IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති

(ටී.කේ.ජී.කපිල)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ රාත්‍රී 06.00  සිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.  ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති.

එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ .

හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ද   ඉන්දියාවේ  බලා පිටත්ව ගොස් ඇති අතර  එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇත.  

ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් හොංකොං බලා වැඩම කළ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

 



අදහස් (8)

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති

ප්‍රියා Sunday, 22 September 2024 07:36 AM

මුන් ප්‍රභූන් නෙම් පට්ට හොරු මිනීමරුවෝ?

:       0       2

Janahitha Sunday, 22 September 2024 07:40 AM

ප්‍රභූන් නෙමෙයි ජාතික ධනය කොල්ලකාපු හොරු.

:       0       1

සෙනෙවිරත්න Sunday, 22 September 2024 07:44 AM

ප්‍රභූ ,අපි නොදන්නා ප්‍රභූ, හොරු, පලයල්ලා සදාකල් ඉන්නද?

:       0       0

ranjith Sunday, 22 September 2024 08:04 AM

ප්‍රභූන් කියන්නේ වැදගත් මිනිස්සුන්ට. මුන් රට කාපු කාලකණ්ණි.

:       0       3

පොඩිඑකා Sunday, 22 September 2024 08:14 AM

ඔය හැමෝටම රිටර්න් ටිකට් එක ලගදීම ආණ්ඩුවෙන් හම්බවෙයි.

:       0       2

Akila Sunday, 22 September 2024 09:17 AM

කවුද ප්‍රභූ කියන්නේ?

:       0       1

kam Sunday, 22 September 2024 09:47 AM

ප්‍රභූන්' කියලා මිනිස්සු ජාතියක් නැහැ. ඔවුන් අපට වඩා 'ප්‍රභූ. විය හැක්කේ කෙසේද?

:       0       0

ජගත් ලියනගේ Sunday, 22 September 2024 10:13 AM

විනෝද චාරිකාවක් යන්න ඇති

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3448 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රත්නපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 10 0


බලංගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 19 0


පොලොන්නරුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 92 0


නාවලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 124 0


බොරැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 221 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14669 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 63 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 233 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site