IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි

(දඹුල්ල කාංචන කුමාර අරියදාස)

රාජකාරිය සදහා  නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා   හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු   බව කියන දියණියක සහ පියෙකු සොයා  පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

ගලේවෙල පොලිසියට අනුබද්ධව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ඊයේ ( 06)  පස්වරුවේ වැට ඉමක   ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කිරීමට ගලේවෙල වහකෝට්ට ප්‍රදේශයට ගොස් තිබේ.

එක් පාර්ශවයක් එ වන විටත් පොලිසියට පැමිණ තිබීම නිසා අනෙක් පාර්ශවයට පොලිසියට පැමිණීම සඳහා දැනුවත් කිරීමට මෙම පොලිස් නිලධාරියා   ආරවුල් ඇති අනිත්පාර්ශවය හමුවීමට ගොස් ඇත.

එහිදීම ආරවුලට තුඩු දී ඇති බව කියන වැට මායිම සහ වැට කණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පොලිස් නිලධාරියා  තම   ජංගම දුරකථනයෙන් එම වැටමායින් සහ සිටුවා ඇති කණු ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් ලබා ගැනීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

පසුව ඊට උරණ වූ   පියා සහ දියණිය එක්ව   පොලිස් නිලධාරියාට තරවටු කොට නිවස තුළට රැගෙන ගොස් දොරවල් වසා දමා ඔහුට මානසීය වද හිංසා ලබා දෙමින් පොලිස් නිලධාරියා සතු ජංගම දුරකථනය ලබාගෙන දියණිය එහි සියලු දත්තයන් මකා දමා ඇතැයි පොලිසිය කියයි.

දේශයේ ඌරන් ගොවිපලක්  පවත්වාගෙන යන මෙම පුද්ගලයා තමන් සිර කරගෙන  වද හිංසා දෙන බවට ඔහු නිවස තුළ සිට කෑ  ගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් මේ බව ගලේවෙල පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානයට ගොස් පැමිණිල්ල විභාගය සඳහා ගියා නිවස තුළ සිරකරගෙන සිටි පොලිස්සැරෙන්වරයා බේරාගෙන තිබේ.
 එම අවස්ථාවට පොලිසිය  යනවිටත් දියණිය සහ  පියා  ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය සඳහන් කළේය.



අදහස් (0)

පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි

ඔබේ අදහස් එවන්න

දියත

රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 54 0

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 304 0

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 477 0

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 313 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 691 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි
2024 ඔක්තෝබර් මස 07 2233 0

නෙළුම් කුළුනෙන් පහළට වැටී ළමයෙක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39297 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25631 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 333 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1114 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site