IMG-LOGO

2024 ජුලි මස 03 වන බදාදා


මහින්ද ‌- ගෝඨා මගේ කවුරුත් නොවේ

(යොහාන් භාසුර)

මහින්ද රාජපක්‍ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්‍ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවිසැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්දෙට පාවිච්චි කිරීම පිළිබඳව තමන්ට වගකීමක් නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය අද (1) පැවසුවාය.

පියුමි හංසමාලි මහත්මිය නාරාහේන්පිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.

පියුමි හංසමාලි වන තමන් රේන්ජ් රෝවර් වාහනයක් සහ කොළඹ හතෙන් ගෙයක් ගැනීම මුළු ලංකාවට ප්‍රශ්නය වී ඇති බවත් ක්‍රීම් නිෂ්පාදනය කරන ඇතමුන් සල්ලි දී මෙවැනි චෝදනා කරන බවත් ඇය කීවාය.

රේන්ජ් රෝවර් රථය මිලදීගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්‍ෂගේ වාහන මිලදී ගත්තේ යැයි තමන්ට එරෙහිව චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයා ප්‍රකාශ කළේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමේ චේතනාවෙන් බව කී හංසමාලි මහත්මිය ඔහුට රාජපක්‍ෂලා සමඟ ඇති ප්‍රශ්නයක් සිය කරමතින් යැවීමට උත්සහ කරන බව ද සඳහන් කළාය.

අහිංසකව ව්‍යාපාරයක් කරන තමන් වැනි කෙනෙක්ට මෙවැනි චෝදනාවක් නැගීම පව්කාර වැඩක් බවත් ඒ වැඩේට ඔහුට උඩ ඉන්න දෙවියෝ දඩුවම් කර තිබෙන බවත් ඇය සඳහන් කරන්නීය. හොඳ වාහනයක් පදින විට නැති කෙනෙක්ට ඊරිසියාව ඇති වන බව කී ඇය දෙයක් ඉගෙනගෙන ඇවිත් සල්ලි හම්බකරලා වාහනයක් ගැනීමට තහනමක් නොමැති බව ද පැවසුවාය.

සිය සමාගම අලෙවි කරන ක්‍රීම් පැක් එකක මිල රුපියල් 35,000 ක් පමණ වන බවත් ඇනවුම් 25,000 ක් පමණ සපයා ඇති බැවින් ඒ පිළිබඳව අවදානය යොමු කර මෙරට ජනතාවට තීරණයක් ගතහැකි බවත් ඇය කීවාය.

වැරදිකර නොමැති නිසා බියකින් තොරව පොලිසිය වෙත පැමිණි බව කී පියුමි හංසමාලි මහත්මිය පැවසුවේ වැරදි ව්‍යාපාර කර ඇත්නම් චකිතයකින් සහ භයකින් යුතුව පැමිණිය යුතු බවත්ය.

විදේශයකට ගොස් දෙයක් ඉගෙන පැමිණ අහිංසකව ක්‍රීම් ව්‍යාපාරයක් කරන බවත් පොලිසිය වෙත පැමිණීමේදී බැංකු වාර්තා ෆයිල් පෝරබෑග් 5 ක රැගෙන ආ බවත් ඇය කියන්නීය.

මෙවැනි ප්‍රශ්න පැමිණේ යැයි අනුමාන කළ නිසා ව්‍යාපාරයේ සියලු දේවල් බැංකු හරහා කළ බව කී හංසමාලි මහත්මිය පියුමි හංසමාලි සල්ලි හම්බ කළේ කුඩු විකුණලද, සිය සල්ලි කළු සල්ලි ද යන්න ඉදිරියේදී දැනගත හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

 

--------------------------------------

(යොහාන් භාසුර සහ ගයාන් සූරිය ආරච්චි)

ඉතාම සාධාරණ ව්‍යාපාරවලින් තමන් මුදල් උපයා ඇති බවත් කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාපාර කර නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මය අද (1) පස්වරුවේ පැවසීය.

නාරාහේන්පිට පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකයේ පෙනී සිටීමෙන් පසුව ඇය එසේ පැවසුවාය.

කාන්තාවක් ව්‍යාපාරයක් කරගෙන යන විට මෙවැනි චෝදනා කිරීම පිළිබඳව කණගාටු වන බවත් කුමන චෝදනා කළත් තමන් නිර්දෝෂි යැයි දන්නා නිසා කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් පියුමි හංසමාලි මහතාමිය කීවාය.

තමන්ට බැංකුවල ගිණුම් 20 ක් නොමැති අතර තිබෙන ගිණුම් නවයක් පමණ ද ව්‍යාපාරයට අදාල ඒවා බවත් බොරු චෝදනා කළ පුද්ගලයන්ට ඒවා පළදෙන බවත් ඇය කීවාය.  

තමන් සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකය තව දුරටත් විමර්ශන කරමින් සිටින බවත් ඒ හේතුවෙන් තවත් දිනයක් දැනුම් දෙන්නේ යැයි පැවසූ බවත් ඇය කීවාය. 



අදහස් (15)

මහින්ද ‌- ගෝඨා මගේ කවුරුත් නොවේ

Prabha Monday, 01 July 2024 03:33 PM

එකනේ හැමතැනම ඊර්සියාකාරයෝ

:       6       165

ජගත් ලියනගේ Monday, 01 July 2024 03:51 PM

ලංකාවේ නිරූපිනියක් ඔච්චර සල්ලි හොයා ගත්තේ කොහොමද කියන එක ලොකු ගැටළුවක්...

:       173       67

gataluvaTuesday, 02 July 2024 08:51 AM

රටම බංකොලොත් කරපු අයගේ වත්කම් ගැටලුවක් නැතෙයි ඔහෙලාට

:       34       62

janahithaTuesday, 02 July 2024 08:55 AM

මස් කන බැක්ටීරියා දේශපාලනය ගැටලුවක් නැතිද උන්නට

:       37       8

Rosa Monday, 01 July 2024 04:43 PM

ඒකමයි මාත් කියන්නේ... කොච්චර අහිංසක ඇඟේ මැස්සෙක්වත් වහලා නැති මේ චූටි තොත්තෙටනේ මේ අය බොරු චෝදනා කරන්නේ... මෙයාගෙන් ක්‍රීම් ගාගන්න දේශපාලුවන් ටික කෝ අනේ..? එන්නකෝ මෙයාව බේරාගන්න අනේ...!

:       136       46

Pradeep Kumara Monday, 01 July 2024 04:47 PM

බොහෝම පැහැදිලිව එයා කියලා තියනවා... එයාගේ රූපලාවන්‍ය උපකරණ අලෙවි කරලා මුදල් උපයාගත් බව. එක පැක් එකක් රුපියල් 35000ක්... මාසෙකට අඩුම තරමින් 100ක් අලෙවි වුණොත්? එයාගේ තියන ෆෑන් බේස් එක සහ ජනප්‍රියත්වයත් එක්ක ඒ ගාන වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. අනික අද කාලේ ඉන්න බොහෝමයක් මධ්‍යම සහ ඉහළ පන්තියේ ගැහැණු මේ රූපලාවන්‍ය උපකරණ කීයක් දීලා වුණත් ගන්න මැලි වෙන්නේ නෑ...

:       21       165

රංබෙිඩ Monday, 01 July 2024 05:30 PM

කොහොමත් මෙයාට ප්‍රශ්නයක් වෙන්නේම නෑ. දේශපාලකයින් සහ තව තවත් උඩ තැන්වල ඉන්න අය මෙයාව රකින්නේ හරියට මලක් වගේ. ඒ තරම්...

:       112       46

janahithaTuesday, 02 July 2024 08:52 AM

හොර දේශපාලුවෝ මලක් වගේ තලනකොට කන ලංකාවේ ජනතාව රකිනවා

:       41       7

Saman Monday, 01 July 2024 06:51 PM

සල්ලි හම්බ කරලා තියෙන්නේ සාධාරණව නම්, කිසිදේකට බයවෙන්න එපා. විශ්ව මාතාව ඇයව ආරක්ෂා කර ගනීවි...

:       9       85

අමල් Monday, 01 July 2024 06:54 PM

පැය 03ක්! එහෙනම් ඒකටයි මේ සැරින් සැරේ ඩුබායි යන්නේ!

:       48       21

Ruwan De Silva Monday, 01 July 2024 08:49 PM

මේවා ඔක්කෝම දේශපාලන නාඩගම් කාලෙන් කාලයට රජයේ කුණු වහගන්න එක එක කතා මවනවා.. ඉස්සර වගේ ජාතිය බේරාගන්න අන්තිම අවස්ථාව කියන එක දැන් යල්පැනගිය දෙයක් හින්දා කව්රුහරි අල්ලාගෙන පතුරු ගහලා මාධ්‍ය සන්දර්ශන දානවා... අර යුක්තිය මෙහෙයුමට මොකද වුනේ? තාම කුඩ්ඩෝ හැමතැනම, අල්ලපු කුඩුවලට මොකද වුනේ? හෙට අනිද්දා තව මොකෙක්හරි අල්ලන් සංදර්ශනයක් දායි...

:       0       0

janahitha Tuesday, 02 July 2024 08:53 AM

සැරින් සැරේ ඩුබායි යන්නේ බැසිල් සහ පවුල ඔබගේ අපේ ආයෝජන මෙහෙයවලා

:       36       11

saman Tuesday, 02 July 2024 09:46 AM

පියුමි නිවැරදියි

:       7       7

sathya Tuesday, 02 July 2024 12:25 PM

මෙය දිගුකාලින ව්‍යාපාරයක් නොවේ. ගැටලු තියෙන්නේ අවුරුදු දෙකක් තුනකිින්මෙ තරම් මුදල් සොයා ගැනිම

:       0       3

සෙනෙවිරත්න Tuesday, 02 July 2024 01:46 PM

ගෝඨාගේ රථය ගැනීම ගැන අසතුටෙන් ඉන්න කෙනෙක් සමහර විට මේ පැමිණිල්ල කරන්න ඇති, ඒකට මුදල් සෙවීම පැහැදිලිව පෙන්නුවා නම් මොනවා කරන්නද, රටේ ඕන තරම් ඉන්නවා මෙහෙම වත් කියාගන්න බැරි පෝසත්තු සහ වත්කම් රැස් කරපු අය ඒවත් මේවත් සියල්ල සොයන යාන්ත්‍රනයක් සහිත පාලනයක් පත්කරගමු. මුන් දෙතුන් ගොල්ල ඕව කරන්නෙම නැහැ ඉඳල හිටල මේවගේ සංදර්ශනයක් දානව හැර.මොකද මේ දෙතුන් ගොල්ලගෙම අය ඉන්නව මෙහෙම වත් කියාගන්න බැරි අය, තම තමන්ගෙ මූනත්තහඩුව දම දමා බලය ඉල්ලන්⁣නෙ ආද⁣රේට නෙවෙයි.ගමේ ප්‍රාදේශීය සභාවෙ සභාපති එදා සහ අද ඉන්න හැටි බලන්න

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අධ්‍යාපනය කඩන අය ගැන පියවර ගන්න නීතිපති උපදෙස් පතයි
2024 ජුලි මස 03 198 1

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතු යැයිද විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි යැයිද ජනාධිපති රනි


රත්නපුර පළාත්පාලන ආයතනවලට ලං.වි.ම රතු නිවේදන
2024 ජුලි මස 03 196 2

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවී


ජනපති පොහොට්ටුවට ආවොත් ජනපති අපේක්ෂකත්ව ලබාදීම ගැන බලනවා
2024 ජුලි මස 03 575 9

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා


ගම්පහ ගංවතුරට හේතු සොයන්න මෙහෙයුමක්
2024 ජුලි මස 03 297 2

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.


තාබුගලට මරණ තර්ජන
2024 ජුලි මස 03 970 3

රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුට ඇතැයි කියන ජීවිත තර්


සම්බන්දන්ගේ පුටුවට කුගදාසන්
2024 ජුලි මස 03 567 0

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 533 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1562 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3414 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site