IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘පළාත් පාලන ආයතන වහාම විසුරුවන්න‘

(යොහාන් භාසුර)

පළාත් පළාන ආයතනවල සභිකයන් වහාම විසුරුවා හැර එම පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරු යටතට පත්කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

රට මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ අති විශාල පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව බරක් බව කී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති ධම්මික මුතුගල මහතා පැවසුවේ නව පළාත් පාලන ඡන්ද ක්‍රමය යටතේ සභික සංඛ්‍යාව දෙගුණ වී ඇති බවත්ය.

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී මේ වන විට වසරකින් දීර්ඝ කර ඇති බවත් එම දීර්ඝ කිරීම ආර්ථිකයට දරාගත හැකි තීරණයක් නොවන බවත් මුතුගල මහතා කීය.

ඇතැම් මහ නගර සභාවල නගරාධිපතිවරුන්ගේ මාසික වියදම රුපියල් මිලියනය ඉක්මවා ඇති බව කී මුතුගල මහතා රජයේ වියදම් අඩු කිරීමට නම් අනිවාර්යෙන් මෙවැනි අනවශ්‍ය වියදම් කපාහැරිය යුතු බවත්ය. 



අදහස් (12)

‘පළාත් පාලන ආයතන වහාම විසුරුවන්න‘

දාස Tuesday, 24 May 2022 11:56 AM

මේ අය ගහන්නෙ සාමාන්‍ය මිනිහගෙ බඩට , දේශපාලුව යහතින්. මෙි ක්‍රමය වෙනස්විය යුතුමයි

:       0       0

සෙනෙවිරත්න Tuesday, 24 May 2022 12:11 PM

මෙයාලගෙ හයියෙන් තමයි බැසිල් ඔය අනීතික වැඩ කරල තමන්ගෙ පාක්ෂිකයන් අනතුරේ හෙලා ගත්තෙ. පලාත් සභා නැතිව වසර හතරක් පහක් ඔය කිසිම කරදරයක් නැතිව රට දුවනව නම් ඔය පලාත් පාලන ආයතන නැති උනාට කමක් නැහැ. ඔය පාරෙ ලයිට් එකක් දාන්න, පාර සුද්ද කරනවට වඩා වැඩි දෙකක් කරන්න බැහැනෙ . මුදලුත් නැහැ ඒ නිසා ⁣වෙන රැරැකියාවක් හොයාගන්න කියමු. කොහොමත් පරන කොමිස් සෙල්ලම් දාන ක්‍රමය නැතිව නව ක්‍රමයක් එක්ක ඊලග පාලනය තෝරගමු.

:       0       0

කිරිපුතා Tuesday, 24 May 2022 12:27 PM

ඔය පලාත් සභා අහෝසි කරලම දාන්න හොඳ ම වෙලාව. උගත් පරිපාලන නිළධාරීන්ට පාලනය බාර දුන්නම ඉවරයි.

:       0       0

Rasika Tuesday, 24 May 2022 12:28 PM

ඉතා හොද යෝජනාවක්. මේවා රටට අනවශ්‍යයි. IMF එකෙනවත් මේවා අහෝසිම කරලා දාන්න කිව්වොත් හොදයි

:       0       0

C.K.Lankaputhra Tuesday, 24 May 2022 12:33 PM

වටිනාම අදහසක්. මේ පලාත් පාලනය කියල මුන් කරන්නේ ජනතාවගේ මුදල් ගසාකන එකයි දේශපාලුවන්ට පන්දන් අල්ලන එකයි විතරයි.

:       0       0

හාමල්ලී Tuesday, 24 May 2022 12:39 PM

ඉතාමත් කාලෝචිත අදහසක් කියන්න පුළුවන් මොකද කිසිම ප්‍රයෝජනවත් වැඩක් නොකර කොන්ත්‍රාත් කිරීම අරමුණ කරගත්ත පිරිසට රජයෙන් දීමනා ගෙවන්නේ මොකටද

:       0       0

Bamunuarachchi Tuesday, 24 May 2022 12:52 PM

‘පළාත් පාලන ආයතන වහාම විසුරුවන්න‘ කාලෝචිත අදහසක් වහාම ක්‍රීයාත්මක කරන්න. පලා බබා අපිට එපා.

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 24 May 2022 01:11 PM

ඉතාමත්ම කාලෝචිත අදහසක්.නමුත් පොහොට්ටුවේ අනුගාමිකයො වැඩි නිසා රට වලපල්ලට ගියත් එහෙම කරන එකක් නැහැ කියල හිතෙනවා.

:       0       0

Student Tuesday, 24 May 2022 01:52 PM

නියමයි. සියලුම මැර,මෝඩ දේශපාලුවන් ඉවත් කර, මේ රට උගත් නිලධාරීන්යටතේ පාලනය කරයි නම්, කොතරම් රටට ඉතිරියක් ද.....

:       0       0

පුරවැසියා Wednesday, 25 May 2022 02:11 PM

කිසිම වැඩක් කරන්නේ නැතුව මෙයාලාට නිකම් පඩි, දීමනා සහ පගාව අරගෙන තියාගෙන ඉන්නේ මොකටද? රට මෙච්චර බංකොළොත් වෙලා තිබෙන වෙලාවේ පිනට කන මේ අයව එළවන්නමයි ඕනෑ..

:       1       3

sharm warn Wednesday, 25 May 2022 03:32 PM

රටේ තරමට නෙවෙයි පරිපාලන ආයතන.. හැබැයි කෙරිච්ච වැඩකුත් නෑ. රටවටේ පාරවල් ගානේ මුහුණු දාගෙන බෝඩ් ගහන එක තමයි කරපු එකම දේ... 225 වගේම හොරා කාපු අය තමයි දහස් ගාණක් ඉන්නේ මෙව්වාවල...

:       1       2

Harischandra Tuesday, 31 May 2022 12:33 PM

අනිවාර්යයෙන්ම කලයුතු දෙයක්. මහජන මුදල් කාබාසිනියා කරන ආයතන. සමහර නගරාධිපතිවරු රටට වැඩක් කරනවට වඩා කරන්නේ විනාශයක්. රට අඝාදයට වැටිච්ච මේ අවස්ථාවේ මෙවැනි නාස්තියන් නැවැත්වීමට කටයුතු කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 53 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 383 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 79 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 95 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 569 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 345 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26457 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18865 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1858 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site