IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පිළිකා රෝගීන් වෙනුවෙන් වරලස දන්දෙති

 

 

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
 
මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රොගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හිසකෙස් සහ ලේ දන්දීමේත් ශරීර අවයව දන්දීමට පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේත් වැඩසටහනක් බළන්ගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.
 
බාලිකා බාලදක්‍ෂිකාවෝ, ආදිශිෂ්‍යාවෝ ඇතුලු වැඩිහිටි කාන්තාවෝ 600ක් පමණ පිරිසක් මෙහිදී සිය හිසකෙස් දන්දුන්හ.
 
රත්නපුර දිසා බාලදක්‍ෂ කොමසාරිස් එම්. කේ. සිරිවර්ධන මහතා ප්‍රමුඛ නියෝජ්‍ය සහ සහකාර බාලදක්‍ෂ දිසා කොමසාරිස්වරු ඇතුලු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
 
ශාන්ත ඇග්නස් බාලිකා බාලදක්‍ෂ සමූහය සහ ආදි ශිෂ්‍යා සංගමය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.



අදහස් (14)

පිළිකා රෝගීන් වෙනුවෙන් වරලස දන්දෙති

Mohan Wednesday, 23 January 2019 09:10 AM

ඔබ සියලුදෙනාටම පින්

:       1       156

Raveendra Wednesday, 23 January 2019 09:21 AM

බොහොම පිං ලැබෙන සත් ක්‍රියාවක්. සහභාගිවු සියල්ලෝටම තම තමන්ගේ ප්‍රාර්ථනාවන් සපලවේවා!

:       0       165

ravi Wednesday, 23 January 2019 09:38 AM

ඇත්තටම මොනවටද මේ විකාර ..? යම්කිසි යහපතක් සිද්ද වෙන අර්ථවත් දෙයක් ගැන කතාකරමුද ?

:       341       87

Sanath Kandy Wednesday, 23 January 2019 10:14 AM

නිකන් රැල්ලට කරන කිසි තේරුමක් නැති වැඩක්. මේ අසරණ රෝගීන්ට පෝෂ්‍යදායක ආහාර වේලක් දුන්නානම් මිට වඩා වටිනවා.

:       133       114

kasuri Wednesday, 23 January 2019 10:51 AM

සැමට යහපතක් වේවා

:       0       20

Raveendra Wednesday, 23 January 2019 11:52 AM

රවී මයා වෙත, දුන් දේ සුවදයි කෑ දෙය ගදයි යන්න සිහිගන්වමින් අප ඔබගේ අදහස් පිලිබදව අවංකවම කණගාටු වන්නෙමු. මෙම පිරිස තමන්ගේ කේශ දන්දෙන්නේ කුමකටද යන්න ඔබ විසින්ම අවංකව සොයා බැලුවොත් ඔබටම ඔබ පිලිබදව දුකක් කණගාටුවක් ඇතිවේ යයි අප විස්වාස කරන්නෙමු. උත්සහ කරන්න ඇයි මෙසේ කෙස් දැන් දෙන්නේ යන්න සොයා බැලීමට. ඔබට යතාර්ථය දැකීමට හැකිවේවා !!!

:       0       115

raviWednesday, 23 January 2019 01:05 PM

විසි එක්වෙනි ශතවර්ෂයේ වුනත් ඔයාලා තාම ජීවත්වෙන්නේ මිත්‍යාවෙන් සහ හණමිටි අදහස්වලින් පිරුණු සමාජයක. ඔය වගේ බොරු වැඩ නැති සමාජයකට කියන්නේ දියුණු සමාජයක් කියල .

:       449       3

SamWednesday, 23 January 2019 11:39 PM

ඔබ මෙය "බොරු වැඩ නැති සමාජයක" ලක්ෂණයක් ලෙස හැදින්වීම කණගාටුයි. බටහිර රටවල් පිළිකා රෝගීන් සඳහා මෙවැනි නොයෙකුත් වැඩ කරනවා.

:       0       88

RaveendraThursday, 24 January 2019 07:08 AM

ravi මය ඔබට හැකිනම් wasana මහත්මියගේ අදහස් කියවබලා යතාර්ථය සහ "බොරු වැඩ නැති සමාජයක් " නමැත්ත ද තේරුම් ගැනීමට උත්සහ කරන්න

:       0       3

RaveendraWednesday, 23 January 2019 01:27 PM

රවී මයා වෙත, මොන දෙයකින් දියුණු වුනත් හිත දියුණු නැති මිනිසුන් ඉන්න සමාජයක් කෙසේ දියුණු සමාජයක් වන්නේද? කෙසේ වෙතත් ඔබ sandy123 මගේ අදහස් කියවා යතාර්ථය තේරුම් ගන්න උත්සහ කරන්න ඔබට ඔබ පතනා "බොරු වැඩ නැති සමාජයක් " ඉක්මනින්ම ලැබේවා අප ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබට ජය !!!

:       0       78

sandy123 Wednesday, 23 January 2019 12:48 PM

බොහොම පින් අතේ වැඩක්. පිළිකා රෝගීන්ගේ මානසික මට්ටම ගැන කියන්න මම තරම් කෙනෙක් නැතුව ඇති. දැනටමත් මගේ සහෝදරියෝ, සහෝදරයෝ සහ සහෝදරියකගේ දරුවන් දෙදෙනෙක් මිය ගියා මේ පිළිකා රෝගය නිසා.

:       0       91

RaveendraWednesday, 23 January 2019 01:09 PM

sandy123 මයා වෙත අප අවංකවම ඔබගේ ඥාතීන් පිලිබදව කනගාටු වන්නෙමු.

:       0       50

wasana Thursday, 24 January 2019 04:59 AM

හිසකෙස් යන එක පිළීක රෝගියෙක්ට මානසිකව ලොකු පීඩනයක් ගෙනදෙනවා. පිලික රෝගියෙක්ට දෙන්න පුළුවන් හොඳම දැ මානසිකව වැටෙන්න නොදී බලාගන්න එක , මේ වගේ දේවල් කරන එක රෝගියාට ලොකු ශක්තියක් , මානසිකව ශක්තිමත් වෙන එක ඒ අයගේ සුවයට ගොඩක් බලපානවා .වෙන රටවල අය තමන්ගේ රෝගීන්ගේ කොන්ඩේ ගිහිල්ල තට්ටය පැදෙනකොට යහළුවෝ පවුලේ අය තව ඇතුළුව තමනුත් කොන්ඩේ තට්ටේ ගානවා. මගේ අක්ක වෙන කෙනෙක් හිටියා එයාගේ කොන්ඩේ ගැලවී යනකොට පුදුම විදිහට මානසිකව වැටුන එයා ලස්සනට ඉන්න අසා කෙනෙක් . මේ තත්වයට මුණ දුන්න අය විතරෛ ඒ ගැන දැනෙන්නේ . මිනිස්සු මීට වඩා අනෙක් අය ගැන සංවේදී වෙන්න ඕන රොබෝ ල වගේ ජීවත් වෙන අයට ඒ දුක දැන්නෙන්නේ නැහැ . ගොඩක් අය සල්ලිවිසිකරලා කරන දේවල් කරනවා හැබය් අනෙක් කෙනා වෙනුවෙන් වැයවෙන්න කැමති නැහැ. තමන්ගේ කොන්ඩේ ගැහැණු ළමයෙක් කපල දන් දෙන්න පුළුවන් එක ලොකු දෙයක් මොකද ගැහැණු ළමයෙක්ට තියෙන වටිනාම දෙයක් තමන්ගේ කොන්ඩේ , මේවා මහලොකු දාර්ශනිකයන්ට තේරෙන්නේ නැහැ .

:       0       199

GNGA Thursday, 24 January 2019 08:22 AM

මේවට විරුධව කතා කරන්නේ ආත්මාර්ථකාමී කුහකයින් කෙනෙකුගේ දුක නොදන්නා මිනිස්සු

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 287 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5362 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 895 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4311 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3872 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2503 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16909 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site