(නාමිණි විජේදාස)
විදේශ ගමන් බලපත්‍ර දෛනික නිකුත් කිරීමේ අනුපාතය අනුව දැනට මෙරට සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍ර 750,000 ක තොගය ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේදී අවසන් වීමට නියමිත බවත් ඉන්පසුව විදේශ ගමන් බලපත්‍ර තොග ලබාගැනීමට සුදුසුම ක්‍රමය යෝජනා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් පැවැසෙයි.
විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය “සැබෑ පටලැවිල්ලක්” වී ඇති අතර එමඟින් නව ටෙන්ඩරයක් කැඳවීම පවා ගැටලු සහගත වී ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පිළිගෙන ඇත.
විද්‍යුත් චිපය සහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ප්‍රමාණය ලබාගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයේ ප්‍රතිඵලය මේ වනවිට අභියාචනාධිකරණයේ අභියෝගයට ලක්ව ඇති බැවින් එම සැපයුම්කරුගෙන්ම තවත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද යන්න ගැටලු සහගත යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාවට රැස්වීම් කිහිපයක් පැවැත්වුණු බවත් ඇතැම් රැස්වීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසුවේය. මෙම ගැටලුව අවධානය යොමුවිය යුතු සහ හදිසි කාරණයක් ලෙස රජය සලකන බවද ඇමැතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා විය.
ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින
විදේශ ගමන් බලපත්‍ර දෛනික නිකුත් කිරීමේ අනුපාතය අනුව දැනට මෙරට සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍ර 750,000 ක තොගය ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේදී අවසන් ව
මාතලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අනතුරට පත්කොට පලා ගිය මෝටර
වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට වට කර ගෙන පහර දුන් පුත්තල
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
පාස්පෝට් ගන්න කැබිනට් අනුමැතිය ඉලන්න යයි