IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ගෙදර යන්න කියයි

(අංජුල මහික වීරරත්න)

පළාත්  තුනක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබේ.
මෙි අනුව නැගෙනහිර, උතුර හා සබරගමුව  පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන්  ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාල  ප්‍රකාශකයා සඳහන් කළේය. 

අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරිමට නියමිතය



අදහස් (21)

පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ගෙදර යන්න කියයි

G. K. Ekanayake Friday, 05 May 2023 09:16 PM

ඉවත් වෙන්න කියල ජනාධිපති කාර්යාලයෙන් දන්වනකොට කොහොමද ගොනෝ ස්වේච්චාවෙන් ඉල්ලා අස්වීමක් වෙන්නෙ?

:       3       10

VIPULI Friday, 05 May 2023 09:28 PM

He wants to appoint his UNP goons for these positions, just like all others did in the past. Only in Sri Lanka "Corruption Breeds Corruption" theory can be validated with 100% agreement.

:       2       7

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Friday, 05 May 2023 09:50 PM

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට සභාපති සහ සාමාජිකයින් පත් කිරීමේදී පළාත් සභා පනත අනුව හැකි අවම සංඛ්‍යාවක් පත්කරන්න.දකුණු පළාත තුල එම සංඛ්‍යාව 07 කි.සභාපතිගේ මාසික නිත්‍ය දීමනාව 35000යි.වාහන දීමනාව 50000යි.ඉන්දන දීමනාව බොහෝ මාසවල 50000ට වැඩියි.සන්නිවේදන දීමනාව 13500 යි.සහභාගිත්ව දීමනාව 8000 යි.සභාපතිට ගෙවන මුලු මුදල මාසිකව ලක්ෂ එකහමාර පනිනවා.මොන අපරාධයක් ද මේ.වැඩ කරන්නේ සතියකට එක දිනයි.ඒ දිනයේදීත් පැය දෙකක් පමණයි.මා ඒ ස‍දහන් කලේ තොරතුරැ පනත යටතේ ගත්ත සංඛ්‍ය ලේකන.ඒ නිසා රට අරබුදකාරී අවස්ථාවක අවම සංඛ්‍යව්ක් පත් කරන්න.එමෙන්ම ආණ්ඩුකාරවරැ පත්කිරීමේදිත් නීතිය පිළිබ‍ද අවබෝධයක් තිබෙන අය පත් කිරීමට කටයුතු කරන්න.මම වගකීමක් ඇතිවයි මේ ලියන්නේ.මගේ විශාම යාමේ වයස ඉක්මවලත් අදටත් මට විශාම යාමට නොමැකිව ඇත්තේ දකුණු පළාත් සභාවතුල සේවය කරන බොහෝ නිලධාරීන් රටේ මූලික නීතිය පිළිබදව වත් අවබෝයක් නොමැති නිසා.ආණ්ඩුකාර ලේකම් තනතුරටද නිතිය පිළිබද අවබෝධයක් තියෙන කෙනෙක් පත් කරන්න.මොකද.ඒ අය අනුන් වෙනුවෙන් තින්දු තීරණ ගන්න අය.අද මම පීඩාවට පත්ව ඇත්තේ බලධරයින්ටනීතිය පිළිබ‍ද අවබෝදයක් නොමැති කම නිසා .

:       1       7

වික්‍රමරත්න බටගොඩSaturday, 06 May 2023 02:22 PM

නිලධාරින් හා සේවකයින් සම්බන්ධ කටයුතු කරන්න ඕනෑ ආයතන සංග්‍රහය අනුව මිස අධිකරණ නීතිය අනුව කියා කියන්න අමාරුයි. කොහොම වුණත් වර්තමානයේ බොහෝ නිලධාරින් මෙන්ම සේවකයින් ආයතන සංග්‍රහය හා එහි සංශෝධන වෙනුවෙන් නිකුත් කරන චක්‍රලේඛ ගැන කිසිම දැනුවත් බවක් නැහැ. ඒ වගේම ඉස්සර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ බිහිදොර මගින් එම චක්‍රලේඛ බලාගැනීම පහසු වුණත් වර්තමානයේ එය ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම වගේ ඉතාමත් අසීරු තත්වයට පත්කර තියෙනවා. ඒ සමගම කියන්න ඕන වර්තමානයේ කිසිම නිලධාරියෙක් තමන්ගේ පත්වීම් ලිපියේ තියෙන ආයතන සංග්‍රහය හා ඒවා සංශෝධනය කරන චක්‍රලේඛ සහ මුදල් රෙගුලාසි හා සංශෝධන කරන චක්‍රලේඛ හා වෙනත් අදාල කිසිම චක්‍රලේඛ ගැන කිසිම දැනුමක් වැඩිකර ගන්නේ නැහැ.... රාජකාරි කරන්නේ හරි හෝ වැරදි වේවා තමන්ට පෙර රාජකාරි කළ කෙනා රාජකාරි බාරදෙනවිට දුන් උපදෙස් අනුව තමයි මේ තත්වය පොලිසියේ හා කලාප අධ්‍යාපන කාර්‍යාලවල ඉහළින්ම තියෙනවා...

:       1       1

නිමල් සේදරSunday, 07 May 2023 07:05 AM

ජයවීර මහතානෙණි, එබ ගරු අධිකරණයට යන්න. ඔබට අධිකරණ තීන්දුවක් තියෙනවා නම් ඒ බව මෝසමක් මගින් ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න. දවසින් දෙකෙනේ ඔබේ වැඩය කෙරේවි. ඉහළම අධිකරණයේ නඩු දාන්න. කෝටි 5 ක විතර වන්දියක් ඉල්ලන්න. වන්දිය පිළිබඳ නඩුව ඇදුණත් ඔබේ අයිතිවාසිකම පිළිබඳ නඩු තින්දුවක් කියෙනවා නම්, ඒක දවසෙන් දෙකෙන් තීරණය කරනවා. ඇත්තටම ඔබේ කථාව සාධාරණයි. මම පුද්ගලිකව මේ ගැන දන්නවා. ඔබට කරන්නේ ඉතා බරපතල අසාධාරණයක් බව කවුරුත් පිළිගන්නවා. අපිටත් ඒක තේරෙනවා නම් ගරු විනිසුරුතුමන්ලාට නොතේරෙන්නේ නැහැ. ඔබට දවසින් දෙකෙන් ගැටළුව විසඳාදේවි. වැඩේ හමාර කරලා හිඟ වැටුපත් සියල්ලමත් ගෙවලා ගරු අධිකරණයට වාර්තා කරන්න කියලා දින කිහිපයක් දේවි. ඒකයි කළ යුත්තේ... ඔබට ජය...!!!

:       1       2

පතිරණවසම් - වලස්මුල්ලSunday, 07 May 2023 07:16 AM

ජයවීර මහතාණෙනි, මම ඔබගේ කථාව මුල සිට අගටත් අග සිට මුලටත් හොඳින්ම දන්නවා. ඔබට ඔය අපරාධය කළේ හිටපු අධ්‍යාපන ඇමැති චන්දිමා මෙන්ම හිටපු මහ ඇමති ෂාන්. ඒ අයගේ සෙවනැලි තවමත් දකුණේ බොහෝ තැන්වල අරක්ගෙන තියෙනවා. මම හිටපු අධ්‍යාපන නිලධාරීයෙක් නිසා මා ඒ පිළිබඳ හොඳින් දන්නවා. විසඳවන්න එපා... නඩුවකට යන්න. ඔබ ඒකාන්තයෙන්ම ජය ගන්නවා. ඔබට ජය... මේ දහජරා පළාත්සභා ක්‍රමය නතර කරමු. ඇමැති මණ්ඩලේ 4කට සීමා කළේ නැත්නම් පළාත් සභාවේ ඉන්න හැම කෙනාම ඇමැතිවරු වෙනවා. ඔබ දකුණේ ප්‍රබල සටන් කාමියෙක්. අත පය බේරගෙනයි/ ඔබ වැඩ කරන්නේ. ඔබේ සටහනට ජයපතමි...

:       1       2

නිලූකා Sunday, 07 May 2023 09:09 AM

අපි කාටත් තේරෙන ජයවීර මහතාගේ අසාධාරණය දකුණු පළාතේ නිලධාරීන්ට නොතේරීම කණගාටුයි. කරුණාකරලා මේ නිලධාරියාගේ ගැටලුව විස‍ඳන්න. අපි මේක ටී.වී එකෙත් දින ගානක් දැක්කා. ඇයි දකුණු පළාතේ අයට පේන්නේ නැද්ද? මෙහෙම වයසක අයට සලකන්න එපා. යුක්තිය ඉටුකර දෙන්න. පව්... මම අධිකරණයට සම්බන්ධ කෙනෙක්. මේ මනුස්සයා ඉල්ලන්නේ රස්සාව නොවෙයිනේ. විශ්‍රාම වැටුපනේ. අපි මේ ගැන බොහොම අවධියෙන් ඉන්නවා. මේක රාජ්‍ය සේවයටම ලොකු කැලලක්...

:       1       2

නිමල් සේදර Friday, 05 May 2023 09:52 PM

දකුණු පළාතත් වෙනස් කරන්න.

:       2       5

යෝගාSunday, 07 May 2023 07:08 AM

ඇයි තවත් හොරු ටිකක් පත් කරන්නද? සේදර මහත්තයෝ මේ ක්‍රමයම අතුගාලා දාන්න ඕනෑ. පළාත් සභා පනත ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. අවශ්‍ය නම් පළාතේ ධනය මහ ඇමැතිටයි, ආණ්ඩුකාරයාටයි අනික් බලධරයින්ටත් තමන්ගේ අම්මා, අප්පාගේ බූදලයක් වගේ පාවිච්චිි කරන්නත් පුළුවන්. මේවට උඩගෙඩි දෙන්න එපා.

:       1       1

Kumar (Gulf) Saturday, 06 May 2023 12:42 AM

කම්බා හොරු දැමීම.

:       1       7

Prabha Saturday, 06 May 2023 02:44 AM

දැන් තමයි බයියොන්ට තරු පේන්නෙ.

:       2       10

Sunil Saturday, 06 May 2023 07:43 AM

පළාත් සභාවත් ආණ්ඩුකාරවරුවත් රටට අවශ්‍ය නොවේ. ජේ.ආර්. ජයවර්ධන ඇති කළ පළාත් සභා සුදු අලියන්ය. සියලුම පළාත් සභා අහෝසි කර සියලුම ආණ්ඩුකාරවරුන් ගෙදර යවමු. කෙසේවෙතත් පිනාධිපතිවරායාගේ තවත් උප්පරවැට්ටියක් මෙහි ගැබ්ව පවතී. රට වනසනවා හැර ඔහු කිරන දෙයක් නැත.

:       2       10

ලංකාපුත්‍ර Saturday, 06 May 2023 02:30 PM

පළාත් සභා කියන්නේ රජිව් ගාන්ධි පරිප්පු දමා ජේආර් බියගන්වා ලංකාවට ලබාදුන් මර උගුලක් තමයි... ඒවා බලෙන්ම ලංකාවට ලබාදුන් කෙනා අකාලයේ මියගියාට අමතරව එයාගේ පුතාටත් හිරේ යන්න නියම වුනේ ලංකාවට සිදුකළ හානිය ස්වභාව ධර්මයා දුටුව නිසා තමයි... කොහොම වුනත් දිනක් ඇතුළත එක් කෙලවරක සිට අනෙක් කෙලවරට යන්න පුළුවන් ලංකාවේ අපිට පළාත් සභා අවශ්‍යම නැහැ...

:       1       1

C.K.Lankaputhra Saturday, 06 May 2023 08:10 AM

ලංකාවේ ක්‍රමය තමා අලුත් ජනාධිපති කෙනෙක් පත් උනාම පරන ජනාධිපති පත්කල එයාගේ හෙංචයියන් එලවලා අලුත් ජනාධිපතිගේ හෙංංචයියන් පත් කර ගැනීම. හැබැයි ගොට්ට අල්ලනවා නම් අලුත් එකා උනත් පරන එකා උනත් අවුලක් නෑ.

:       1       5

Chaminda Saturday, 06 May 2023 09:29 AM

ජනාධිපතිවරයා පත්වුණේ නියම සම්ප්‍රදායට අනුවද?

:       3       10

amarasena Saturday, 06 May 2023 09:36 AM

පරණ යාළුවො ටික සනසවන්න තියෙනවා නේද? වත්තල කුලප්පු සීය එහෙම ඉන්නවනෙ තාම...අනේ මෙහෙමත් ආණ්ඩු.

:       2       8

Liyanage Saturday, 06 May 2023 11:13 AM

අස් කරපු අය හොරකම් නොකරන අවංක අය වෙන්න ඕනි.

:       2       6

sampath Saturday, 06 May 2023 02:31 PM

සියලුම ආයතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂක මණ්ඩලවල තනතුරු ඉබේම අහෝසි වෙන්න ඕනේ. ඒ නව කැබිනට් එකක් පත්වුණාම ඒ නිසා මෙතෙක් ඒ අය ගන්නා ලද තීරණ බරපතලයි. මෙතෙක් කළ ගෙවීම් නීති විරෝධී සියල්ල අය කරගන්න අවශ්‍ය අය ඉන්නවා නම් නැවත පත්කරගන්න පුළුවන්...

:       1       0

ගමේ එකාලා Saturday, 06 May 2023 03:05 PM

පින් ජනපතියාගේ හෙන්චයියලා දාන්න හිතාගෙන ඇති...

:       1       0

Sanath Saturday, 06 May 2023 05:05 PM

එයාගේ හෙන්චයියලා දාගන්න නෑ... බලමු ඊළඟ ඡන්දයෙන් එයා ගිය ගමන් අලුත් සෙට් එකත් යයිද කියලා...

:       1       0

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Sunday, 07 May 2023 06:57 AM

වසර 30 ක් අඛණ්ඩව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කරන නීතිවේදීන් දෙදෙනෙක් ඉන්නවා. ඉන්න හැමෝටම වයස අවුරුදු 70 පැනලා. සමහරුන්ට වයස අවුරුදු 78,76 යි. අපහාස කරනවා නොවෙයි. ඇවිද ගන්න පණ නැහැ. මම බොරුද කියල කියන්නෙ ඇවිත් බලන්න, බදාදාට... මොකක්ද මේ රට. කිහිප දෙනෙක්ම අවුරුදු 6 ක් ඇතුළත තීරු බදුරහිත වාහන අරගෙන තියෙනවා. මා ළඟ ඒ සියලු තොරතුරු තියෙනවා. ඇතැම් මාසවල ඉන්ධන දීමනාව රුපියල් 83000 දක්වා ගෙවලා තියෙනවා. මම වසර 35ක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. ඉන් වසර 31ක් හිටියේ දකුණු පළාත් සභාවේ. මා දකුණට ආවේ 1992.01.01. අදටත් අන්තර ගහණය කරගෙන නැහැ. අන්තර ගහණය කර ගන්න එක බලධරයින්ගේ රාජකාරියක්. නමුත් මට අඛණ්ඩව වැටුප් පමණක් නොවෙයි, වැටුප් වර්ධකත් දීලා තියෙනවා. ඇත්තටම මේවා විශ්ලේෂණය නොකිරීම ගරු ආණ්ඩුකාරතුමාගේ අඩුපාඩුවක් හැටියටයි මම දකින්නේ... අපිට පොඩි පොඩි දේවල් වලටත් ගරු අධිකරණයේ පිහිට පතන්න සිදුවෙලා තියෙන්නේ පාලනයේ වැරදි නිසා. මේක ඉතා බරපතල තත්වයක්. පසුගිය මාස 137 කින් මට වැටුප් දිලා තියෙන්නේ මාස 04 කට පමණයි. ඒකත් මම 2012දී ගත්තු වැටුපට සමානව. අදටත් මා විශ්‍රාම ගන්වා නැහැ. කාගෙද මේ නීතිය...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 98 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 133 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 309 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 760 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 886 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 427 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site