IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


පියුමි තවත් පැටලැවිල්ලක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

මෙම වසර මුලදී කුෂ්‍ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 500 කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි.

මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරු වන සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ලද තොරතුරු අනුව සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.

 



අදහස් (14)

පියුමි තවත් පැටලැවිල්ලක

Achini Friday, 05 July 2024 10:14 PM

මෙතරම් මුදලක් උපයා ගැනීමට, සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට යමක් තිබිය යුතුය. අපිත් අවුරුදු ගාණක් උපයනවා ඒත් තාම වාහනයක් ගන්න බැරි වුණා

:       0       17

සමන් Friday, 05 July 2024 10:22 PM

පියුමිගේ ඔක්කොම කුඩු සල්ලි තමයි

:       1       14

Bandula Friday, 05 July 2024 10:22 PM

මුන් ඔක්කොම එකතු වෙලා රට කනව හොර හැත්ත

:       0       17

රංබොඩ Friday, 05 July 2024 11:30 PM

කුරා කූඹියෙකු හෝ අමාරුවේ වැටෙනවා දැක සතුටුවීමේ හදවතක් අප සතුව නැත. වැරැදි මාර්ග වලින් ආදායම් උපයා සැප, සතුට භුක්ති විඳිය හැක්කේ ඉතා කෙටි කාලයකි. සාධාරණව ජීවත් වෙමින් උපන් රටටත් සමාජයට හානියක් නොකර සිටී නම් සතුට හැමදා රැකේවි.

:       0       19

Tom Saturday, 06 July 2024 08:21 AM

මේවාට රැවටෙන්න එපා. ආණ්ඩුව මේ කරන්නේ එයාලගේ මාධ්‍ය පාවිච්චි කරලා news මවන්න. රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න.

:       24       18

MO77 Saturday, 06 July 2024 08:48 AM

ව්‍යාපාරිකයාගේ නම හෙළි කරන්නේ නැද්ද?

:       1       26

de silva berlin Saturday, 06 July 2024 11:40 AM

පියුමිගේ මොනවා මොනවා හරි හොර ජාවාරම්, කලුසල්ලි ආදායම් මාර්ග තිබෙනවා.. නැතිනම් මේ විදිහට කෙටි කාලයක් තුළදී ලංකාවේ ක්‍රීම් වර්ග සහ රූපලාවණ්‍ය දේවල් විකුණලා ප්‍රකෝටි ගණන් හොයන්න බැහැ. මේවා සත්‍යනම් දිගුකලක් (උදාහරණ ජනෙට් වසර 30-40) මෙවැනි රූපලාවන්‍ය ව්‍යාපාර කරන පුද්ගලයින්ට සහ ක්‍රීම් වර්ග තොග වශයෙන් ලංකාවට ගෙන්වන පිටකොටුවේ මුදලාලිලාට අර ඩඩ්ලි සිරිසේනලාට, ධම්මික පෙරේරාට වගේ සල්ලි තිබෙන්න ඕනේ.. මේ වාහන දෙකේ වටිනාකම පමණක් රුපියල් කොටි 10-14 අතර වෙනවා .. සමාජයේ ඉහලින් වැජඹෙන රෙන්ජ්රෝවර් වලින් යන එන නළු නිලියෝ , ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දේපළ ගැනත් සොයලා බලන්න ඕනේ... මේ ගොල්ලන් මේවා මිලදී ගෙන තිබෙන්නේ නීත්‍යානුකූලවද, එහෙම නැතිනම් අල්ලස් අරන්ද, මේ ගොල්ලන් නිසි ලෙස ආදායම් බදු ගෙවනවාද කියලා..!

:       1       44

ALWAYS BREAK DOWN Saturday, 06 July 2024 11:59 AM

එලිවන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවනි..

:       1       22

Ajith Saturday, 06 July 2024 01:19 PM

වෙන රටවල් වල හැම ආදායම් විස්තරයක්ම අඩු ගානේ මාසයකට වතාවක්වත් රජයට යනවා. ඊට අමතරව ගිණුම් වල ශේෂය අසාමන්‍ය ලෙස ඉහළ ගියහොත් රජය ඒ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරනවා. ලංකාවේ කව්රු හරි පැමිණිලි කරනකන් රජයවත්, අරක්ෂක අංශවත් දන්නේ නෑ. හරි ක්‍රම වේදයක් තියනවා නම් අයුතු ක්‍රියාකාරකම් කල්තියා දැනගන්න පුළුවන්...

:       1       29

de silva berlin Saturday, 06 July 2024 02:38 PM

ලංකාවේ මුලින්ම කරන්නේ හොරකම් ගැන පැමිණිලි කරන සංජය මහවත්ත වැනි මිනිස්සු රිමාන්ඩ් කරන එක...

:       1       12

අමල් Saturday, 06 July 2024 04:40 PM

දැන් හරි හරියට පියුමි හංසමාලි එක්ක හිටපු අය, මේක බොරුවක්, දේශපාලන පලිගැනීමක්, ඉරිසියාවට කරන දෙයක් කියන්නකෝ.. !

:       0       10

Lakvidu Saturday, 06 July 2024 05:16 PM

බලන ශෝ එකක් දැන්ම බලාගනිල්ලා! චන්දෙ ඉවරඋනු ගමන් ශෝ එක ඉවරයි !!!!!!

:       2       9

අරවින්ද මොනරවිල Saturday, 06 July 2024 06:42 PM

පියුමි ගොඩක් දේවල් වලට පැටලිලා වගේ, මොනවා වුණත් තව මාස දෙක තුනයි තියෙන්නේ, ඊට පස්සේ ඇත්ත කතන්දරේ එළියට එයි.

:       1       10

Ruwan De Silva Saturday, 06 July 2024 07:12 PM

ලංකාවේ අපි දන්නවා ඉන්දීයාවේ ශාරුක් ඛාන්ගේ වත්කම්, ඇමරිකාවේ එලොන් මස්ගේ වත්කම් හැබැයි අපි දන්නේ නෑ ලංකාවේ ව්‍යාපාරිකයව්ගේ, නළු නිළියෝන්ගේ වත්කම්

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත

වෙඩි කෑ ක්ලබ් වසන්තගේ බිරිය කළුබෝවිල රෝහලට
2024 ජුලි මස 08 58 0

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්ත ) නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලි


අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 1002 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 895 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 974 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 1191 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක
2024 ජුලි මස 08 1029 0

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 786 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1717 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3615 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site