IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


පියුමිගේ සුදු වෙන ක්‍රීම් සමට හිතකරද?

(ෂියන් ප්‍රනාන්දුපුල්ලේ)

නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ වනවිට පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපනයට වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය. 

පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇසුරුම රුපියල් 35,000 වටිනා බව ඇය මෑතකදී ප්‍රකාශ කළ බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කිරීමට නීතිමය රාමුවක් හෝ ඒ සඳහා පනතක් නොමැති බවද ආරංචි මාර්ග පැවැසුවේය. ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට එය බාධාවක්වී තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පිළිබඳ අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතා ප්‍රකාශ කර සිටියේ සමස්තයක් ලෙස  සම සුදු කිරීමේ ආලේපන සම්බන්ධ ගැටළු පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබෙන බවයි. 

පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට ඒවා ප්‍රවර්ධනය කරන්නන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දිරිමත් කරන බවද වෛද්‍ය සේමගේ මහතා පැවැසුවේය.

සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් සෞඛ්‍ය ගැටලු පවා මතුවීමට ඉඩ ඇති බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති රූපලාවන්‍ය නිෂ්පාදන විශේෂයෙන් සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් වැලකී සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා පියුමි හංසමාලි සහ ලොලීයා ස්කින් කෙයාර් ආයතනය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය.



අදහස් (7)

පියුමිගේ සුදු වෙන ක්‍රීම් සමට හිතකරද?

kotiya Saturday, 06 July 2024 05:53 AM

මෙම ලිපියේ "ආරංචි මාර්ග පැවසුවේය" යන හෝ ඊට සමාන තේරුමක් ඇති වාක්‍ය කීවතාවක් සඳහන් වී ඇද්දැයි නිවැරැදිව පවසා රුපියල් 100/-ක මුද්දරයක් දිනා ගන්න.

:       1       1

DM Saturday, 06 July 2024 10:06 AM

මේක මහා පුදුම රටක්. පාරිභෝගිකයා ආරක්ෂා කරන්න නීති නැහැ. හැබැයි ඕනේ තරම් රජයේ ආයතන තියෙනවා, පඩි ගන්නවා විතරයි...

:       0       11

පිටරටවැසියා Saturday, 06 July 2024 10:16 AM

මේ තියෙන හැටියට "ජාතික ඖෂධ නියාමන අධිකාරිය" කරන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට දිරිමත් කරන බව. රටේ බදු මුදලින් ඉහල වැටුප් ලබන මෙවැනි රාජ්‍ය නිලධාරීන් කලයුත්තේ මේකද? නැත්නම් රූපලාවන්‍ය නිෂ්පාදන අනිවාර්යයයෙන් නියාමනයට සහ ලියාපදිංචියට සුදුසු ක්‍රමවේදයක් සකසන එකද?? 226 වූ දේශපාලකයෝයි, රාජ්‍ය නිලධාරීනුයි, ලංකාව කෑවා කියන්නේ නිකමටම නෙමෙයි.

:       0       9

Manjula Bandara Saturday, 06 July 2024 11:54 AM

නුඹලා ඉන්නේ නෑ කිය කියා පින් පඩි ගන්න නොවේ. නීති නැත්තන් හදපල්ලා. ඒවාට තමා ජනතාවගේ සල්ලිවලින් පත් කරලා ඉන්නේ. නැතුව කාලා බීලා පින් පඩි ඇරන් නෑ නෑ කියන්න නොවේ...!

:       0       12

Asela Saturday, 06 July 2024 12:04 PM

ආණ්ඩුවට පුළුවන් නේ. මේවගේ ක්‍රීම් ව්‍යාපාරයක් පටන් අරගෙන සුටුස් ගාලා ණය ටික ගෙවලා දාන්න.

:       0       8

පිටරටවැසියා Saturday, 06 July 2024 02:08 PM

ලංකාවට බැරිද රාජ්‍ය බැංකුවකින් ලොකු මූල්‍ය පහසුකමක් දීලා මෙම ව්‍යාපාරය "රාජ්‍ය සහ පුද්ගලික" හවුල් ව්‍යාපාරයක් හැටියට තව වැඩිදියුණු කරන්න.. ඊට පස්සේ දෙනලද මූල්‍ය පහසුකම බොල් ණය හැටියට කපා හරින්න. එහෙම කරලා අපි අදානිට හරි, චීනාට හරි විකුණනවා.

:       0       5

de silva Saturday, 06 July 2024 02:48 PM

මෙතැන පැහැදිලිව පෙනෙනවා ආදායම් බදු වංචාවක් සිදුවෙලා කියලා, උපකල්පනය කරමු පියුමි මේ ආදායම් සොයාගත්තේ නීත්‍යානුකූලව ක්‍රීම් විකුණලා කියලා.., නමුත් එයා වසරින් වසර තමන්ගේ ව්‍යාපාරය හරහා උපයන ලද මුදල් පිළිබඳව ආදායම් බදු වාර්තාවක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. වැට් ලියපදින්චි වෙලා ගෙවන්න බැදී සිටිනවා. මේවා නිසි පරිදි කලානම් ගෝනි ගණන් ලියැකියවිලි වාහනවල පටවාගෙන CID එකට ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ තම අදායම් බදු ලිපිගොනුව සහ බෑන්ක් රිටන් ටික පමණි. අනිවාර්යයෙන් ආදායම් බදු වංචාවක සිදුවෙලා තිබෙන බව පෙනෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවටත් තොරතුරු ලැබෙනවා පියුමිව රිමාන්ඩ් නොකරන්නේ ඇයි?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 264 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 471 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 705 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 966 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක
2024 ජුලි මස 08 913 0

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


තැපැල් දුම්රියෙන් තැපැල් පෙට්ටිය ගලවයි
2024 ජුලි මස 08 550 0

තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 782 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1717 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3614 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site