IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ප්‍රංශයට යවනවැයි කියා සුපිරි ගේම් දුන් 4 ක් දැලේ

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ප්‍රංශයට යවන බව පවසා පුද්ගලයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 80 ක් බලෙන් වෙනත් ගිණුමකට මාරු කර මුදල් කොල්ලකෑ සැකකරුවන් 4 දෙනකු සමග මෝටර් රථයක් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

සැකකරුවන් මීට පෙරද මනිපායි ප්‍රදේශයේ පුද්ගලයකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 29 ක් බලෙන් වෙනත් ගිණුමකට මාරුකර මුදල් කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චාවකච්චේරි, මිරිසුවිල්, සුළිපුරම් සහ යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 ත් 25 ත් අතර පසුවන පුද්ගලයන් සිවු දෙනෙකි.

පැමිණිලිකරු ප්‍රංශයට බලා පිටත්වීම සදහා විදෙස් රටක සිටින ඔහුගේ මාමාගේ උපදෙස් මත විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියවිලි සියල්ල අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුට වට්ස් ඇප් මාර්ගයෙන් යවා තිබූ අතර පසුව එම සැකකරු දින කීපයකින් පසුව රුපියල් ලක්ෂ 80 ක් බැංකු ගිණුමේ තැන්පත් කර පෙන්වන ලෙස දන්වා බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව පැමිණිලිකරු ඔහුගේ ගිණුමට රුපියල් ලක්ෂ 80 ක මුදලක් තැන්පත් කර සැකකරුට දුරකතන ඇමතුමක් ලබාදී මුදල් තැන්පත් කර ඇති බව පවසා ඇති අතර එහිදී සැකකරු වීඩියෝ දුරකතන ඇමතුමක් ලබාගෙන පැමිණිලිකරුගේ බැංකු ගිණුම දුරකතන ඇප් එකක් මාර්ගයෙන් නරඹා මුදල් බැරකරගෙන ඇති බව තහවුර කරගෙන තිබූ බව පොලිසිය පවසයි.

පසුව තවත් ලියවිලි කීපයක් සකස්කර ගැනීම සදහා කොළඹට යා යුතු බව පවසා සැකකරු තවත් කීප දෙනකු සමග එම පුද්ගලයා මෝටර් රථයේ නංවාගෙන යාපනය ප්‍රදේශයට රැගෙන ගොස් බියගන්වා බැංකු ගිණුමේ තිබූ ලක්ෂ 80 ක මුදල් කීප අවස්ථාවකදීම වෙනත් ගිණුමකට බැර කරගෙන මහ මග දමා ගොස් තිබූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් ක්‍රියාත්මක වී සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් කාන්තාවකට අයත් ගිණුමකට මුදල් බැරකර ගෙන ඇති බව අනාවරණය කර ගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් ෆෙස්බුක් මාර්ගයෙන් එම කාන්තාවට විදෙස් ගතවීමට අවස්ථාව සලසා දෙන බව පවසා පෞද්ගලික තොරතුරු සියල්ල ලබාගෙන ඇයගේ නමට ඇති බැංකු ගිණුමකට රුපියල් කෝටියකට වැඩි මුදල් බැරකර ගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසුව යාපනය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දින තුනක් පමණ මුලතිව් කැලේ සැගවී සිට සැකකරුවෝ 4 දෙනෙක් සමග මෝටර් රථයක් අත්අඩංගුවට ගනු ලැබූහ.

 



අදහස් (1)

ප්‍රංශයට යවනවැයි කියා සුපිරි ගේම් දුන් 4 ක් දැලේ

මැක්ස් Tuesday, 11 February 2025 11:59 AM

ඕව මොනවාද අප්පා එක මනුස්සයෙක් එයාගේ හෙන්චයියෝ පිරිසත් එකතු කරගෙන බොරු කප්පරක් කියල රටකටම ගේමක් දුන්නේ! දැන් රටම අඳුරට!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාර්ලිමේන්තුවට බේත් දෙයි
2025 පෙබරවාරි මස 11 114 0

පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි.


හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක්
2025 පෙබරවාරි මස 11 774 0

අයවැයට යෝජනා 14 ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.


’’ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ’’
2025 පෙබරවාරි මස 11 92 0

ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ග


ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි
2025 පෙබරවාරි මස 11 1791 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක ප


උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනයට
2025 පෙබරවාරි මස 11 188 0

උතුරු සහ නැගෙනහිර පළාත් වල ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටට කන්න දෙන්න ආයතන තෝරා ගනියි
2025 පෙබරවාරි මස 11 510 0

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 95 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 892 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site