IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය රෝහලට

(බී.ජි. චතුරංග)

අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු කල පුද්ගලයෙකු, උල් පිහියක් සහ වස බෝතලයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක සේවය කරමින් සිටි, එප්පාවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. 

සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ, එප්පාවල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණියකි.

මෙම සිද්ධිය දුටු පිරිසක් වහා ක්‍රියාත්මක වී පහර දීම සිදු කරමින් සිටි පෙම්වතා බව කියන පුද්ගලයා අල්ලා ගෙන පොලිසියට බාර දී ඇති අතර, පිහි ඇනුමට ලක්ව බර පතල තුවාල ලැබූ කාන්තාව, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබූ  බව පොලිසිය කියයි. 

පිහි අනුම සිදු කල පිරිමි පුද්ගලයා සහ තුවාල ලැබූ තරුණිය වසර 9කට ආසන්න කාලයක්, පෙම්වතුන් ලෙස සිට ඇති අතර දෙදෙනා අතර  ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන්, මෙම පහර දීම  සිදු කරන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි. 

එම දෙදෙනා අද (30) දහවල් හමු වූ අවස්ථාවේදී පෙම්වතා බව කියන පුද්ගලයාගේ හැසිරීමේ වෙනසක් දුටු පෙම්වතිය, ඔහුගෙන් මිදී  දිව ගොස් ඇති අතර, මීටර් පන්සියයක් පමණ දුරක් පමණ ඇය පිටුපසින් ලුහුබැඳ  පැමිණි සැකකරු, ඇයට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර ඇති බව පොලිසිය කියයි.

පහර කෑමට ලක් වූ තරුණියගේ අත් දෙකට, පිට ප්‍රදේශයට, යටිබඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව, ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට  ඇතුලත් කිරීමෙන් අනතුරුව, ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබූ    බව පොලිසිය සඳහන් කළේය.

 

 

 



අදහස් (4)

පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය රෝහලට

Pradeep Kumara Wednesday, 30 October 2024 04:24 PM

මොකක්ද මේ තරුණ පරපුරට වෙලා තියෙන්නේ? එක ප්‍රවෘත්තියකින් කියනවා පෙම්වතා පෙම්වතියව බස් එකෙන් බිමට තල්ලු කරලා කියලා, තව එකක කියනවා පෙම්වතා පෙම්වතියව මුහුදට තල්ලු කරලා කියලා. දැන් පිහියකින් ඇනලා. විශේෂයෙන්ම තමන් ආදරය කළ කෙනෙකුට කොහොමද මෙහෙම කරන්නේ? පෙන්වලා තියෙන්නේ බොරු ආදරයක්ද? ඒත් දෙයියනේ තව කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න තරම් තිරිසන් තත්වයකට පත් වෙන්නේ කොහොමද?

:       2       25

රටවැසියාWednesday, 30 October 2024 07:21 PM

සැකය හා අන්තර්ජාලය අවභාවිතය තමයි හේතුව!

:       0       2

ජගත් ලියනගේ Wednesday, 30 October 2024 06:20 PM

දැන් හැදෙන තරුණ පරම්පරාව හරිම දරුණුයි, මිලේඡ්ඡයි. ප්‍රේම සම්බන්ධයක නොගැලපීම් තියෙනවා නම් කරන්න තියෙන්නේ ඒක නවත්තලා දානවා මිසක් දරුණු වද, හිංසා කරන එක නොවෙයි.

:       1       4

mohan Wednesday, 30 October 2024 07:20 PM

සැම විටම මනස පාලනය කරන්න ඕනෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අගුණකොලපැලැස්සට කාන්තාවකගෙන් සුරුට්ටු
2024 ඔක්තෝබර් මස 30 45 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට සඳහා පැමිණි කාන්තාවක් සැකකරුට දීමට යට ඇදුමේ සඟවා ගෙන සිටි ජංගම දුරකථනයක් සහ දුම්කොළ සුරුට්ට


රෝහල්වලට යැවූ බෙහෙත් මාස දෙකක් තිස්ස දුම්රිය වැගන්වල
2024 ඔක්තෝබර් මස 30 108 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැග


‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘
2024 ඔක්තෝබර් මස 30 868 0

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.


ඡන්ද දැන්වීම් අලවන්න ගිහින් කූඩුවේ ළගී
2024 ඔක්තෝබර් මස 30 117 0

නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 74 ක් සමග පසු අද මතුගම ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව මතුගම ප


ගංගාරාම පොඩිහාමුදුරුවන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ශිෂ්‍යත්ව භාර අරමුදලක්
2024 ඔක්තෝබර් මස 30 72 0

කොළඹ නවකෝරලේ ප්‍රධාන සංඝනායකව සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානාධිපතිව වැඩ විසූ දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ අපවත් වී වදාළ ගල්බොඩ සිරි ඤාණිස්සර


යාපනයේ නිවසක අඹු සැමි යුවළක් ඝාතනය කරලා
2024 ඔක්තෝබර් මස 30 374 0

යාපනය පේදුරුතුඩුව කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අඹුසැමි යුවලක් ඝාතනය කොට තිබියදී මළසිරුරු අද (30) දින සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1095 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 624 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site