IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළැයි කියන පුද්ගලයින් 92දෙදෙනෙකුගේ නාම ලේඛණයක්ද ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති කාමන්ත තුෂාර මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සමයේ ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන 833ක් ඇති බවට ලේඛණ වල සටහන්ව ඇති බවටත් 2022 වසර වන විට ඉන් වාහන 22ක් අතුරුදන්ව ඇති බවටත් ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසා ඇති බව අවධාරණය කරන කාමන්ත තුෂාර මහතා ලංකාව පාලනය කළ ඇතැම් ජනාධිපතිවරු හා නිලධාරීන් චක්‍ර ලේඛණ උල්ලංඝණය කරමින් තම හිතවතුන්ට ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන ලබාදී ඇතතැ බවද පෙන්වා දී ඇත.

අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රජයට වු පාඩුව පිළිබඳව මෙන්ම එම වාහන නඩත්තු කිරීමට, අ`ථත්වැඩියා කිරීමට වැය වු මුදල් ප්‍රමාණය කොපමණද? වාහන ලැබු පුද්ගලයින් එම වාහන තෙවැනි පාර්ශවයන්ට දී මුදල් උපයා ඇද්ද? යන්න පිළිබඳවද විමර්ශනය කරන්නැයි ඉල්ලා සිටින කාමන්ත තුෂාර මහතා චක්‍ර ලේඛණ උල්ලංඝණය කරමින් ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරන ලෙසද ඉල්ලා සිටී.

 



අදහස් (0)

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 650 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 307 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 693 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 796 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2522 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 496 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site