IMG-LOGO

2025 ජනවාරි මස 28 වන අඟහරුවාදා


පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනකදී

(මනෝප්‍රිය ගුණසේකර)

පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කථානායකවරයා වෙත යොමු කරන බව අද (27) දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කෙරිණී.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නීතිඥ කොෂල්‍යා ජයවීර, ගල්කිස්ස හිටපු නගරාධිපති උපුල් ගමගේ, කඩුවෙල නාගරික මන්ත්‍රී ශිරන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් පෙත්සම් ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කල්දමා ඇති පලාත් පාලන. මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලූතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්හ.

මේ හේතුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබු අපේක්ෂකයන්ට ඉමහත් අසාධාරණයක් වන්නේ යැයිද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කී නීතීඥවරු ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටිති.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වුයේ පනත් කෙටුම්පතේ තිබු දුර්වලතා මගහැරීම බවත් නව ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී ඔවුන්ගේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවත් කීය.

මෙම පනත් කෙටුම්පත මගින් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා වන බවත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු වන බවත් කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පනත් කෙටුම්පත මඟින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවත් කී නිර්මලන් විග්නේෂ්වරන් මහතා සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ අනුමැතියෙන් මෙම පනත සම්මත කළ හැකි යැයි කීය.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධ තීන්දුව ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමු කරන බව දැනුම් දුන්නේය.

පෙත්සම්න්කරුවන් වෙනුවෙන් නීතිඥ භූපති කහපිටිය මහතා සමඟ ජනාධිපනීතිඥවරුන් වන විරාජ සිල්වා සහ රහුෆ් හකිම් යන මහත්තුරු පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනකදී

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ව්‍යාපාරික යුවළ බිය ගන්වා ලක්ෂ 50 ක කප්පම් ඉල්ලලා
2025 ජනවාරි මස 28 114 0

තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින්


පෙම්වතියගේ පිහි පහරින් පෙම්වතා මරුට
2025 ජනවාරි මස 28 320 0

අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහිය


සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක්
2025 ජනවාරි මස 28 194 0

මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්‍රදානය කළේය.


දුම්රිය ඊ ටිකට් වංචාවට තවත් අයෙක් අල්ලයි
2025 ජනවාරි මස 28 397 0

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංච


වැස්ස වැඩි වන ලකුණු
2025 ජනවාරි මස 28 230 0

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තම


අගමැතිනිය APICTA සිසුන් අගයයි
2025 ජනවාරි මස 27 625 0

බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 39 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 601 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 671 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site