IMG-LOGO

2024 ඔක්තෝබර් මස 29 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ පළපුරුදු පිරිසක්

(අංජුල මහික වීරරත්න)

පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීගමුවේ දී අද (27) පැවසීය.

අද මාලිමාවේ සිටින පිරිස කවුදැයි ජනතාව හඳුනන්නේවත් නැතැයි කී විජයවර්ධන මහතා ගෑස් සිරින්ඩරයෙන් තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කණ්ඩායම සතුව දක්ෂ පළපුරුදු කණ්ඩායමක් සිටින බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජන හමුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අපගේ බලාපොරොත්තුව වූයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.මේ රටේ ආර්ථිකය හදන්නට හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහට පමණයි.රට බංකොලොත් වූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ එතුමා පමණයි.අප සියලු දෙනාට ජීවත්වීම සඳහා ඔහු වාතාවරණය හදා දුන්නා.

නමුත් අවාසනාවකට ජනතාව වෙනත් තීන්දුවෙන් ගත්තා. පත් වූ ජනාධිපතිගේ කකුලෙන් අදින්නට අප බලාපොරොත්තු වන්නේ නැහැ.නමුත් එතුමාගේ ඇතැම් තීන්දු තීරණ ගැන අප සතුටු වන්නේ නැහැ.එතුමාට අත්දැකීම පලපුරුද්ද ටිකක් අඩුයි.රටේ නායකත්වය භාර ගැනීම යනු ලේසි පහසු වගකීමක් නොවේ.

රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය පිළිබඳව තිබෙන දැනුම නිසා රටේ ආර්ථිකය යම් තත්ත්වයකට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණා. එදා අනුර එදා කියූ දේ සහ අද කියන දේ බලන විට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබෙනවා. මේ මැතිවරණයේදී වත් රටට හරි නායකත්වයක් දෙන්නට අප කල්පනා කළ යුතුයි.

වත්මන් පාලකයන්ටත් වගකීම අතහැර යන්නට සිදුවුණහොත් යළි රටේ වගකීම බාරගන්නට පළපුරුදු කණ්ඩායමක් සිටිය යුතුයි" යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.

ඡායාරූප:- ප්‍රදීප් පතිරණ

 

 



දියත

එකම දුම්රිය දෙතැනකදී දෙවතාවක් පීලි පනී
2024 ඔක්තෝබර් මස 29 37 0

අද උදේ කොම්පඤ්ඤවීදියේදි පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි ගත කර මාලිගාවත්ත අංගනයට රැගෙන යද්දි මරදාන හා මාළිගාවත්ත අතරදී නැවත පීලි පැන ඇතැයි දුම්රිය දෙප


ආරක්ෂක ලේකම් යුද හමුදා මූලස්ථානයට යයි
2024 ඔක්තෝබර් මස 28 121 0

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ම


ඇමැති බංගලාවලින් ලක්ෂ 50ක ජල පොල්ලක්
2024 ඔක්තෝබර් මස 28 86 0

අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා විසි තුනකට අදාලව රුපියල් ලක්ෂ 50 කට අාසන්න මුදලක් ගිය වසර අවසානය වනවිටත් අයකර නොගෙන හිඟව පැවතුණු බව ජාති


’ගංවතුර විපතට’ පෝට් සිටියෙන් මිලියන තුනක්
2024 ඔක්තෝබර් මස 28 340 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited) කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක්


රනිල්ගේ බොරු පොරොන්දුවක් හරිනි පෙන්වයි
2024 ඔක්තෝබර් මස 28 679 0

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගම


ආණ්ඩුව වී ටොන් ලක්‍ෂ 4ක් මිලදී ගන්න සූදානම් වෙයි
2024 ඔක්තෝබර් මස 28 845 0

සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4 ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපති අනුර කු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 598 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site