IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පළාත් ආණ්ඩු නවයටත් වගකීම් දෙනවා

(අංජුල මහික වීරරත්න)

ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පළාත් ආණ්ඩු 9ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලු දෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවද ජනාධිපතිවරයා කීය. 

ජනාධිපතිවරයා මේ බව කීවෙි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු  මහජන නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක ටී. එම්. ආර්. සිරිපාල මහතා ඇතුළු පළාත් සභාවල හිටපු  මහජන නියෝජිතයන්  116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ නැඟී එන ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම කඩ කළ නොහැකි බවත් මැතිවරණ පැවැත්වුණද එම වැඩකටයුතු වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඉරානය, මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම් වලක්වා ගැනීමට ගත යුතු පියවර දැන් සිටම ගැනීමට රජය කටයුතු කරන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මා වෙනුවෙන් කථා කළ සහ මට සහයෝගය ලබාදීමට මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුදෙනාට මාගේ ස්තූතිය පිරිනමනවා. අපි සියලු දෙනා එකට එකතු වුණේ 2022 ජූලි මාසයේදීයි. අපි සියලුදෙනාගේ නිවාස එදා අහිමි වුණා. රටට අනාගතයක් නැහැ කියලා එදා ජනතාව සිතුවා. රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. මේ ආණ්ඩුව බාරගත්තේ ඇයි කියලා ඇතැම් අය මගෙන් ඇහුවා. මම කිව්වා මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබෙනවා කියලා. පොහොට්ටුවේ අයට මොකක්ද ඒ ගැන තිබෙන පළපුරුද්ද කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. ඉන්න පිරිස සමඟ වැඩ කරනවා මිස අලුතෙන් පිරිස මවන්න නොහැකි බැවින් අපි මේ ගමන ඉදිරියට යමු කියා මම කිව්වා. දැන් ඒ අය කියනවා ඔයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා. 

ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින් අප සියලුදෙනා එකතුවෙලා පළමුව මේ රට තුළ ස්ථාවරභාවයක් ඇති කළා. එදා මේ රටේ විශාල බියක් ඇති වී තිබුණා. මන්ත්‍රීවරු මහ මග ඝාතනය කරනවා නම් රටේ තත්ත්වය මොකක්ද, අපි පසු කළේ එවන් තත්ත්වයක්. අපි දැන් රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙනවිත් බංකොලොත් භාවයෙන් ද නිදහස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. අපට මෙතැනින් මෙම කටයුතු අවසන් කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව අප කටයුතු කළයුතුයි. එය කඩ කළොත් අපි නැවත අගාධයකට වැටෙනවා. 

ඔවුන් අපට මුදල් ලබා දෙන්නේ කොන්දේසි මතයි. අපි ඊට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියට යා යුතුයි. අපට දැන් මුදල් තිබෙන්නේ දෙසැම්බර් මාසය වන තෙක් පමණයි. ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනිත් ගිවිසුම අත්සන් තැබිය යුතුයි. එවිට අපට ජනවාරි පෙබරවාරි වන විට මුදල් ලැබෙනවා. 

නමුත් අපි මේවා අලුතින් සාකච්ඡා කරන්න ගියොත් කොච්චර කාලයක් ගත වෙනවද? එවිට මෙය අවසන් කිරීමට වසරක් පමණ ගත වෙනවා. අපිට මුදල් නැතිව ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මුදල් ලබාගෙන ඉදිරියට යනවද, නැද්ද, කියා අප තීරණය කළ යුතුයි. 

ඒ වගේම අපි මේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසදිය යුතුයි. ඔවුන්ට රැකියා ලබා දිය යුතුයි. ඒ වගේම දුප්පත්කම නැති කළ යුතුයි, රට දියුණු කළ යුතුයි. එම කටයුතු වෙනුවෙන් මම ආණ්ඩු 10ක් හදනවා. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව යටතේ එම කටයුතු ඉදිරියට ගෙන යනවා. එහිදී සියලුදෙනාට වගකීම් පැවරෙනවා. 

ජනාධිපතිවරණයට මම ස්වාධීනව ඉදිරිපත් වුණේ මේ රට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු නිසයි. පක්ෂග්‍රාහී නොවී අලුත් විය යුතු නිසයි. අපි ඒ ගමන යමු. ඒ නිසා අපි සියලුදෙනා එක්වී ඉදිරියට යමු. 

2022 වසරේ මට සහාය ලබාදීමට පොහොට්ටුවේ බහුතරයක් තීරණය කළා. ඔවුන් එය සිදු නොකළා නම් අද රටේ මේ තත්ත්වය නැහැ. ඒ නිසා විශේෂයෙන් එම තීරණය ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම ස්තූති කරනවා. එය රට බේරගත් තීන්දුවක්. අපි දැන් ඉදිරියට යමු. පක්ෂ කැඩීමට අවශ්‍ය නැහැ. අපි ඒවා හැකිතරම් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන. 

අද ලෝකයේ ප්‍රශ්න තිබෙනවා. අද අළුයම ටෙහෙරාන් නගරයේදී හමාස් සංවිධානයේ නායකයාව ඝාතනය කළා. එම ක්‍රියාව මම හෙළා දකිනවා. එය වැරදියි. ගාසා යුද්ධයේ විසඳුමකට පැමිණිය යුතුව තිබුණා. එවන් අවස්ථාවක මෙම ක්‍රියාව නිසා නැවත මැද පෙරදිග රටවල ප්‍රශ්න උග්‍ර වෙනවා. ඒ නිසා ඊට මම එකඟ වෙන්නේ නැහැ. රටක් සහ රාජ්‍යයක් ලෙස ජීවත්වීමේ අයිතිය සෑම විටම අපි ආරක්ෂා කළ යුතුයි. 

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනවා. 1988 ක්‍රමයට එම මැතිවරණය පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. මම එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග මේ පිළිබඳ කථා කළා. ඔහුත් ඊට එකඟයි. එම මැතිවරණයේ දී කාන්තා සහ තරුණ නියෝජනය වැඩි කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන මීට තරග කර පළාත් සභාවටද ඒමට හැකි වෙනවා.  අපි සියලුදෙනා ආණ්ඩුවක් විදියට කටයුතු කළයුතුයි. 

ජනාධිපති, අගමැති ඇතුළු මේ  9 දෙනා සමග ආණ්ඩුව යටතේ ප්‍රධාන මූල්‍ය ඇමතිවරුන්ගේ කමිටුවක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සභාවක් අපි යෝජනා කරනවා. ජනාධිපති, අගමැති, පක්ෂ නායකයන් සහ මහඇමතිවරුන් ඊට ඇතුළත් වෙනවා. 2017 වසරේ පළාත් 7ක මහ ඇමතිවරු ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ලබා දුන් වාර්තාවේ යෝජනා අනුව වැඩකටයුතු කරනවා. ද්‍රවිඩ පක්ෂ ඊට එකඟත්වය පළ කර තිබෙනවා. එහිදී අපි දැනුම් දීලා තිබෙනවා පොලිස් බලතල ගැන පසුව කථා කළ හැකියි, අනෙක් කටයුතු වෙනුවෙන් දැන් අපි ක්‍රියාත්මක වෙමු කියලා. අපිට විශාල වැඩකොටසක් තිබෙනවා කෘෂි නවීකරණය වගේම, පාසල් අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරයේ වගකීම් පළාත් සභාවලට දිය යුතුයි. මේ ආණ්ඩු 10න් මේ රට ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අප සූදානම් වෙමු.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා,රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ජානක වක්කුඹුර,පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහත්වරු ද අදහස් දැක්වූහ.

රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා, මධුර විතානගේ, බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය, උතුර මැද හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත්, නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

    

 



අදහස් (15)

පළාත් ආණ්ඩු නවයටත් වගකීම් දෙනවා

රංබොඩ Thursday, 01 August 2024 11:27 AM

ඔය එන්නෙ නයා එළියට. කොටින්වයි එළුවන්වයි හුරතල් කරලා පළාත්වලට බලතල දීලා රට බෙදලා , තමන් ජොලියෙ මැරිලා යන්න. ජනතාව ඉන්නවනෙ ප්‍රශ්න වලට කරගහන්න

:       8       33

samanThursday, 01 August 2024 01:02 PM

රංබොඩ ඔයා හරි. ලංකාවේ ගොඩක් අය මෝඩයි.අරගලයක් ඇතිකරල දේශද්‍රෝහියෙක් බලයට ගේනවා. රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙනකොට මෙයා සුපර් මෑන් කෙනෙක් වගේ පේනවා.ඊලග පාර මෙයා ජනතා කැමැත්තෙන් ජනපති වෙනවා. නිකම්ම ඊළම හම්බ වෙනවා.

:       7       18

saman Thursday, 01 August 2024 11:33 AM

කලින් දෙන්න බැරි උණු ඊලම මේ පාර හරි දෙන්න බලන්න

:       8       25

සුනිල් Thursday, 01 August 2024 11:42 AM

ඒකට ඉතින් පළාත් සභා ඡන්දේ තියන්න එපැයි. ඡන්දේ නැති කරපු එකාම කියනවා බලතල දෙනවලු

:       6       22

සෙනෙවිරත්න Thursday, 01 August 2024 11:53 AM

රෙදි නැතුව උනත් පාරෙ යන්න පුලුවන් මට්ටමේ අය තමයි ඔය පොහොට්ටුවෙන් ගිය සෙට් එක.හිරේ යන්න වෙනවට වඩා පාරෙ ඇඳුම් නැතිව යන එක සැප ඇති.

:       5       24

සෙනෙවිරත්න Thursday, 01 August 2024 11:55 AM

රනිල් බැංකු හොරා කියපු එක තවමත් වලංගුද?

:       5       19

සෙනෙවිරත්න Thursday, 01 August 2024 11:57 AM

මහින්ද ඩලස් වවෙනුවට රනිල් තෝරගෙන කරගනිපු හානිය, අමතක නොවේවි. හැබැයි රනිල් වෙනුවට ඩලස් හිටියත් වෙනසක් නොවේවි.

:       5       12

Ruwan R Thursday, 01 August 2024 12:27 PM

එක ආණ්ඩුවක් නඩත්තු කරනන්න ගිහින් මහ ජනයා මේ තරම් හාන්සියි. ආණ්ඩු 10ක් කරන්න කතා ... මුන්ට අමාරුවක් නෑනේ. බදු ගහන්නේ අපිටනේ.

:       6       19

Third Eye Thursday, 01 August 2024 12:45 PM

වයසටම මොලේ කචල්. පන්දම් කාරයෝ සනසන්න ගිහින් ඇත්තම කියැවෙලා. අපි කරපු කරපු ලබ්බක් නෑ. IMF ඒක කියන පදේට නැටුවා විතරයි. උන් ඒව්වේ නැත්නම් දෙසැම්බර් වලින් පස්සෙ ආයෙත් කෙලවෙනවා. මට ඡන්ද ටික අරන් දීපල්ලා. ආණ්ඩු 10ක් දාල හරි උඹලගේ කොටහ උඹලට දෙන්නං. IMF රට පාලනය කොරයි. රටේ මින්ස්සු බර අදියි. අපිට පච කෙල කෙල චූන් ඒකේ ඉන්න පුලුවන්. ජනාධිපති වරණයක් මොකටද? මේ මිනිහා කියන විදිහට රටට ජනාධිපති කෙනෙක් ඕනේ නැහැනේ.

:       4       15

sukitha Thursday, 01 August 2024 01:04 PM

නැගෙනහිර සංචාරක කර්මාන්තය (මුහුදු තිරයෙන් 1/3 ) නැගෙනහිර පළාත් සභාවට. වගාකළ හැකි තැනිතලා ඉඩම් ඇත්තේ නැගෙනහිර. එක අතකින් අපේ බැරිකමට ඔවුන් පලි නැහැ

:       3       5

nirmala Thursday, 01 August 2024 01:06 PM

ස්වාභාවිකවම දුර්වල ජාතියක් වන සිංහල ජාතියට රැකවරණයක් නැතිද?

:       3       8

අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 01:28 PM

මනුස්සයෙක් වෙලා ඉපදුනොත් ඊළග ආත්මයේදීවත් ට්‍රයි කරලා බලන්න ලොක්කා, මේ ආත්මයේදී නම් බැරි වෙනවා සිකුරයි !

:       4       11

ජයනාත් Thursday, 01 August 2024 02:10 PM

ඔය කතාව අපි දන්නවා. මෙයා ස්ථිරවම රට බෙදනවා. ඒක නිසා සියල්ලෝම අවධානයෙන් .

:       2       18

Chaminda Friday, 02 August 2024 07:14 AM

සුද්දා පළාත් බෙදීම කලේ කිසිම ක්‍රමයක් බවක් ඇතුව නොවෙයි කියලා පේනවා ඒඒනිසා යමක් කරන්න ඉස්සර වෙලා ක්‍රමයක් ආකාරයට පළාත් සීමා මායිම් වෙන්කර පළාත් ඇතිකල යුතුය. උදාහරණයක් හැටියට සබරගමුව ගතහොත් පහල කකඩුගන්නාව සිට හම්බන්තොට බරව කුඹුක ආසන්න වෙනතුරුම සබරගමුව පළාත පිහිටුවා තියෙනවා එක් කෙලවරක සිට අනෙක් කෙලවරට යන්න පැය පහකට වඩා ගතවෙනවා. ඒත් කොළඹ සිට ඌව පළාතේ බදුල්ලට යන්න කොළඹ සිට ගතවෙන කාලය ඊට අඩුයි කියලා පේනවා මේ නිසා සමහර පළාත් වලට බලවත් අසාධාරණයක් වෙද්දී සමහර පළාත් සියලු සම්පත් ලබා ගන්නවා තවත් උදාහරණයක් හැටියට මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් කොළඹ කලුතර දිස්ත්‍රික්කවලත් ජනතාව සබරගමුවේ සම්පත් භුක්ති විදින තත්වයක් තියෙනවා තවත් උදාහරණයක් හැටියට එක් අවස්ථාවක පළාත් සෞඛ්‍ය ඇමති ලලිත් කෑගල්ලේ ඔහුගේ ආසනයේ සියලු තරුණ පිරිසට රත්නපුර දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර රැකියා දුන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ පිරිස් නැහැ කියලා හිතාගෙන වගේමයි ඒ නිසා ක්‍රමවත් පිළිවෙළකට පළාත් වෙන්කිරීම හා බලතල වෙන් නොකර පළාත් සභා බලගැන්වීම සුදුසු නැහැ කියලා කියන්නම ඕනෑ.

:       1       0

SamanSaturday, 03 August 2024 05:01 PM

මේවා බලගන්වන්න නොවේ තිබෙන්නේ... අහෝසි කරන්න. ඉන්දියාවෙන් බලෙන් අටවපු සුදු අලියෙක්නේ මේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 84 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 96 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1564 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1313 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31653 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23785 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site