IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


පිය පුතු ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට

(බී.ජී. චතුරංග)

රාජාංගනය පොලිස් වසමේ යාය 17 පහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක සිටි පියකු සහ පුතෙකුගේ ගෙල කපා මනුෂ්‍ය  ඝාතනයක් සිදු කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාජාංගනය  පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාය 17 පහළ මාරගහවැව පදිංචිව සිටි වයස අවුරුදු 27 සහ 23 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

තියුණු ආයුධ ලක්ව අමානුෂික  ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  හිටි හාමිලාගේ ගාමිණී යසරත්න (56)  සහ ඔහුගේ පුතා වන හිටි හාමිගේ ගයාන් යසරත්න (26) නැමැති පුද්ගලයන් දෙදෙනෙකි. 

රාජාංගනය පහළ මාර ගහ වැව ඇඟලුම් කම්හල පිටුපස නිවසේ පදිංචි, කුමාර සහ ඔහුගේ පුතා මරා දමා ඇති බවට ඉකුත් 12 දා රාජාංගනය  පොලිසියට ලැබුණු පෞද්ගලික දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම නිවසේ සාලය තුල පුද්ගලයන් දෙදෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව වැටී සිටියදී  සොයා ගත් බව පොලිසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඝාතනය සිදුවූ නිවසට යාබව මීටර් 600ක පමණ දුරින්  පදිංචි ව සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුත්‍රයා සහ පියා විසින් මීට වසර තුනකට පමණ පෙර සැකකරුවන්ගේ පියාට පහරදී ඝාතනය කර ඇති බවත් එම ඝාතනයට පලි ගැනීමක් ලෙස සැකකරුවන් විසින් මෙම ඝාතනය  සිදු කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

පිය පුතු ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට

MD Wednesday, 16 April 2025 02:00 PM

නගරේ මනුස්සයා කොහොම හරි දවසේ ජීවිතය ගැට ගහගන්න කුලියට තැනක් ගෙන හෝ කුමන හෝ රැකියාවක නිරත වෙමින් යුතුකම් වගකීම් පුළුවන් ආකාරයෙන් සිදුකරගෙන ගියත් ගමේ ඵකාලාට ඉන්න තැනක් යමක් කමක් දෑතෙන් කරගන්න පුළුවන් කමත් තියෙද්දී තමන්ගේ කියලා දෙමාපියන් නෑදෑ හිතවතුන් අසල සිටියදීත් කරන්නේම දුෂ්ඨ, කුහක වැඩමයි. පව්..!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 443 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


ඉන්දීය ගිවිසුම් හත පාර්ලිමේන්තුවට දැම්මේ නෑ
2025 අප්‍රේල් මස 16 281 1

රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුම


ට්‍රම්ප්ගෙ බද්ද හදිසි අවස්ථාවක් සේ සලකා පියවර ගන්න
2025 අප්‍රේල් මස 16 350 1

ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු බව හිටපු ජනාධිපති


ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි
2025 අප්‍රේල් මස 16 2375 0

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්


ගම්මන්පිල, පිල්ලෙයන්ගේ නීතිඥයා වීම ගැන නලින්ද කතා කරයි
2025 අප්‍රේල් මස 16 1216 1

පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 313 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 981 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site