IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


පුටින්ගේ රථය පුපුරවලා?

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල වාහන බල ඇණියට අයත් යැයි විශ්වාස කෙරෙන ඕරස් සෙනට් මාදිලියේ ලිමොසීන් රථයක් මොස්කව්හි රුසියානු එෆ්.එස්.බී බුද්ධි සේවා මුලස්ථානය ආසන්නයේ නවතා තිබියදී ඊයේ (29) පුපුරා ගොස් ගිනිගෙන ඇතැයි "ද සන්" පුවත්පත වාර්තා කළේය.

ලිමොසීන් රථයේ එන්ජිමෙන් ගින්න ආරම්භ වී ඇතුළත දක්වා පැතිර ඇතැයි එම පුවත්පත සඳහන් කළේය.

මෙය රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් උත්සාහයක්දැයි විදෙස් මාධ්‍ය ප්‍රශ්න කර ඇත.

කෙසේ වෙතත් රථය පුපුරා යන අවස්ථාවේ එම රථය භාවිත කර ඇත්තේ කවුරුන්දැයි තොරතුරු හෙළිකර නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර හේතුවෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බවද පැවැසුවේය. රථය ගිනිගැනීමත් සමග ඒ අසල ආපනශාලාවල සහ වෙළෙඳසැල්වල සිටි සේවකයන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට උත්සාහ කර ඇති බවත් හදිසි සේවා එම ස්ථානයට පැමිණ එම තත්වය පාලනය කර ඇත.

ඕරස් සෙනට් ලිමොසීන් රථය රුසියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථයක් වන අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 3,55,796 කි. ජනාධිපති පුටින් මෙම මාදිලියේ රථයක් උතුරු කොරියානු නායකයාටද තෑගි කර ඇත.

මෙම සිදුවීමත් සමග රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිසැකවම සිය ආරක්ෂාව තවත් දැඩි කරගනු ඇතැයි "ද සන්" පුවත්පත සඳහන් කළේය.

 



අදහස් (2)

පුටින්ගේ රථය පුපුරවලා?

වින්සන්ට් කජ්ජා Sunday, 30 March 2025 04:16 PM

රුසියාවට හා ලෝකයට අගනා අවස්ථාවක් අහිමිවුනාවත්ද?

:       3       8

Nandalal de Silva - France Sunday, 30 March 2025 05:33 PM

ඔය පිපිරීම අනිවාර්යයෙන්ම කරන්න ඇත්තේ යූක්රෙන බුද්ධි අංශ විසින් කියා, ක්‍රෙම්ලින් වල පූටින් ගෙ සට්ටැඹි රංචු ලොව පුරා පතුරුවා හරිමින් සිටිනවා... ගරා වැටෙමින් පවතින පූටින් ගෙ ජනප්‍රියත්වය ඉහල නැංවීම සදහා රුසියාවේ KGB රහස් ඔත්තු සේවාවේ ක්‍රියාවක් බව බටහිර බුද්ධි අංශ පවසයි... පව්... අනේ... පව්. පූටින් එවෙලේ එම රථයේ නොසිටි ඒක !!!

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්
2025 අප්‍රේල් මස 01 75 0

ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කි


මැතිවරණ පෙත්සම් 3 දක්වා කල් යයි
2025 අප්‍රේල් මස 01 68 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම්


කෝටි 25ක මැණික් මල්ලක් හොර පාරේ ගිහින්
2025 අප්‍රේල් මස 01 277 0

රාජසන්තක කරන ලද කෝටි 25ක මැණික් මල්ලක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින් තොරව අවම දඩ මුදලක් යටතේ නීති විරොධීව මුදා හැර ඇ


නුවරඑළිය මහා මංගල්‍ය ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 284 0

නුවරඑළිය අප්‍රේල් වසන්ත සැණකෙළි මාලාවේ ආරම්භය සනිටුහන් කිරිම නුවරඑළිය නගර මධ්‍යයයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතාග


පාර්ලිමේන්තුවේ මුලසුනට එන අයට එංගලන්තෙන් පාඩමක්
2025 අප්‍රේල් මස 01 422 0

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමා


ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න අනුකාරක සභා 03ක්
2025 අප්‍රේල් මස 01 152 0

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 120 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 724 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 762 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site