IMG-LOGO

2025 මාර්තු මස 03 වන සඳුදා


පැමිණිල්ලක් විභාග කරන්න ගිහින් දැරියකට හදි කරන්න හදලා

(ඉන්දිකා රාමනයක)

පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට  ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි.

තිස්සමහාරාමයේ පදිංචි ඉහත දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ 02 රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය 119 වෙත ලද දැනුම් දීමකට අනුව පොලිසියේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගෙ පෙම්වතා සමග කිරින්ද ප්‍රදේශයට ගොස් ඇති බවට මවට සැලවීමත් සමඟම  ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීම සඳහා සැකකාර සැරයන් දැරිය රැඳී සිටි කාමරය වෙත ගොස් ඇය  සමග කතා කරමින් සිටින අතරතුර  ලිංගික අතවර කළ බවට පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (11)

පැමිණිල්ලක් විභාග කරන්න ගිහින් දැරියකට හදි කරන්න හදලා

Janii Monday, 03 March 2025 09:47 AM

මේක ගැන නං විධිමත් පරීක්ෂණයක තියන්න වෙයි. ළමයාගේ බොරුවක් කියල තමා මට නං හිතෙන්නෙ.

:       4       53

රටවැසියා Monday, 03 March 2025 10:04 AM

පොලිසියේ වැරැද්දනේ! ඩබ්ලිව්පිසි කෙනෙක් යවන්න ඕන තැනට පිසි කෙනෙක් යවලා හරියනවද?

:       0       40

pakeer Monday, 03 March 2025 10:09 AM

මෝඩ පොලිස්කාරයෙක් ඔය වැඩේට යන්න තිබුණේ පොලිස් කාන්තාවක් එක්ක

:       1       29

primeshika Monday, 03 March 2025 10:18 AM

කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් කල යුතු පිලිවෙලට පොලිස් නිලධාරියෙක් කටයුතු කිරීමට යාමෙන් ඇති වූ අනවශ්‍ය ගැටලුවක්..

:       0       27

ගුණරත්න Monday, 03 March 2025 10:20 AM

පළමු වැනි ප්‍රස්නය ඇයි කාමරේකට ගියේ? දෙවනුව කෝ දෙමවුපියන් බාරකාරයන් හෝ කාන්තා කොස්තාපල්වරියක් හිටියද? දැරියකගෙන් ප්‍රස්නකරන්න පිරිමි කොස්තාපල් කෙනෙකුට තනියම කාමරේකට යන්න අවසර නැහැ.

:       1       16

DAMMIKA Monday, 03 March 2025 10:25 AM

සැරයන් මොකටද කාමර අස්සෙ රින්ගන්න ගියෙ? කාන්තා පොලිස් නිලධාරිනියක්ව යොමු කරන්න ඕන තැනට

:       3       14

Perera Monday, 03 March 2025 10:26 AM

මෙයා අම්මලාටත් කෝකා පෙන්නවා පොලිසියට කෝකා පෙන්නන්නයි හදන්නේ

:       5       13

බකල ජයාMonday, 03 March 2025 11:56 AM

සැරයන් නෙමේ ද කොකා පෙන්නන්න හදලා තියෙන්නේ?

:       4       6

Nihal Monday, 03 March 2025 12:04 PM

ඔහොම ගියොත් බටහිර රටවල තත්වයට ලංකාව පත්වෙන්න වැඩිකලක් යන්නේ නෑ.

:       1       2

රම්බොඩ Monday, 03 March 2025 12:29 PM

මෙවැනි දරුවන් මනෝ ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි .හොඳ උපදේශන මිසක නීතිය පැත්තට යෑමෙන් තව තවත් ව්‍යාකූල විය හැක.

:       0       5

ජිල්බු Monday, 03 March 2025 01:02 PM

ෂෝක්නේ. එතකොට සුද්දො බෝට්ටුවලින් මෙහෙ එයි. කඩවලින් බඩුගන්න ඉංග්‍රීසි, ජර්මන් වගේ ඉගෙනගන්න වෙනවා. බඩුදෙන්න, ට්‍රොලි තල්ලු කරන්න ඉන්නෙ ඒ රටවල්වල ඉදල බෝට්ටුවලින් ආව උන් හින්දා.

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති
2025 මාර්තු මස 03 233 0

ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ


පවුල් සෞඛ්‍ය සේවාවට අලුත් ගෞරවයක් දෙනවා
2025 මාර්තු මස 03 54 0

මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ


නව කර්මාන්ත පුර දහයක්
2025 මාර්තු මස 03 281 0

නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම


විදුලි පද්ධතිය කාර්යක්ෂම කරන්න පියවර
2025 මාර්තු මස 03 162 0

රට පුරා විදුලි පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා මේ වසරේ දී විදුලි සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය ශක්තිමත් කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්


කොළොන්නාව නගර සැලසුම ඉක්මනින් ඉල්ලයි
2025 මාර්තු මස 03 235 0

2025 කොලොන්නාව සංවර්ධන සැලසුම අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ලබා දෙන්නැයි කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර


සත්ව ආහාරවලට බඩ ඉරිඟු ගේන්න අවසර
2025 මාර්තු මස 03 181 0

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ දී තීරණයට එළඹ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 19997 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 101 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 423 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 517 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site