IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි

(රෝෂන් තුෂාර)

ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්තියට පූර්ව ඇපයක් නියම නොකිරීමට හේතු ඇත්නම් ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහාවත්ත මහත්මිය මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් නියෝග කළාය.

තිළිණී පියුමාලි විසින් ඉදිරිපත් කළ පූර්ව ඇප ඇයදුම් පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

මෙම පැමිණිල්ල තිළිණි පියුමාලී විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබිණි.

නීතිඥ එච්.එම්.අයි.වි සේනාධිර මහතා මගින් ගොනුකොට තිබූ මෙම පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සංඛ අමරජිත් මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

පැමිණිලිකාරියේ පදිංචි රාජගිරිය නිවාස සංකීර්ණයේ සිටින තැනැත්තියක විසින් සිදු කර ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලිකාරිය අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවත්,සිද්ධිය සම්බන්ධයෙන් පියමාලි පැමිණිලිකාරිය සම්බන්ධ නොමැති හෙයින් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

 



අදහස් (2)

පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි

B Amarasinghe Friday, 27 December 2024 05:00 AM

ආ මේ දෙරණේ සංඛ මහත්තයානේ පෙනී සිටින්නේ

:       4       0

වික්‍රම විදුර්‍ර Friday, 27 December 2024 12:46 PM

ඒයාත් හිරේ.... නීිතියේ දැලෙන් දේශපාලුවන්ට අල්ලස් දීලා බේරිලා හිටියාට කර්මය බලගතුයි නෝනෙ.. ජීවත්වෙන හැම රැයකම කල පවු හොරකම් අනුන්ගේ ගින්දර වලින් ගිනි තැපලා දැන් බයේ ගැහී ගැහී ජීවත්වෙමු..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කතරගම බැතිමතුන්ට පීඩා කළ බව කියන 22ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 27 22 0

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය කියයි.


ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 27 4 0

ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය.


ජනපති මන් මෝහන් සිං ට සොව පළ කරයි
2024 දෙසැම්බර් මස 27 64 0

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත


දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවයි
2024 දෙසැම්බර් මස 27 256 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ


රනිල් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි
2024 දෙසැම්බර් මස 27 755 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය.


විල්පත්තුවේ සතුන්මැරූ දඩයක්කරු කොටුවෙයි
2024 දෙසැම්බර් මස 27 153 0

නීති විරෝධි ගිනි අවියක් සන්තකයේ තබාගෙන විල්පත්තුව වන උද්‍යානයේ දඩයමේ ගිය දඩයක්කරුවෙකු අඹගහවැව ප්‍රදේශයේදි ඊයේ (26) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිස


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 162 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 125 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 88 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site