IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පළාත් පාලන මැතිවරණය වළදමා වසරක් පිරුණා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නීතිවිරෝධීව වළදමා වසරක් ගතවී තිබුණ ද ඒ පිළිබඳව හඩ නැගිය යුතු සියලුම පාර්ශව නිහඩව සි බවත් මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නිහඩව සිටිය හොත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට තවත් පැල්ලමක් එකතු කිරීම වැලැක්විය නොහැකි බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය.

නිදහස ජනතා සභාව කොළඹදී අද (14) පැවැතිවූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එසේ පැවසීය.    

පළාත් පාලන මැතිවරණය අනීතිකව කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය, සිවිල් සංවිධානය, ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන නිහඩ මෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවක් කල්යවමින් සිටින බවත් රටේ මුදල් තිබියදී  මුදල් නැතැයි කියමින් එම ජාතික මැතිවරණය වළ දැමූ බවත් ඒ මහතා කීය.  

ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් සති 27 ක් එසේ නැත්නම් දින 189 ක් පමණක් ඉතිරිව තිබියදී ජාතික මැතිවරණ දෙකක් දින නියමක් නොමැතිව හංගලා තැබීම යන්න සැහැල්ලුවෙන් සළකිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විභාග වන මූලික අයිතිකාකම් නඩුව කඩිනම් කර ඊට අදාල තීරණය නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව මැතිවරණ සිතියම අකුලා ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගැනීමට සූදානම් වන බව කියන ඩලස් අලහප්පෙරුම මහතා එවැනි ආණඩු ප්‍රජාතන්ත්‍රවාදයට පැල්ලමක් එකතු කිරීමෙන් පුරවැසියා යටත් වැසියෙක් බවට පත්කිරීම වැලැක්විය නොහැකි බව ද සඳහන් කළේය.  

මුදල් අමාත්‍යංශය කුළු බඩු ප්‍රතිඅපනයන කිරීමට අවසර දීමෙන් මුදල් අමාත්‍යංශය තුළ සිටින ‘මීයා’ ප්‍රදර්ශනය වූ බවත් එම ‘මීයා’ සොයාගැනීමෙන් තොරව රට සුවපත් කළ නොහැකි බවත් ඒ මහතා කීය.  

පාසල් දරුවන්ගේ ආහාර වේල සඳහා මුදල් වැඩි කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයට එයට අවසර නොදුන් බව කී ඩලස් අලහප්පෙරුම මහතා මෑත සිදුවීම් තුනකින් මුදල් අමාත්‍යංශය තුළ සිටින ‘මීයා’ගේ භායානක තත්වය තේරුම්ගත හැකි බව ද පැවසීය.

රජයේ පාසල්වල ගුරුවරු 39,000 කට අධික විශාල ගුරු හිඟයක් පවතින බවත් ගුරුවරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර විදුල්පති සේවයේ පත්වීමෙන් ගුරු හිඟය තවත් බරපතල වූ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

පළාත් පාලන මැතිවරණය වළදමා වසරක් පිරුණා

රංබොඩ Thursday, 14 March 2024 06:14 PM

ඔය පළාත්පාලන මැතිවරණය නිකම් රටේ සල්ලි කන වැඩක්නේ. තවත් කට්ටියකට හොරා කන්න මාර්ගයක් විතරයි. ඒක නැතිව රටට කිසිම පාඩුවක් නෑනේ...

:       0       6

Lankaputhra Thursday, 14 March 2024 06:30 PM

ලොක්කා ලංකාවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හිටියා නම් හොඳටම ඇති දිනක් තුළ උතුරේ සිට දකුණට යන්න පුළුවන් රටේ තවත් පාලන ආයතන කිසිවක් අවශ්‍යම නැහැ මම කියපු ආකාරයට පත්කළ මන්ත්‍රීට එම කොට්ඨාශයේ සියලු බලතල දුන්නාම මදිද? මදි නම් ජනඅනුපාතිකව ජනතා නියෝජිතයන් සිටින පක්ෂ භේදයකින් තොරව ජනතා සභාවක් පිහිටුවීම ප්‍රමාණවත් වෙනවා. කොහොම වුණත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මන්ත්‍රී එම කොට්ඨාශයේ ස්ථිරව පදිංචි අයෙක් වෙන්නම ඕනෑ. එහෙම කළොත් රටේ සංවර්ධනය ඇතිවී වංචාව, දූෂණය, හොරකම් නැතිවේවි.. හැබැයි පැරෂුට් ක්‍රමයේ දේශපාලුවෝ මේකට සම්පූර්ණයෙන්ම අකැමැති වෙන්න පුළුවන්...!

:       0       5

මැක්ස් Thursday, 14 March 2024 07:33 PM

ඔබ ඇතුළු විමල් උදය නඩේ ඇඟේ ඉඳන් කණ කා ඉන්පසු මහජන ඡන්දයෙන් පත් වූ නායකයා පලවා හරින්නට දර දිය ඇද සජිත් හේත්තු වී දැන් වසරකට වැඩයි. ගොඩඒමක් පෙනෙන තෙක් මානයකවත් නෑ. ජෙප්පන් බඩ පිනුම් ගසන්නෙත්, සජබයින් නන් දොඩවන්නේත්, රනිල් මහතා තමාට සුපුරුදු ගමන යන්නේත්, ඔබ ඇතුළු කවුරු කවුරුත් එකතු වී දුර දිග නොබලා තනා දුන් පිටියේ...!

:       1       5

Saththaya Friday, 15 March 2024 07:42 AM

රට බංකොලොත් කරපු මීයෝ ගොඩේ හිටපු ලොකු මීයෙක් කතා කරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 376 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1813 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 150 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2320 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site