(කුෂාන් ජයවර්ධන)
පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු මත් කුඩු තොගයක් ද සමඟ අද (01) සවස අත්අඩංගුවට ගැනීමට මරදන්කඩවල පොලිසිය සමත්ව තිබේ.
ලද තොරතුරක් අනුව මරදන්කඩවල නගරයේදී සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබී තැන තැන සඟවා අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්කුඩු පැකට් 104ක් ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සෝදිසි කිරීමේදී සැකකරු පැලද සිටි ජැකට්ටුවක් තුළ සඟවාගෙන සිටිය දී එම මත් කුඩු තොගය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පැණිබීම බෝතල් 52ක් තුළ එම කුඩු ඉතා සූක්ෂම ලෙස අසුරා සැකකරු පැලද සිටි ජැකට්ටුවක් තුල එම මත්කුඩු තොගය සඟවාගෙන සිටි බව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ සඟවාගෙන සිටියදී මෙලෙස සොයා ගනු ලැබූ මත්කුඩු තොගය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 250ක් පමණ වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවටපත් සැකකරු හෙට (02) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධීකාරී තිලින හේවාපතිරණ මහතා ඇතුලු කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග හා උපදෙස් අනුව සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශණ ආරම්භ කර ඇති අතර මරදන්කඩවල පොලිස් ස්ථානය මඟින් එම විමර්ශණ සිදු කෙරේ.
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණයන්ට පටහැනිව බෙදුම්කරුවන් සදහා මුලු අලෙවි නියෝජිත කොමිස් මුදල් ලෙස රුපියල් මිලියන 31,021 ක වැඩ
දේශීය අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ ලොරි රථයක් පැහැර ගැනීම යන චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කල සැකකරුවකු පැය 72 ක කාලයක් රඳවා ගෙන ප්‍ර
ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඉරැදියපුරම් ප්‍රදේශයේදී අද (01) වන්දනා නඩයක් රැගත් බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ
පවතින අධික වැසි සහිත කාලගුණය සමග කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 114000 සම්පූර්ණ වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස සියලුම වාන් දොරටු අද (01) අඟල් හය බැගින් විවෘ
පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු මත් කුඩු තොගයක් ද සමඟ අද (01) සවස අත්අඩංගු
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය අරඹා තිබේ.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පැණී බිම බෝතල් මුඩියෙන් මත්කුඩු මතුවෙයි