IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි

රික්ටර් පරිමානයේ ඒකක 7.7 ක් සහ 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පා දෙකකින්, මියන්මාරය කැලඹිණි.

භූමි කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්න ඇති බවත්, පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවත්ය.

භූමි කම්පාවෙන් විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන සම්බන්ධයෙන් හෝ ජීවිත හානි පිළිබඳව හෝ ඊයේ (28) සවස් වන විටත් කිසිදු නිල තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.

රික්ටර් පරිමානයේ ඒකක 7.7 ක් සටහන් කළ පළමු භූමි කම්පාව හටගත්තේ, මියන්මාරයේ වයඹ දෙසින් පිහිටි සගායිංග් නගරයට ආසන්නයෙනි. ඒ, දහවල් 12.50 ට පමණය. 

රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ දෙවැනි භූමි කම්පාව හටගත්තේ පළමු භූමි කම්පාවෙන් පසු මිනිත්තු කීපයක් යද්දීය. 

මියන්මාර පුවත් සේවා අනුව, බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගලි අතරේ සිරවුණු පිරිස් සිටින බවත්, ඔවුන් මුදා ගැනීමට දිවි ගලවා ගැනීම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පැවැසෙයි.

මියක්මාරය පාලනය කරන්නේ එරට හමුදාවය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ දේශපාලන පක්ෂ නායකයන් සිරගත කරමිණි. හමුදා පාලනය හේතුවෙන්, මියන්මාරය ලොවෙන් හුදෙලා වුණු ආසියානු බෞද්ධ රාජ්‍යයකි.

මියන්මාරයේ අසල්වැසියකු වන්නේ තායිලන්තයයි. භූමි කම්පාවල ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් අගනුවරට පවා හොඳින් දැණුනු බව විදෙස් මාධ්‍ය පවසයි.



අදහස් (2)

ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි

බද්රානි Friday, 28 March 2025 05:33 PM

තායිලන්තය ගැන නම් ඇත්තටම හරිම කනගාටුයි.. මහපොළොව නුහුලන අපරාධ කල මියන්මාරයේ මහපොළොව දෙදරා ගිලා බැසීම ගැන නම් වැළපෙන්න තරම් හේතුවක් නැහැ. මියන්මාර "චිරතු" ලාගේ සහෝදර ඥාතීන් සිටින මේ සිරි ලංකාවට ඔය භූමිකම්පාව ආවොත් නම්, ඔතැනින් කෙළවර වෙන එකක් නැහැ. මුළු පොළොවම ගිලා බැහැලා තමයි නවතින්නේ.. ඒ නිසා, මේ මහපොළොව බදාගෙන තන්හාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් දඟලන අපිත්, මේ මහ පොළොවට වැළලිලා යන මිනිස්සු තමයි කියලා හිතලා වැඩ කරන්න පුරුදු වෙයල්ලා මුග්ධ මිනිස්සුනේ....

:       6       11

Bishan Friday, 28 March 2025 08:09 PM

බද්‍රානි මුග්ධ මිනිසුන් ගැන කියන තවත් කෙනෙක්..

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී
2025 මාර්තු මස 31 196 0

තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදු


මගියාගේ පසුම්බියට විද්ද සැරයන් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 296 0

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්


දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 475 0

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්


මැතිසබේ තඹදොර හදන්න හමුදාව
2025 මාර්තු මස 31 543 1

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.


හිටපු ඇමති ලේකම් ගිනි අවියක් එක්ක දැලේ
2025 මාර්තු මස 31 667 0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භා


ත්‍රිරෝද රිය දෙන්නෙකුට මරු කැඳවයි
2025 මාර්තු මස 31 175 0

පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 629 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 737 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1477 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site