(නිමල් ජයරත්න)
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු විසින් ගිනිතබා විනාශ කර එහි ආරක්ෂක නිළධාරියාට පහරදී තුවාල සිදුකර ඇති බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
මෙම ගිනි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ගිනි තැබීම සිදුකල පුද්ගලයින් විසින් ආරක්ෂක නිලධාරියා ගසක බැද පහර දී පලාගොස් ඇත.
මෙලෙස ගිනි තබා ඇත්තේ එම ගල් වැඩපලට අයත් එක්ස්කැවේටර් යන්ත්‍ර 02ක් හා ගල් විඳීම සදහා යොදා ගන්නා ලද යන්ත්‍රයක් බව ඒ පිලිබද පරීක්ෂණ පවත්වන මැදිරිගිරිය පොලීසිය පවසයි.
ගිනි තැබීමෙන් යන්ත්‍රෝපකරණ වලට දැඩි හානි සිදුව ඇති අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ තත්වය තරමක් අසාධ්‍ය බව රෝහල් ප්‍රකාශයකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොළොන්නරුව ජේෂ්ඨ පොලිස අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා