IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙරට ප්‍රමුඛ මහජන සම්බන්ධතා ආයතනයක් වන Mark and Comm හි කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා විසින් පිළිගන්වනු ලැබීය.

මෙම ත්‍රෛභාෂා වාර්තාව මගින් මාධ්‍ය වෘත්තිකයන්ගේ දර්ශනය සහ ඔවුන් උත්සුක වන කරුණු පිළිබිඹු කරන අතර වඩාත් ශක්තිමත් සහ ප්‍රගතිශීලී ක්ෂේත්‍රයක් පෝෂණය කිරීමේ අවස්ථා ඉස්මතු කරයි.

මෙම පිළිගැන්වීමේ අවස්ථාවේදී වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව අදහස් හවුමාරු කරගැනීමක්ද සිදු කෙරිණ.

Mark and Comm විසින් පිළිගන්වන ලද වාර්තාවේ ඉස්මතු කරන ලද මූලික ප්‍රමුඛතාවක් වන්නේ මාධ්‍ය ආයතන තුළ වැඩි මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමය.

එසේම සාධාරණ වැටුප්, නියමිත වෙලාවට සිදුකරන ගෙවීම් සහ තිරසර ආදායම් ආකෘති සහතික කිරීම මඟින් වඩාත් සුරක්ෂිත සහ උනන්දු ශ්‍රම බලකායක් නිර්මාණයට දායක වනු ඇත.

මීට අමතරව, ව්‍යුහගත වෘත්තීය වර්ධනයේ සහ ප්‍රවර්ධන අවස්ථාවල වැදගත්කම වාර්තාව අවධාරණය කරයි,

මාධ්‍යවේදීන්ට ප්‍රමාණවත් උපදේශනයකින් සහ කුසලතා සංවර්ධනයකින් තම වෘත්තියේ ඉදිරියට යාමට ඇති අවස්ථාව පිළිබඳවද සාකච්ඡා කොට තිබේ.

ආචාරධාර්මික ප්‍රමිති ශක්තිමත් කරමින් මාධ්‍ය නිදහස තහවුරුකරන ශක්තිමත් ක්ෂේත්‍ර රෙගුලාසිවල අවශ්‍යතාව මෙම වාර්තාව මගින් අවධානයට යොමු කර තිබේ.

කරුණු පරීක්ෂා කිරීම, වැරදි තොරතුරු වැළැක්වීම සහ විනිවිදභාවයෙන් යුතුව වාර්තා කිරීම පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ ලබාදීම තුළ මෙරට පුවත්පත් කලාව කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීමටද මෙහිදී අවධානයට යොමු කර තිබේ.

ආචාරධාර්මික මාධ්‍යවේදය සහ වගකීම් සහගත වාර්තාකරණය,විශ්වසනීය මාධ්‍ය පරිසරයක් හැඩගැස්වීම, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ මානසික සුවතාව, මාධ්‍ය වෘත්තිකයන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මානසික සෞඛ්‍ය, ආතති කළමනාකරණ මූලාරම්භ සහ සමබර වැඩ පරිසරයන් සැපයීමේ වැදගත්කම, වර්ධනය වන මාධ්‍යවේදීන් ප්‍රමාණය, ඩිජිටල් සහ බහුමාධ්‍ය මාධ්‍යවේදය, ගවේෂණාත්මක වාර්තාකරණය, මාධ්‍ය ආචාර ධර්ම සහ අර්බුද ආවරණය පිළිබඳ පුහුණුව සහ අවස්ථා ඉහළ නැංවීම කෙරෙහිද මෙමගින් අවධානය යොමු කොට තිබේ.

පුවත්පත් කලාව පිළිබඳ මහජන අවබෝධය බොහෝ දුරට ධනාත්මකව පවතින බවත් මෙම වාර්තාව මගින් Mark and Comm ආයතනය වැඩිදුරටත් දක්වා තිබේ.

 



අදහස් (0)

පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තුවේ බොරු කියන්න හැකි වරප්‍රසාදය ඉවත් කරන්න
2025 පෙබරවාරි මස 28 110 0

වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැ


උද්ධමනය තවත් පහළට
2025 පෙබරවාරි මස 28 136 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් පහත ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය.


බෙදුම්කරුවෝ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වෙති
2025 පෙබරවාරි මස 28 807 1

ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවස


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 පෙබරවාරි මස 28 91 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මාර්තු මස වෙනස් නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


වාහන නෞකා දෙකක් මෙම මස 10 - 12 එයි
2025 පෙබරවාරි මස 28 187 0

වාහන රැගත් නෞකා දෙකක් මෙම මස 10 සහ 12 දෙදින හම්බන්තොට වරායට ළගාවීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා අද (28) පැවසීය.


රජ්‍ය ආයතන 52ක් කෝටි 42800ක ලාභ ලබලා
2025 පෙබරවාරි මස 28 717 3

රජයේ ආයතන 52ක් 2024 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී රුපියල් කෝටි 42800ක ලාභයක් ලබා ඇතැයි මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණ


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 55 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 348 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 485 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site