(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි .
ඊයේ (16) සවස 6.45 ට පමණ මෙම පුපුරායාම සිදුවී තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගුණකොලපැලැස්ස ,රන්න පාර, අංක 128/02 ලිපිනයේ පදිංචිව සිටි බෝවල ගම් ආචාරිගේ සදීප සිත්මිණ නමැති තරුණයාය.
පුපුරා ගිය බැරලය ගරාජයේ වාහනවල තීන්ත ආලේපනය කිරීමට අවශ්‍ය තිනර් රැගෙන එනලද හිස් යකඩ බැරලයක් බවත් එහි එකතුවූ ගෑස් තත්වයක් මත බැරලය හදිසියේ පුපුරා යන්නට ඇතිබවත් පොලිසිය පවසයි .
පුපුරා ගිය බැරලයේ පියන කොටස ගැලවී ගොස් ගෙල ප්‍රදේශයේ වැදී බරපතළ තුවාල ලැබූ තරුණයා අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කර තිබේ .
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිපිරීමකින් තරුණයෙක් මරුට