IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


මැති සබේ කෑම වේලේ ගණන් උස්සයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව  රුපියල් 2000 ක් දක්වා රුපියල් 1550 කින්  ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අද (23) තීරණය  කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර වෙල  සඳහා මෙතෙක්  අය කෙරුණේ  රුපියල් 450 කි.

එසේම පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාර වේලක් මෙතෙක් අය කෙරුණු රුපියල් සීයක ගාස්තුව  රුපියල් 600 ක් ලෙසත් රුපියල් 300ක් ලෙස පැවැති   දිවා ආහාර වේල   රුපියල් 1200ක් ලෙසත් ඉහළ දමා ඇත

මෙයට අමතරව රුපියල් 50ක් ලෙස පැවැති තේ එකක මිල  රුපියල් දෙසීයක් දක්වාත් ඉහළ දමා ඇත.

මෙම නව මිල ගණන් ලබන මස 1  වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කෙරෙන ගාස්තු ඉහළ  නොදැමීමට තීරණය කළ බව  එම කමිටු ආරංචි මාර්ග සඳහන් කළේය



අදහස් (4)

මැති සබේ කෑම වේලේ ගණන් උස්සයි

රුවන්සිරි Thursday, 23 January 2025 05:39 PM

වැටුප සොයා බලා පරීක්ෂාකර දෙනතුරු නොගෙන බැංකුවේ තැන්පත් කරන අයට දැන්නම් ඒක අතටම ගන්න වෙනවා. එහෙම නැත්නම් අවට පරිසරයෙන් සොයාගන්නම වෙනවා. එක් අතකින් බලනවිට වරදකුත් නැහැ පැමිනීම වෙනුවෙනුත්, දිනකට දෙතුන් දාහක් ලැබෙනවාලුනේ...! 

:       7       18

SAMThursday, 23 January 2025 07:48 PM

පාර්ලිමේන්තුවේ කෑම වේල ගැන කතාකරනවාට වඩා රටේ පුරවැසියන් මුහුණ දෙන්නා වූ විශාල ගැටළු ප්‍රමාණයක් විසඳීමට ඇත. සහල් පොල් ගැටළුව මේ අතරින් ප්‍රධාන වේ. රටේ පුරවැසියනට ලබාදුන් පොරොන්දු සියල්ල අමතක කර මාලිමා ආණ්ඩුව නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විත නර්තන කණ්ඩායමක් මෙන් පාර්ලිමේන්තුව තුළ සහ පිටත ක්‍රියාකිරීම කණගාටු දායක වේ. මාලිමා JVP භාෂාවෙන් පැහැදිලි කළහොත් කෙඳිරියක් නොමැතිව සේවය කිරීමට තීන්දු ගැනීමට වර්තමාන රජයට 2/3 බලයක් රටේ පුරවැසියන් ලබාදී ඇත. 2/3 බලය යනු බුද්ධිමත්ව තීන්දු ගතහොත් රටට විශාල සේවයක් කිරීමට බලයක් ලබාදී ඇත.. පුරවැසියන් ලබාදී තිබෙන්නා වූ 2/3 බලයේ වගකීම සහ වගවීම හඳුනා නොගෙන හෝ පටලවාගෙන හෝ යොදාගනිමින් පාර්ලිමේන්තුව තුළ සහ පිටත JVP දේශපාලනයක් කිරීමට කටයුතු කළහොත් 2/3 බලය යනු දැඩි අනතුරක් බවද තේරුම්ගත යුතුවේ. රාජ්‍ය පාලනය සහ සිල්ලර (retail politics) දේශපාලනය වෙන්වෙන්ව හඳුනා ගැනීමට හෝ ඉන් මිදීමට මාලිමා jvp හවුල් ආණ්ඩුව අපොහොසත්ව තිබේ...

:       17       13

ගමේ එකාලා Thursday, 23 January 2025 05:48 PM

හොඳ දෙයක්. බඩජාරී කමට කෑවා... මදිවෙලා ගෙවල් වලටත් අරන් ගියා. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු විපක්ෂයේ අයට නම් දුක ඇති...!

:       8       37

බද්රානි Thursday, 23 January 2025 07:40 PM

බලාගෙන ගියාම, පහුගිය කාලේ අපි අඩු ගානට කන්න දීලා පෝෂණය කරලා තියෙන්නේ තඩි ඌරෝ රැළක්නේ...!

:       1       26

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර
2025 ජනවාරි මස 23 330 0

යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා


ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි
2025 ජනවාරි මස 23 194 0

ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි ව


හොර වෛද්‍ය වාර්තාවක් දුන් නිර්වින්දන වෛද්‍යවරයා රිමාන්ඩ්
2025 ජනවාරි මස 23 120 0

තීරූ බදු රහිත බලපත්‍ර වලට විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසමින් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින නිර්වින්දන වෛ


ඇඟලුම් අපනයනයට හොඳ කලක්
2025 ජනවාරි මස 23 108 0

පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින්


මේ වසරේ විදෙස් රැකියා අවස්ථා 3,40,000
2025 ජනවාරි මස 23 58 0

ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්


බහලුම් 2,458 ක් තවමත් හිරවෙලා
2025 ජනවාරි මස 23 51 0

නිෂ්කාශනය නොකළ බහාලුම් 2,458 ක් කොළඹ වරාය තුළ ඇති බවත් නැවතත් බහලුම් තදබදය නිර්මාණය වෙමින් පවතින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 11 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 516 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 636 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site