IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිපත්ති ප්‍රකාශය නොගත්තැයි කනේ පහර

(රංජිත් රාජපක්ෂ) 

ප්‍රධාන පක්ෂයක අත්පත්‍රිකාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ආධාරකරුවෙකුට නාවලපිටිය ආසන සංවිධායකවරයෙකු පහරදෙන අයුරු එම වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි.

මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණය.

ආසන සංවිධායකවරයෙකු සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමඟ එම වෙලදසැල තුලට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබා දී ඇති බවත් එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කිරීම නිසා එයට උරණ වූ සංවිධායකවරයා තරුණයාට පහරක් එල්ල කර පසුව ඔහුගේ අතින් අල්ලා තර්ජනය කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි.

තරුණයාට පහරදීමෙන් පසු සංවිධායකවරයා සමඟ පැමිණි එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණයෙන් “අපි උඹ ගැන බලා ගන්නම්” යනුවෙන් පවසමින් තරුණයා තර්ජනය කර ඇත.

පහරකෑමෙන් පසු එම තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වී ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලිසිය වෙත ඔහුගේ මතු ආරක්ෂාව උදෙසා පැමිණිල්ලක් කර අද (16) රෝහලෙන් පිටව ගොස් ඇත.

පහරකෑමට ලක් වු තරුණයාගේ වෙලදසැල අද(16) වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණි.



අදහස් (21)

ප්‍රතිපත්ති ප්‍රකාශය නොගත්තැයි කනේ පහර

ප්‍රේමදාස ටයර් ව(ර්)ක්ස් Monday, 16 September 2024 04:40 PM

හරිම පැහැදිලියි - NPP සංවිධායකයොයි, අනුගාමිකයොයි තමයි මේ වගේ වැඩ කරන්නෙ.

:       109       168

Pradeep Monday, 16 September 2024 07:35 PM

ඇස් පේන්න නැති ද? පෝටෝවල ඉන්නේ කවුද කියල ?

:       1       2

Shashika519 Monday, 16 September 2024 08:17 PM

සජිත්ව ඉම්බා කියලා රැස්වීමට ආපු එකෙක්ට හොදට ගහලා තිබ්බා.

:       0       2

වික්‍රම විදුරMonday, 16 September 2024 09:20 PM

බූරුවෙකුට දාව කොටලුවෙක් හම්බෙන්නත් පුලුවන්. පේන්නේ නැද්ද අර හොර බඩා දාන් ඉන්න තොප්පියේ පාට. මොලයක් නැති කරුමෙට ඉපදිලා අකලට වයසට යන උන්.

:       0       3

ජගත් ලියනගේ Monday, 16 September 2024 10:04 PM

කහ පාට කොළ පාට තොප්පි නේද දාගෙන ඉන්නේ ?

:       1       3

Frencis Tuesday, 17 September 2024 06:23 AM

මේ පක්ෂය මොකක්ද කියලා ඊයේ රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති මගින් විකාශය කලා කොටින්ම කිව්වොත් දුරදිග නොබලා ක්ෂනික නූඩ්ල්ස් කන්න වගේ ඉක්මනින් ජනාධිපති වෙන්න ගිය කෙනෙකුගේ පක්ෂයේ කෙනෙක් තමයි කරලා තියෙන්නෙ ඒ අය බැරිවෙලා හරි දිනුවොත් තනතුරු බෙදාගැනීමට බැරුව ආණ්ඩුව කඩාවැටීම වෙනවා ඒක සත්තයි

:       0       9

IshanTuesday, 17 September 2024 08:56 AM

ඒ බන් හරකො ඒ ආසන සංවිධායකය මොන පක්ෂෙ මොකාද කියල ඌඹ දන්නෙ නැහැ කියමුකො,,,, ඒත් උන් දාගෙන ඉන්න කැප් වලින් උඔට මොන පක්ෂෙ එවුන් වගේද පේන්නෙ

:       1       9

Perera Monday, 16 September 2024 04:48 PM

ඔය පුතිපත්ති කරලා තියෙන්නේ යස අපුරුවට ... ඔය කිසිම එකෙකුට දෙන්න එපා කිසිම ජන්දයක්

:       2       41

පිටරටවැසියා Monday, 16 September 2024 04:54 PM

ලංකාව සුරපුරයක් වේවි මෙවැනි හොරුන්, තක්කඩින්, අපතයින්, පාතාල කෙරුමෝ තවදුරටත් රාජ්‍ය පාලනයේ තියාගත්තහම ..

:       1       47

රම්බොඩ Monday, 16 September 2024 04:59 PM

පක්ෂ යේ නමත් දැනගන්න තිබුන නම් තමා හොඳ. එතකොට හිතාගන්න පුලුවන් නේ මෙවැන් අයට බලය දුන්නොත් සාමාන්‍ය ජනතාවට මොනව වෙයිද කියලා.

:       1       28

Kamal Koyrala Monday, 16 September 2024 05:01 PM

මේ යුඑන්පි සංවිධායකට දැන් සැපද?

:       56       40

රම්බොඩ Monday, 16 September 2024 05:03 PM

මෙම පහර දීම සිදු කර ඇත්තේ සමගි බලවේගයේ ආසන සංවිධායක වරයා වග වෙනත් පුවත් පතකින් දැන ගත්තෙමි.

:       80       78

ajith Monday, 16 September 2024 05:41 PM

අයියෝ සජිත්

:       65       75

ajith Monday, 16 September 2024 05:42 PM

ඇයි ප්‍රතිපත්තිය නිහඬ

:       11       45

Lala Monday, 16 September 2024 05:48 PM

ඉතාම හොදයි

:       9       39

Gunendra Monday, 16 September 2024 05:57 PM

ඊයා සජිත් ලැජ්ජයි හලෝ

:       47       71

p.siriwansa silva Monday, 16 September 2024 06:15 PM

ඇයි කියන්න බැරි සජිත්ගේ පක්ෂයේ කියලා

:       44       77

කරුණාරත්න Monday, 16 September 2024 08:20 PM

මේ පින්තූර නොබලාම සජබයියො බොරුවට ජාතික ජනබලවේගයට මඩ ගහනවා. සජබයියො ගහනවා පොටොවල තියනවා බැලුවොත් හොඳයි.

:       0       2

parakrama Monday, 16 September 2024 08:57 PM

චූදිතයන් පැළඳ සිටින තොප්පියෙහි වර්ණය බලන්න

:       0       1

Roshan Nanayakkara Monday, 16 September 2024 08:58 PM

කැප් එක බලන්න කව්ද කියලා හිතාගන්න පුලුවන්

:       0       1

සසංක සම්පත් සංජීව Monday, 16 September 2024 10:26 PM

මේ පුද්ගලයට මහතා කියල තියෙන්නේ එයාගේ මහත හින්දද?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 250 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 621 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1108 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 522 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1217 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 623 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2161 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site