අජන්ත කුමාර අගලකඩ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ,හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවඑක් එක්ව එක් සන්ධානයක් ද,ජාතික ජන බලවේගය වෙනම ද මැතිවරණ බිමට පිවිසීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මැතිවරණයට මුහුණදීම සඳහ මේ වන විට මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේ.
මේ අතර ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,උත්තර සභාගය හා නිදහස ජනතා සභාව එක්ව නව සන්ධානයක් යටතේ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
උත්තර සභාගයේ විධායක සභාව ඉකුත් සතියේදී කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වී ඇති අතර,නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්රීලනිපය හා ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එතෙක් එම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ද දිගටම කරගෙන යාමට ඔවුන් තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය
මේ අතර, නිදහස ජනතා සභාවේ ප්‍රකාශකයකු සදහන් කළේ,පළාත් පාලන මැතිවරණයට පුළුල් සන්ධානයකින් තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තරය සභාගය සමඟ සාකච්ඡා කරගෙන යන බවය.
අලුතින් ම පිහිටුවන සන්ධානයක් ලෙස මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.
මේ අතර ,ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් වියත් පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් ද අලුතින් ලියා පදිංචි කරනු ලැබ ඇති අතර ,අපේක්ෂක lලැයිස්තු සකස් කිරීම ද කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් සතියේ සඳහන් කළේ,මැතිවරණය සඳහා අලුත් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරගෙන යන බවය.
මේ අතර ,පළාත් පාලන මැතිවරණය සඳහානාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බවමැතිවරණ කොමිෂන් කමිෂන් සභාව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.
එසේ වුවහොත් මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බව දැනගන්නට තිබේ. පළාත් පාලන පනත අනුව,පළාත් පාලන ආයතන,ලබන මාර්තු මස 20 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතුව ඇත .
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් ඡන්දයට සන්ධාන තුනක් තරඟ බිමට
Sanath Kandy Saturday, 17 December 2022 10:13 AM
ජාතික ජන බලවේගය ඉදිරියෙන්... ජනතාව වෙනසකට සූදානම්.
BamunuaracchiSaturday, 17 December 2022 07:33 PM
ජෙප්පෝ හරියන්නේ නැහැ.පොහොට්ටුවට තමයි ජය ලැබෙන්නේ හලෝ.
VajiraSaturday, 17 December 2022 10:33 PM
පොහොට්ටුව ඉල්ලන්නේ අලි වලිගේ එල්ලිලා. ආයේ කවදාවත් පොහොට්ටුවට චන්දයක් දින්නන්න පුළුවන් කමක් නෑ.
චමින්ද Sunday, 18 December 2022 06:00 AM
පොහොට්ටුව දිනන්නෙ හීනෙන් තමයි බමුණු එහෙම කියන්නෙ සජබ ගැන කිසිවක් මෙහි නැතිනිසා වෙන්න ඇති හැබැයි බමුණු කියපුදේ සිදු වුනොත් ප්රභාකරන් කියපුදේ සත්‍ය වෙනවා
mpSunday, 18 December 2022 09:52 AM
මිනිස්සු මීහරක් නම් පමණක්. හොඳේ.
A Saturday, 17 December 2022 01:00 PM
සමගි ජන බලවේගය නැද්ද එතකොට...?
Surain Saturday, 17 December 2022 01:39 PM
සමගි ජනබලවේගය වෙනම එනඑක හොඳයි... හොරු ගාව ගන්නේ නැතිව...
රන්ජන් Saturday, 17 December 2022 03:38 PM
සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය කියන්නේ එකම පක්ෂේට කියන නම් දෙකක් විතරයි මල්ලි...
NissanakSaturday, 17 December 2022 03:45 PM
වෙන හොරු මොකටද? ඉන්න හොරු ටික මදෑ....
ලුම්බිණි Saturday, 17 December 2022 02:18 PM
අන්තිමට අරුනුත් මුනුත් එකට එකතු වෙලා රටේ ඉතුරු ටිකත් කන්නයි යන්නේ...
Bishan Saturday, 17 December 2022 03:20 PM
ජයග්‍රාහී පිළිවෙල 01. සමගි ජන බලවේගය 02.ජාතික ජන බලවේගය 03. ටෝයියෝ / බයියෝ සංධානය 04. මහින්දගෙන් පැනලා ගිය මැක්කෝ ටික
KumaraSaturday, 17 December 2022 04:16 PM
සජබ ඡන්ද ගොඩක් ආපහු එජාපෙට යනවා. ජාතික ජන බලවේගය එකට එනවා.
NamalSunday, 18 December 2022 07:17 AM
සජබ ඡන්ද ආපහු එජාපෙට යන එක තමා ජෙවීපී බලාපොරොත්තුව. මොකද රනිල් මැතිඳු බලයේ දිගටම ඉන්නවට ඔවුන් කැමතියි. ඩීල් ගැන දන්නෝ දනිති.
Lal Saturday, 17 December 2022 03:57 PM
මේ මොහොතේ ඡන්දයක් අවශ්‍ය නැහැ.
Bandara Saturday, 17 December 2022 04:19 PM
අපි නම් කවදත් හොරු සහ හොරු සංධානයට... පොහොට්ටුවට සහ අලියාට ජයවේවා...!
Lal Saturday, 17 December 2022 08:06 PM
මේ වගේ පිස්සු රටක්.ණයට සල්ලි අරං ෙඡන්ද කරන.
අතුල Sunday, 18 December 2022 01:10 PM
නැහැ... රටේ මුළු ධනයම කාබසින්යා කලාට කමක් නැහැ ණයට අරගෙන .. රටේ පාලනය වෙනස් කරන්න සල්ලි ටිකක් ණයට අරගෙන හෝ තක්කඩි එලවා රට ගොඩ ගන්න ඕනෙ නැද්ද?
Bamunuarachchi Sunday, 18 December 2022 05:22 AM
බලයට එන්න මොවුන් සන්ධාන හදා ගනීවි බලය ලැබුනාට පසු එකෙනේකා කුලල් කාගන්නවා. ඊට පස්සේ තමයි මැටි ඇමතිලා බිහිවෙන්නේ.
Sk Sunday, 18 December 2022 06:00 AM
දැන් ජනතාව අතේ තමයි තිරනය.
Kamal Sunday, 18 December 2022 07:14 AM
ජෙප්පො ඇයි සිහින ලෝක වල ඉන්නෙ? ෆෙස්බුක් මැතිවරන වලින් ජෙප්පො දිනුවට ලංකාවෙ මිනිස්සු හදිසියෙ හොරු එපා කියන්න පටන් අරගෙන නෑ. හොරු කන්ඩායමක් තමා එකට එන්නෙ. ජෙප්පන්ට උපරිම ඡන්ද ලක්ෂ දහයක් ලැබෙයි,. ඒකත් විශ්වාස නෑ. එහෙම නොවුනොත් මේක ලංකාව නෙවේ.
sharm warnMonday, 19 December 2022 09:56 AM
ඔයා ගෙ වචන වලින් පෙන්නෙ ඔයටත් ඔන හොරු ටිකක් ආපහු රට කන එක. . එහෙම නේද? ඉතින් මෙ රට කවදාවත් ගොඩ එයි ද?
අතුල Sunday, 18 December 2022 01:12 PM
තොපි එනකම් තමයි ඉන්නෙ