(ගයාන් සූරිය ආරච්චි)
පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැදුරුඔය, හලාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ත් 55 ත් අතර පසු වන එකම පවුලේ පිරිසක් සහ හලාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.
කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පැවති ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පහර දී ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වූ බව කියන පුද්ගලයා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් රෝහල් ගේට්ටුවෙන් එළියට දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව එම පුද්ගලයා තම මව පියා සහ සහෝදරියන් දෙදෙනා ද සමඟ හලාවත රෝහල ඉදිරිපිට තමාට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.
ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේ
මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි.
උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ලක්ෂ සීය දක්වා පැමිණ තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බඩෝවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුට තියුණු ආයුදයකින් පහරදී පළා ගිය සමන් කුමාර නොහොත් දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නමැත්තාගේ සහෝදරයා බොරැල්ල
නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.
පලාත් පාලන ආයතන 336 ක් සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (17) පෙරවරුවේ සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාර අවහිර කර කලබල කළ එකම පවුලේ 5ක් අත්අඩංගුවට
ජිල්බු Monday, 17 March 2025 10:47 AM
නැතිවෙලා "ඉන්න" ආයතන ප්‍රධානියව අත්අඩංගුවට ගන්නත් රටේම ජනතාවට ඔහොම කරන්න වෙයිද?