(අංජුල මහික වීරරත්න)
ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
මෙම සමීක්ෂණ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහාය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක් ව එළිදක්වන ලද සමීක්ෂණ වාර්තාවකි.
ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන්නන් මිලියන 22 ක ජනගහනය අතුරින් මිලියන 3.5 ක් (අවුරුදු 10-19) වේ. ඉන් 71% ක් පාසල් යන අය වන අතර 29% ක් පාසල් නොයන අය වෙති.
සමීක්ෂණයට ලක් කළ සිසුන්ගෙන් 17.4 %ක් සෞඛ්‍ය සම්පන්න නොවන බීම පරිභෝජනය කරන බවත්, ඉන් වැඩි පිරිසක් පිරිමි ළමුන් වන බව ද වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම සිසුන්ගෙන් 28% ක් දිනපතා සීනි සහිත පාන වර්ග පරිභෝජනය කරන අතර, 28.5% ක් දිනපතා ලුණු සහිත කෙටි ආහාර පරිභෝජන කරන බව ද පෙන්වා දෙයි. මීට අමතරව 29.3% ක් අධික තෙල් සහිත ආහාර පරිභෝජනය කරන බවත්, 40.9% දිනපතා අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බව ද වාර්තාවේ සදහන් වේ. සිසුන්ගෙන් සියයට 70.4% ක් සමීක්ෂණයට පෙර ගත වූ සතියෙහි එක් වරක්වත් ක්ෂණික ආහාර අනුභව කර ඇති බව ද සදහන් ය.
වයස අවුරුදු 13 ත් 17 ත් අතර සිසු සිසුවියන්ගේ බර අඩු ප්‍රතිශතය 21.4 % ක් සහ අධිබර ප්‍රතිශතය 12.1 % ක් බව ද වාර්තා දත්ත තුළින් පෙන්වා දෙන අතර, ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස අනුව, සිගරට් එකක් හෝ දෙකකින් දුම්පානය කිරීමට උත්සාහ කළ හෝ අත්හදා බැලූ සිසුන්ගේ ප්‍රතිශතය 12.8 % ක් බව ද වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු
නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රක
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව
කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ