IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


පාර්ලිමේන්තුව විනෝදජනක තැනක් වෙලා

 


(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් සමඟ විනෝදජනක බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ පැමිණීම ඉතාමත් දුර්වල බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩී. වී. චානක මහතා අද (21) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවේදී ඩී. වී. චානක මහතා එසේ පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ  මහතා ඊයේ අදහස් දැක්වූ අවස්ථාවේ මුදල්  නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනාගෙන් එක ඇමතිවරයෙක් පමණක් සිටි බවත් කැබිනට් මණ්ඩලයෙන්  වසන්ත ඇමතිතුමා පමණක් සිටි බවත් ඒ මහතා කීය.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 කට අඅඩු සංඛ්‍යාවක් සිටි බව කී චානක මහතා ආරම්භක දිනවල පාර්ලිමේන්තුවට එන්න පෝලිම් තිබුණ ද දැන් වන විට වැඩපිලිවෙළක් පෙණෙනට නොමැති බව ද සඳහන් කළේය.



අදහස් (14)

පාර්ලිමේන්තුව විනෝදජනක තැනක් වෙලා

කපුරු හාම් Friday, 21 March 2025 01:36 PM

ඉස්සර නම් පාර්ලිමේන්තුවේ රජ කෙරුවේ සාටකයෝ... දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් තිබුනේ... කිසිම චාරයක්, උගත්කමක්, සුදුසුකමක් නැති මැරයෝ, මිනීමරුවෝ, හිටියේ? හරියට සත්තු වත්ත වගේ? බලන් හිටපු අපිටත් ලැජ්ජයි, හිරිකිතයි.

:       11       40

පිටිගල මිලානෝ Friday, 21 March 2025 02:02 PM

ඡන්දෙකට මුහුණදී පාර්ලිමේන්තුවට පැමිණි ඔබ ඡන්දෙට බයේ සැඟවුණු නාමල්ට වඩා ඉදිරියෙනුයි සිටින්නේ.. ඒ නිසා කවදා හෝ ඔබටත් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ තියරියම තමයි.

:       1       17

බකල ජයා Friday, 21 March 2025 02:33 PM

ඒ වුණාට මම කැමැති ඉස්සර විදිහට. පිහිතලයි, මිරිස් කුඩුයි, පුටු කකුලුයි කොච්චර සංයමයක්ද? ඒ මදිවට ගලි බවුසර් හැප්පෙන එක...

:       0       23

සම්පත් Friday, 21 March 2025 03:20 PM

දැනුත් 88/89 මිනීමරපු අය ඒවාට සම්බන්ධ වුණු අය ඔතැන ඉන්නවා. අයිඩෙන්ටි කාඩ් උස්සපු රාජ්‍ය ආයතන ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු අය ඔතැන ඉන්නවා. 90 න් පස්සේ ඉපදුණු අය හිතාගෙන ඉන්නේ මේ ගොල්ලෝ උපාසක මහත්තුරු කියලා. ඔය වාමාංශික සමාජවාදී විෂබීජය සීයට සීයක් මර්ධනය කරන්න බැරිවුණු සාපෙ තමයි මේ රට අද ගෙවන්නේ. දැන් ලැජ්ජා නැතුව ඒ කාලේ විරුද්ධ වෙච්චි දේවල් හරි කියනවා. කුහකකම මිසක් වෙන දර්ශනයක් ඔතැන නෑ...

:       23       6

පොඩිඑකා Friday, 21 March 2025 03:50 PM

ඒ මන්ද බුද්ධිකයා කියන ටික අහන්න අඩුගානෙ ඒ ටිකවත් හිටිය එකට ටැංකිව් කියන්න.

:       1       20

ප්‍රියන්ත Friday, 21 March 2025 03:51 PM

ඔහෙලගෙ ආණ්ඩු කාලෙ ඒක ජුගුප්සාජනක තැනක් වෙලා තිඉුණ බව අමතකෙයි?

:       1       22

සෙනෙවිරත්න Friday, 21 March 2025 04:03 PM

සම්පත්, ඒ විෂබීජය මර්දනය කරන්න බැරිවුණා විතරක් නොවෙයි. රටේ ඉදිරිගමනට කිසිම දෙයක් කරන්න බැරි වුණා. තමතමන්ගේ පවුල්වල අය සහ සනුහරේ හදාගන්න වැඩ කළා. ඒවා නැතිවෙනකොට සමහරුන්ට කුලප්පුව හැදිලා අඳෝනා දෙනවා. ඒවා කව්රුවත් ගණන් ගන්නේ නැහැ.

:       1       12

Duminda Udayakumara Friday, 21 March 2025 04:50 PM

දැන් රෙදි ගැලවුණු කුමාරයයි, අන්දරේලා එක්කෙනයි... නැතිනම් ඉස්සර රජ පවුලයි අන්දරේලා ගොඩයි...

:       0       10

සකියම Friday, 21 March 2025 06:17 PM

''තරුණයා'‘ මොකෝ ඒ කාලේ ආතල් තිබුණේ නැතෙයි? අපිට ඒ කාලේ තිබුණු ආතල් වල හැටියට අපි හිතුවේ බොලා පුදුමාකාර සංතෝසයෙන් ආතල් එකේ හිටියා කියලා. හව් සෑඩ්..!

:       0       11

ලසිකා Friday, 21 March 2025 10:43 PM

මෙයා නාමල්ට වඩා පක්ෂයේ ඉදිරියෙන් ඉන්නේ… නාමල් පස්ස දොරෙන්නේ ආවේ…

:       0       5

අමාලි Saturday, 22 March 2025 05:05 AM

රාජපක්ෂලා කවදාහරි මෙයාට ගහලා දානවා ෂුවර්…

:       0       1

Sk Saturday, 22 March 2025 06:00 AM

ඔබ වගේ අය ඉන්න කොට පාර්ලිමේන්තුව විහිළුවක් තමයි...

:       0       1

Mahajanathawa Saturday, 22 March 2025 10:51 AM

ඔයා වගේ කෙනෙක් නිසා තමයි... වෙලාවක් අරන් ඔයාගේ කතාවල පරණ පටිගත කිරීම් බලන්න... හරිම විහිළුකාරයි.

:       0       5

HASPK Monday, 24 March 2025 04:25 PM

අවුලක් නෑ... සතුටින් ඉඳලා වැඩ ටික කරයි. මේ අයට දැන් ආතල් ගන්න විදිහක් නෑ. කාපු බීපුවා වමාරන්න වෙනවා කියලා දන්නවනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වළදමා තිබූ ගිනි අවියක් සොයාගනී
2025 මාර්තු මස 28 41 0

බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.


තැනින් තැනට සවස 2.00 පසු වැසි
2025 මාර්තු මස 28 12 0

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප


බාල බෙහෙත් ගේන්න කිව්වේ කෙහෙළිය
2025 මාර්තු මස 28 622 0

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි


මැතිසබේ හෙදියන්ටත් නිල ඇඳුම
2025 මාර්තු මස 28 319 0

නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝ


බීලා බස් එළවූ රියැදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි
2025 මාර්තු මස 27 1687 0

මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්ප


හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා
2025 මාර්තු මස 27 1843 1

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 473 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 679 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1367 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site