IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව  අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීමද  අද(24)  සිදු කෙරේ. නව රජයේ අගමැතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරීමට නියමිතය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස් වූ පුරප්පාඩුවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ පත් කෙරුණු අතර ඔහු පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට  පෙර  කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නීතිමය වශයෙන් බාධාවක් නැතැයි  පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ  ගැසට් නිවේදනය බොහෝ දුරට අද මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ නිකුත් වනු ඇතැයි විශ්වාස කෙරේ. පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ  නාම යෝජනා කැඳවන දිනය යනාදී කරුණු  එම ගැසට් නිවේදනයට ඇතුළත්  කෙරෙනු ඇත.

 

 



අදහස් (4)

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?

සේපාල් Tuesday, 24 September 2024 11:46 AM

ආර්ථිකය අමාරුවෙන් ඇදගෙන ගිය මේ රටට ව්ශාල මැතිවරණ දෙකක් එක ළඟදි දරන්න පුලුවන්ද? අනුරලට ඕනෙත් බලය විතරයි වගේ. මොකද තැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච්ගත්තේ නැත්නම් පහුවෙද්දි ජනතාව දැනගන්නවා බැරි බව.

:       61       21

කුශාන් Tuesday, 24 September 2024 11:48 AM

මේ රටට මැතිවරණ හැර වෙන දෙයක් කරන්න වෙලාවක් නැතිවෙයි වගේ.

:       48       17

ranjith Tuesday, 24 September 2024 11:53 AM

ලොකු දෙයක් මුන් ටික ගෙදර යවන එක කෝටි ගාණක් වියදම් කරගෙන තවදුරටත් තියාගත්තා නම් එක පලක් නෑ. අඩු ගානේ ජනතාවගේ බදු මුදලින් යැපෙන එකවත් සාධාරණයක් කරේ නෑ

:       4       11

Dis Tuesday, 24 September 2024 12:26 PM

මේක සමිතියක් නෙවෙයි රටක්. 3දෙනෙකුගෙන් කරගෙන යන්න බැහැ. උඩ තියන කුශාන් සේපාල් වගේ බඩු ආස ඇති තමන්ගෙ හාම්පුතලා කීපදෙනෙක් කැබිනට් එකට ගන්නවට​. නැත්තම් හාම්පුතල පරදිනවට බොහොම අමාරුයි වගේ.

:       7       30

ඔබේ අදහස් එවන්න

දියත

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 282 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 137 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1737 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1206 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 536 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1312 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33252 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site