IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


පිස්තොලයක්-ජීව උණ්ඩ අස්ථානගතවුණැයි සැරයන් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මාදම්පිටිය පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් අඩංගු පතරොම් ගැබ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිසියටම අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

ඉකුත්  ඔක්තෝබර් මස 30 වෙනි දින   රාත්‍රී උපසේවා රාජකාරී යෙදී සිටි ආධුනික පොලිස් කොස්තාපල් 106224 ගුණවර්ධන නිලධාරියාව උපසේවා රාජකාරී භාරගනිමින් සිටි අවස්ථාවේදී සැකකාර පොලිස් සැරයන්වරයා පැමිණ හදිසි වැටලීමක් සඳහා ගිනි අවියක් ලබා දෙන ලෙසට ඉල්ලා පිස්තෝල ගිනි අවියක් රැගෙන ගිය බවට එම කොස්තාපල්වරයා විසින් ප්‍රකාශයක් ලබා දී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අස්ථානගත වූ එම ගිනි අවිය අදාල දිනයේදී සැරන්වරයා සන්තකයේ තිබූ බවට සිදුකළ විමර්ශන වලදී  එම අවස්ථාවේදී රාජකාරී යෙදී සිටි  නිලධාරීන්ගේ ප්‍රකාශවලින්ද හෙළි වී යයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්   අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පිස්තොලයක්-ජීව උණ්ඩ අස්ථානගතවුණැයි සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

අංකුර සාහිත්‍යවේදී ජයග්‍රහකයන් ලංකාදීපයෙන් හෙට
2024 දෙසැම්බර් මස 22 64 0

අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය.


උත්සව සමයේ පාරේ යන්නේ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 22 278 0

උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග


ගැඹුරු මුහුදේදී බිලී කටුවක් ඇමිණුනු ධීවරයා ජාතික රෝහලට
2024 දෙසැම්බර් මස 22 728 0

ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරු


කැලණි ගඟේ වැලි ජාවාරමක්
2024 දෙසැම්බර් මස 22 390 0

විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටිය


ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි
2024 දෙසැම්බර් මස 22 835 0

මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දි


ඇමෙරිකාවට ඩ්‍රෝන යානා බියක්
2024 දෙසැම්බර් මස 22 876 0

ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 48 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 33 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site