවන්ගේ පොඋරුෂ වර්ධනයට බාදාවක්.දරුවන්ගේ කලාත්මක හැකියා ,නනිර්මාණාත්මක කුසලතා ,තාක්ෂණික කුසලතා සම්බන්ධ විභවතා මතු වීමට බාදාවක් වෙනවා .ඒක රටේ සංවර්ධනය ට බාදාවක්.ඵලදායී මානව සම්පත් ගොඩනැගීම ට බාදාවක්.දෙමාපියන් ,ගුරුවරුන් දරුවන් විභාගයට සූදානම් කරවීමට 1 ශ්‍රේණියේ සිටම කරන බලපෑම ,ළමා කාලය අහිමි කරන ළමා හිංසනයක්.දැන් ලංකාවේ පාසල් හිඟයක් නැත.දියුණු ,සන්නිවේදනය තාක්ෂණය භභාවිතයෙන් ඉගෙන ගන්නා රටක් බැවින් ලංකාවට දැන් ජනප්‍රිය පාසල් සංකල්පය අවශ්‍ය නැත.O/L විභාගය ,A/L විභාගය ඉහළින් සමත් වන දරුවන් බොහෝවිට ,ශිෂ්‍යත්වය සමත් වී ජනප්‍රිය පාසල් වලට පැමිණි අය වන්නෙ නැත.මේක මුළාවකි.ශිෂ්‍යත්වය විභාග ප්‍රතිඵල සහ දරුවාගේ උසස් අධ්‍යාපනය අතර කිසිඳු සමසම්බන්ධතාවක් නැත.දරුවා යොවුන් වියට පැමිණීමත් සමඟ දරුවාගේ ළැදියාවන් ,කුසලතාවන් පදනම් කරගත් ක්‍රියාකාරකම් ඔස්සේ ආතති කලමණාකරනය කරගැනීමට මඟ පෑදෙන අධ්‍යාපනයක් ලැබීමට දරුවාට අයිතියක් ඇත.දෙමාපියන්ගෙ, බලපෑම් ,පෙළඹවීම් මත උසස් අධ්‍යාපනයට විෂය ධාරාව තෝරා ගන්නා යුගය අවසන් කරන්න නම් හැරවුම් ලක්ෂය 5 ශිෂ්‍යත්වය විභාගය අහෝසි කිරීමයි

:       2       0

V.G.Gamini Aruna Kumara Tuesday, 05 December 2023 09:27 PM

අහෝසි කරන්න

:       2       0

චන්දන Tuesday, 05 December 2023 09:36 PM

තමුන් ජනාධිපති වෙලා හිටියෙ ලංකාවෙ නෙවෙයිද? මේකට නම් පිස්සු. නැත්නම් ඩිමෙන්ෂියා.

:       0       2

chandima Wednesday, 06 December 2023 01:38 AM

ඒ මොකද ඔබතුමාත් ශිෂ්‍යත්වේ ෆේල්ද ?එහම් නැතිනම් මුනුබුරාලා ෆේල්ද ?

:       0       2

I.Rodrigo Wednesday, 06 December 2023 06:25 AM

ඔහු සාමාන්‍ය පෙළට පසු පොළොන්නරුවේ සිරිමාවෝගේ නිවසේ ගෘහ සේවිකාවක් වූ අතර මවට සහ දියණියට අවශ්‍ය සියලුම දේ කළේය.

:       0       2

M. SAMAN PERERA Wednesday, 06 December 2023 10:56 AM

තමුන්ගේ ජනාධිපතු ධූර කාලයේදී කරන්නේ නැතුව දැන් පිස්සු කියවනවා

:       0       4

Sathya Wednesday, 06 December 2023 12:35 PM

ඔව්. දුප්පත් පවුලක ළමයෙක්ට පහසුකම් තියෙන පාසලකට යන්න තියෙන එකම අවස්ථාවත් කප්පාදු කරලා, හෙන්චයියන්ගේ ළමයි ටිකයි පගාව දෙන සෙට් එකයි යවමු පහසුකම් තියෙන පාසල් ටිකට. හාමුලාට කඔුරන්න අතවැසියෝත් ඉන්න ඕනෑ ඇතිනේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 50 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 27 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 93 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


රාගමදී දුම්රියක් නවතී: මගීහු අපහසුතාවට
2024 ඔක්තෝබර් මස 08 474 0

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.


තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 173 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 1081 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39383 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25672 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1140 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 392 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site