(විමුක්ති එස් රුද්‍රිගු)
මධ්‍යම ඇමෙරිකානු රටක් වන පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් නැවතත් පැනමා ඇළ ඇමෙරිකාවට බාරදිය යුතු බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය.
පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් පැනමාව පිළිගත නොහැකි අධික ගාස්තුවක් අය කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. ඇමෙරිකාව පැනමාවට දක්වා තිබෙන විශේෂ සැලකිල්ල අමතක කරන පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් පැනමාව අය කරන ගාස්තුව හාස්‍යජනක බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් පැවැසුවේය.
එලෙස අධික ගාස්තුවක් අය කිරීම ඇමෙරිකාව සූරා කෑමක් බවත් එය වහාම නැවැත්විය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. පැනමා ඇළ වැරදි පුද්ගලයන්ගේ අතට පත් නොවිය යුතු බව ඔහු අනතුරු ඇඟවූවේය. පැනමා ඇළේ කළමනාකරණය චීනය අතට පත්නොවිය යුතු බවද ඔහු පැවැසුවේය.
ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම පැනමා ජනාධිපති ජොසේ රාඋල් මුලීනෝ ප්‍රතික්ෂේප කළ අතර පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් එලෙස අසාධාරණ ගාස්තුවක් අය නොකරන බවත් පැනමාවේ ස්වෛරීභාවය නැවත සාකච්ඡා කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. පැනමා ඇළ සහ එහි යාබද කලාපවල සෑම වර්ග මීටරයක්ම පැනමාවේ කොටසක් බවත් එය එලෙසම ඒ අකාරයෙන් පවතිනු ඇති බවත් පැනමා ජනාධිපති පැවැසුවේය.
පැනමා ඇළ යනු සමුද්‍ර වෙළඳාම කෘතීමව තැනු පැනමාවේ කිලෝමීටර් 82 ක ජල මාර්ගයක් වන අතර එය අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරය සමඟ සම්බන්ධ කරයි.
දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිස
සෞඛ්‍ය සදහා ජනතාවට ප්‍රවේශ වීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද (23) සිටි ඉවත් කිරීමට තීරණය කර ඇත
යක්කල, කොස්කදවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට අද (23) වෙඩි තබා පලාගොස් ඇති බව වීරගුල පොලිසිය පවසයි.
තායිලන්තයේ පැවැති ආරාධිත කණිෂ්ඨ කෙටිදුර ඔරු පැදීමේ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දක්වමින් කාන්තා ඉසව්වලින්
විදෙස් රැකියා වලට ගොස් ව්‍යවසායකයන් වූ අයගේ නිෂ්පාදන විකුණන පොළක් බත්තර මුල්ලේදී පවත්වන බව විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පැනමා ඇල සුදුසු විදියට කළමනාකරණය කරනවා