(එම්.සුසිල් ප්‍රියන්ත)
රෝගී තත්වයට බෙහෙත් නැතිව මියගිය පියාගේ දරුවන් පස් දෙනා මේ වන විට කුසට ආහාරක් නොමැතිව දැඩි ලෙස අසරණවී ඇති පුවතක් බලපිටියෙන් වාර්තා වේ.
බලපිටිය කොස්ගොඩ පදිංචිව සිටි මනෝජ් ප්‍රියන්ත රෝගී තත්වයට බෙහෙත් මිලදී ගැනීමට නොහැකි වීම නිසා රෝගය උත්සන්න වී ජීවිතයෙන් සමුගත්තේ දරුවන් පස් දෙනා සහ භාර්යාවට ද ජීවත්වීමට මඟමයාමට ඉඩහසර විවර කරමිනි.
පිය සෙනෙහස හ ආරක්ෂාව අහිමි වීමෙන් පසු පවුලේ ආර්ථිකය එහේම පිටින්ම කඩාවැටිණි. පස්දරු මවක තම දරුවන් පස් දෙනා ජීවත් කරවීමට අපමන වෙහසක් දරති.
පාසල් යන වයසේ දරුවන් සිව් දෙනකු හා අවුරුදු එකහමාරක දරුවකු ජීවත්කරවීමට ජීවිතයෙන් සමුගත් මනෝජ් ප්‍රියන්තගේ භාර්යාව වන සුජීවනී ද සොයිසා ගන්නා වෙහෙස දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.
පාසල් යන මේ සිව් දරුවන් පාසල් යැවීම කෙසේවෙතත් ඔවුනගේ බඩකට තුන් වේල පිරිමසා ගැනීමට අද ඇයට නොහැකිවී ඇත්තේ මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්කය. තවද මේ දරුවන් ජීවත් කිරීමට සුජීවනීට කුලියක් මලියක් සොයා ගැනීමටවත් යාමට නොහැක්කේ තවමත් කිරි බොන වයසේ සිටින අවුරුදු එකහමාරේ දරුවා නිසාය.
මේ දරුවා සමහර දිනවලදී මව් කිරි බීමට ගොස් මර ලතෝනි දෙන්නේ කිරි එරීමට තරම්වත් ආහාරයක් තමා නොගන්නා නිසා බව සුජීවනී අප සමග කීවේ දෙනෙතේ ගැලූ කදුලු දෙඅත්ලෙන් පිස දමමිනි.
අනේ මගේ මහත්තයට බෙහෙත් ගන්න සල්ලි තිබුන නම් අවුරුදු තිස්නවයක් වගේ අඩු වයසින් ජීවිතයෙන් සමුගන්න වෙන්නේ නැහැ.
ඔහු අවසන් දවස්වල මගෙන් කන්න ඉල්ලුවා. මම කොහෙන්ද දෙවියනේ සැමියට කන්න දෙන්න දේවල් දෙන්නේ යයි කියනා විට සුජීවනී දැඩි ලෙස සංවේදී වූවාය.
මගේ මේ දරු පැටව් පස් දෙනා අනන්තවත් බඩ ගින්නේ ඉදලා තියෙනවා.පොඩි දරුවා සමහර දවස්වලට කිරි ඉල්ලා අඩනවා.
මම මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ මහත්තයෝ යයි සුජීවනී කෑමොර දුන්නේ හිතේ තිබූ වේදනාවටය.
ඇයට ශක්තියක් විමට කැමැති අයෙක් වෙතොත් එච්.එස්.ද සොයිසා නමින් අහුන්ගල්ල ලංකා බැංකුවේ 88734631 ගිණුම් අංකයට මුදල් බැර කල හැකිය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත.
හංවැල්ල ආටිගල පාර බටවල හන්දිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පිය සෙනෙහස අහිමි දරුවන් පස් දෙනා දින ගණන් කුස ගින්නේ