IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පළාත් සභාවලින් අරමුණු ඉටුවුණාද?

1987 වසරේ සිට මෙරට ක්‍රියාත්මකව තිබූ පළාත් සභා 09ම දැන් පවතින්නේ අක්‍රීය තත්ත්වයෙනි. 2018 වසරේ සැප්තැම්බර් 26 වැනිදා මුලින්ම විසුරුවා හරින ලද සබරගමුව පළාත් සභාවේ පටන් අවසන් වරට 2019 සැප්තැම්බර් 08 වැනිදා විසුරුවා හරින ලද ඌව පළාත් සභාව දක්වා ඒ තත්ත්වයේ වෙනසක් නැත. සංඛ්‍යාලේඛනවලට අනුව ඇතැම් පළාත් සභා වසර දෙකකට ආසන්න කාලයක් සීමාවී ඇත්තේ බෝඩ් ලෑල්ලට පමණි.

මෙතරම් කාලයක් පළාත් සභා අක්‍රීයව පැවතුණ ද එය රටේ මහජනතාවට ගැටලුවක් වූ බවක් නම් දැනගන්නට නැත. ඒ සඳහා හොඳම ජීවමාන උදාහරණ වශයෙන් සැලකිය හැක්කේ කොරෝනා වසංගතය මර්දන ක්‍රියාවලියයි.

දකුණු ආසියාවේ සාර්ථකලෙස ජන සමාජය තුළ කොරෝනා වසංගතය මර්දනය කළ රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ නම ඉහළින්ම සඳහන් වෙයි. එම හොඳ නම රටට ලබාදීම සඳහා දිවා රෑ නොබලා කටයුතු සංවිධානය කළ සියලුම කාර්ය මණ්ඩලවලට පළාත් සභා ක්‍රියාත්මක නොවීම ගැටලුවක් නොවීය. ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම සෞඛ්‍ය අංශ සහ මහජනතාවගේ ද සහයෝගය ඇතුව කොරෝනා වසංගතය මර්දනය මේ වනතුරු සාර්ථකව සිදුකර තිබේ. එහිදී පළාත් සභා නොතිබීම ප්‍රශ්නයක් බව කිසි තැනක කියැවුණේ නැත. මර්දන කටයුතු සාර්ථකව සම්බන්ධීකරණය කිරීමේදී පළාත් සභා නොතිබීම ප්‍රශ්නයක් නොවූ බව ඉන් පැහැදිලි වෙයි.

අපගේ අරමුණ වන්නේ මෙතෙක් පළාත් සභා නියෝජනය කළ මැති ඇමැතිවරුන්ගේ සියලු කටයුතු හෙළා දැකීම නොවේ. සමස්තයක් වශයෙන් පළාත් සභා ක්‍රමයෙන් රටට දැනෙන්නට වැඩක් නොකෙරෙන බව පෙන්වා දීමය. එම ක්‍රමය රටේ සංවර්ධනයට හෝ ඉදිරි ගමනට හෝ කාර්යක්ෂම දායකත්වයක් ලබා නොදෙන බව පෙන්වා දීමය. බැලූ බැල්මට පළාත් සභාවලින් සිදුවන්නේ ගම් මට්ටමේ ප්‍රාදේශීය දේශපාලනයත් රාජ්‍ය මට්ටමේ පාර්ලිමේන්තු දේශපාලනයත් අතර රැඳී සිටින පිරිසකට රටේ මහජනතාවගේ බදු මුදලින් විවිධ වරප්‍රසාද සහ වරදාන ලබා දීමට වේදිකාවක් සකස් කිරීම පමණක් බව යථාර්ථයයි. එය දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමේ මාර්ගයක් විය හැකි නමුත් පැහැදිලිව මහජන මුදල් මකර කටට යැවීමකි. දේශපාලන පක්ෂවල ගැටලු විසඳා ගැනීමට මහජනතාවගේ බදු මුදල් එසේ යටිමඩි ගැසිය යුතු නැත.

හිටපු කැබිනට් ඇමැතිවරයකු ද වන මෙරටින් බිහිවූ කෘතහස්ත දේශපාලනඥයකු වන මිලින්ද මොරගොඩ මහතා පසුගියදා සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් කළ ඉල්ලීමක සඳහන් වූයේ ඉදිරි මහ මැතිවරණයේ දී පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් තම පක්ෂවල ස්ථාවරය  පැහැදිලිව ප්‍රකාශ කිරීම අවශ්‍ය බවය. පළාත් සභා ක්‍රමය අතහැර දැමීමට මාර්ගය සකස් කර ගැනීම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දැමීම සලකා බැලිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි. මේ අර්ථය ලබාදෙන ප්‍රකාශ ගණනාවක් පසුගිය කාලය තුළ විවිධ දේශපාලන පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් සිදුකර තිබුණත් මෙතෙක්  ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි තීන්දුවක් පිළිබඳව පක්ෂ නායකයන් ප්‍රකාශ කර නොතිබීම අඩුපාඩුවකි. මහ මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශ සූදානම් කරන මේ අවස්ථාව දේශපාලන පක්ෂවලට ඒ පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගැනීමට වඩාත්ම සුදුසු කාල වකවානුව බව අපගේ අදහසය.

පළාත් සභා යනු මේ රටට බලහත්කාරයෙන් කා වැද්දූ ක්‍රමයක් බව පිළිගත යුතුය. 1987 වනවිට මේ රට තුළ ඇතිව තිබූ බරපතළ දේශපාලන සහ ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් එවැනි තත්ත්වයක් ඇතිවුවද වසර 37 ක් පුරා ක්‍රියාත්මක වූ එම ක්‍රමය පෙන්වා දී ඇත්තේ එයින් අරමුණු කරගත් ඉලක්ක කරා ළඟාවීමට මේ රටේ උතුරේත් දකුණේත් සියලු දේශපාලන නායකයන් අසමත්ව සිටින බවය. දකුණේ පළාත් සභා අප කලින් කියූ පරිදි දේශපාලනඥයන් පිරිසකට සුව පහසු තොටිල්ලක්වී තිබියදී උතුරේ පළාත් සභාව එහි දේශපාලන බලය උරගා බලන වැඩකට නැති පාලන ව්‍යුහයක් බවට පත්ව තිබේ. මේ තත්ත්ව දෙකම රටට ඵලක් නැත. සිදුවන්නේ මහා මුදල් නාස්තියක් පමණි. දේශපාලන කාරණා හැර පළාත් සභා පනතින් එම සභාවලට පංගාර්තු කර තිබෙන වැඩ කටයුතු ඉතාම පහසුවෙන් පළාත් පාලන ආයතනවලට ද එසේත් නැත්නම් රජයේ අමාත්‍යාංශවලට ද භාරදිය හැකි බව අපගේ පිළිගැනීමය.

කෙසේ වුවද පළාත් සභා ඇතිකිරීමට මූලික වූ ජාතික දේශපාලන ගැටලු ද මෙහිදී අමතක කළ යුතු නැත. පළාත් සභා මගින් මේ රටේ මධ්‍යගත පාලන බලතල විමධ්‍යගත කොට රටේ ඒකීය සහ ස්වෛරී බව රැකෙන මට්ටමින් බලය බෙදාහැරීමක් සිදු කිරීම අරමුණු කර තිබිණි නම් එකී අමුණු ඉටුවී නැති බව පෙන්වා දිය යුතුය. ඒ සඳහා තවදුරටත් පළාත් සභා නම් සුදු අලියා පෝෂණය කිරීමෙන් ඵලක් නැත. එයින් පටු දේශපාලන අරමුණු ඉටුකරගත හැකි වුව ද සැබෑ ජාතික ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ පළාත් මට්ටමේ දේශපාලනඥයන් සනසන ක්‍රමයක් නොව ජාතික ගැටලුවලට සැබෑ විසඳුම් සොයාගත හැකි වඩාත් පුළුල්, හරවත් ඵලදායී කතිකාවකට ඉඩ සැලසෙන ක්‍රමයක් සොයා ගැනීමය. වසරකට රුපියල් බිලියන 250කට වඩා වැයවන පළාත් සභා ක්‍රමය එයට පිළිතුරක් නොවන බව මේ වනවිට ඔප්පුවී අවසානය.

 



අදහස් (5)

පළාත් සභාවලින් අරමුණු ඉටුවුණාද?

සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 July 2020 06:45 AM

සත්‍ය වශයෙන්ම මේ පළාත් සභාවලින් රටට වෙන සෙතක් පෙනෙන්නට නම් නැහැ. එහෙත් නැවත වරක් පළාත් සභා තියෙන බව තමයි පේන්නේ.. ඉතාමත් සැප පහසු වූ වාහන ඇතුළු සියලු පහසුකම් ද මේ අයට ලැබෙනවා. මේවා ජනතා මුදල්. ඒ පමණක් නොවෙයි. මේ ගොල්ලන්ගේ සැප පහසුව සඳහා බෝඩ්වලින් පවා අධික මුදලක් අය කරනවා. මේ සියලු වියදම් ප්‍රධාන රජයට ගෙන පළාත් සභා අහෝසි කර දැමුවහොත් රටට වෙන සෙත ඉමහත්. නමුත් බලයට පැමිණි සෑමදෙනා පළාත් සභා යොදාගන්නේ තමන්ගේ වාසියට බව පෙනෙනවා. මෙයත් හරියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා වගේ වැඩක්.. බලේ නොමැති විට කියන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා... එහි බලය අඩු කරනවා.. කියලයි. පණ යනකම් ජේ.අාර්.. ට බනිනවා. එහෙත් බලය ලැබුණු පසු කොයි කවුරුත් ඒවා අමතක වී බලතල වැඩි කරගන්න. තුනෙන් දෙක බලය බලාපොරොත්තු වෙනවා. මේවා කාට කියන්නද? නිල්, රතු, කොළ දේශපාලනය නිසා මේ රටේ ජනතාව අන්ධයන්, ගොළුවන්, බිහිරන් සේ ඉබාගාතේ ඇවිදිනවා. සුද්දන්ට තිබුණානම් මේ රට මොනයම් හෝ නීතියකට රීතියකට ඒ මිනිසුන් තබා ගනීවි. අපට නිදහස ලැබුණා කියා සත්‍ය වශයෙන්ම මේ රටේ සිදුවන දේ දිහා බැලුවාම නිදහසක් තිබේදැයි හිතෙනවා. මේවා කාට කියන්නද?

:       1       118

Bamunuarachchi Monday, 06 July 2020 07:17 AM

පළා බබා අපිට එපා...

:       0       156

Cham Monday, 06 July 2020 08:20 AM

පළාත් සභා අපේ වගේ රටකට මුදල් නාස්තිය පමණයි... කිසිම තේරුමක් නෑ.

:       0       106

චමින්ද ප්‍රේමවංශ Monday, 06 July 2020 10:39 AM

අද කව්ද පළාත් සභාවේ ඉන්නේ...? පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ පුතා, දුව, බිරිඳ, බෑනා වගේ අය... පාලකයින් තමන්ගේ පරම්පරාවට දෙන දායාදය. තමන්ගේ ඇවෑමෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට අතර මැද අම්බලම පළාත් සභාවයි. ජනතාවට සත පහක වැඩක් නූනත් මේක අහෝසි කරන්න කිසිවෙක් කැමති වෙන්නේ නෑ.

:       0       0

de silva Wednesday, 08 July 2020 03:16 PM

පළාත් සභා අවශ්‍ය මහින්ද, රනිල්, විග්නේෂ්වරන් වැනි දේශපාලුවන්ට සහ ඔවුන්ගේ ගෝලයින්ට පමණි. රටේ ජනතාවගෙන් 95%ක් ඕකට කැමැති නැත..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 51 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5340 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 816 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4088 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3746 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2479 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16860 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site