ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D-printing) භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් එකලැස් කර අවසන් කිරීමට ජපන් ඉන්ජිනේරුවෝ පිරිසක් සමත් වූහ.
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් ඉදි කළ පළමු අවස්ථාව මෙයයි. ත්‍රිමාන තාක්ෂණයෙන් ඉදි කෙරුණේ හට්සුෂිමා දුම්රිය ස්ථානයයි.
බටහිර ජපාන දුම්රිය සමාගම, මෙම ඉදි කිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා, සෙරෙන්ඩික්ස් නමැති ඉදිකිරීම් සමාගමේ සහාය ලබා ගත් බව පැවැසෙයි.
හට්සුෂිමා දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ, වකයාමා ප්‍රාන්තයේ 25,000 ක ජනගහනයක් සහිත අරිඩා නගරයේ කොටසක් වන නිස්කලංක මුහුදුබඩ නගරයේය.
හට්සුෂිමා දුම්රිය මීට පෙර ලීවලින් නිර්මාණය කර තිබුණු අතර, එය ඉවත් කර මෙම නව එකලැස් කිරීම සිදුවිය.
රාත්‍රී 11:57 ට අවසන් දුම්රිය පිටත්ව යෑමෙන් පසු ත්‍රිමාණ අයුරින් මුද්‍රණය කර සාදා ගත් දුම්රිය ස්ථායේ කොටස් එකලැස් කිරීම ලහිලහියේ ඇරැඹුණ අතර, උදෑසන 5:45 ට පළමු දුම්රිය දුම්රිය ස්ථානයට ළං වෙද්දී සියලුම ඉදි කිරීම් කටයුතු අවසන් කර තිබුණි.
සාම්ප්‍රදායික ආකාරයෙන් මෙම දුම්රිය ස්ථානය ඉදිකිරීමට මාස දෙකකට වැඩි කාලයක් ගත වන අතර දෙගුණයක් වියදම් වනු ඇති බව බටහිර ජපාන දුම්රිය සමාගම පැහැදිලි කර ඇත.
ත්‍රිමාණ මුද්‍රණය යනු පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් සැලසුම් කරන ලද ත්‍රිමාණ වස්තුවක් ස්ථරයෙන් ස්ථරය ගොඩනැගීමේ ක්‍රියාවලියකි. ත්‍රිමාණ මුද්‍රණයේදී අවශ්‍ය කොටස් පමණක් නිර්මාණය කර ගැනීම සිදුවෙයි.
විශාල පරිමාණයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙන් ගොඩනැගිලිවල කොටස් හෝ සම්පූර්ණ ගොඩනැගිලි පවා මුද්‍රණය කළ හැකිය. මෙම තාක්ෂණය සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රමවලට වඩා වේගවත්, අඩු වියදම් සහ පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි.
(එන්.ඩී.ටීවී.)
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථ
‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පැය 6 කින් ත්‍රිමාණ දුම්රිය ස්ථානයක් හදලා