IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


පුටින් සමාව ඉල්ලයි

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී යානය, අනතුරට පත් වී කඩා වැටුණේ කසක්ස්තානයට ඉහළින් පියාසර කරද්දීය. අංක 8432 එම යානය, අසර්බයිජානයේ බාකූ අගනුවර සිට දකුණු දිග චෙච්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබුණේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 67 දෙනකු සමඟය.

රුසියන් ගුවන් ආරක්ෂක මිසයිලය යානයට වැදීමත් සමඟ, නියමුවන්ට යානය පාලනය කර ගැනීමට නොහැකි වුණු අතර, එය හදිසි ගොඩබෑමක් ලක් කෙරුණි. එයින් යානයට දැඩි හානි සිදුවිය. යානයේ සිටි 29 දෙනකුගේ දිවි බේරා ගැනීමට යානයේ නියමුවන් සමත් වූයේ ඔවුන්ගේ ජීවිත පූජා කරමිනි. යානයේ නියමුවන් වීරයන් බවට පත් කිරීමට ඔවුන්ගේ එම ක්‍රියාව හේතුවක් විය.

අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් පසුගිය දා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණි. දහවල් 12 වෙද්දී, අසර්බයිජාන ජාතික ධජ අඩකුඹු කරමින්, මුළු රටම මිනිත්තුවක් නිහඬ වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

රුසියානු හමුදා, යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, එය යුක්රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වනවිට සිදුකළ විමර්ශනවලින් තරහුරු වී ඇත.

පුටින්ට අමතරව, රුසියන් රජය මෙන්ම රැසියන් හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කර ඇත. අසර්බයිජාන මගී යානය කඩා වැටුණේ රුසියාව වැරදීමකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යැයි පළමුවෙන් අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශය. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පුටින් සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

යකඩ පලංචියේ වැඩ කළ තුනක් විදුලි සැරවැදි මරුට
2024 දෙසැම්බර් මස 29 275 0

නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ නිවසක ඉදි කිරීමක අද 29 සවස නිතර සිටි කම්කරුවන් පිරිසට විදුලි සැර වැදිමකින් තිදෙනකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරොච


අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ
2024 දෙසැම්බර් මස 29 28 0

මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය ම


හිටපු මැති ඇමැතිවරුන්ගේ බැංකු පොලු ගැන තොරතුරු පනතින් ඉල්ලයි
2024 දෙසැම්බර් මස 29 283 0

මැති ඇමතිවරුන් 1994 සිට මේ දක්වා රජයේ බැංකුවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ තොරතුරු තොරතුරු පනත යටතේ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ශ්‍රී ලං


යතුරු පැදිය ගිනි ගෙන දැවෙයි
2024 දෙසැම්බර් මස 29 276 0

ගාල්ල නගරයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදි අද රාත්‍රි ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශවි ඇතැයි ගාල්ල පොලිසිය


තරුණයකුගේ විදෙස් සිහිනය බොඳ කළ හිටපු ඇමැති සහෝදරයා රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 29 893 0

විදේශ රැකියා ලබාදෙන බව පවසා යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්


‘‘ලංකාදීපය‘‘ අයිකොනික් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
2024 දෙසැම්බර් මස 29 171 0

අයිකොනික් විශිෂ්ටතා සම්මාන උළෙල - 2024’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පස්වරුවේ පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 231 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 148 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 114 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site