IMG-LOGO

2024 ජුලි මස 03 වන බදාදා


පෙරහරට යන්න පෙර වාසනා ආශිර්වාද ගනී

 

චාරිත්‍රාණුකූලව පැවති බැහුම් ලිහීමේ මංගල්‍ය අනතුරුව කතරගම දේවාලයේ දෙවියන් ඇතුළු දේවාභරණ වඩම්මන වාසනා හස්ථි සම්ප්‍රදායාණුකූලව කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව වාසනා හස්ථියා කිරිවෙහෙර සෑ රදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය.

මද ගතිය නිසා (මද කිපීම) වාසනා හස්ථියා මාස තුන හාමාරකට ආසන්න කාලයක් වෙන්ව තබා ඇතාට අවශ්‍ය කටයුතු සිදු සිදු කළේය.

මද ගතිය අවසන් වීමෙන් පසු චාරිත්‍රානුකූළව ඇතා තබා සිටි ස්ථානයෙන් මහාසංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යෙය් වාසනා පිටතට ගත්තේය.

ඒ අනුව මේ වන විට වාසනා හස්ථියා මෙවර කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවියන් වැඩමවීමේ කටයුත්තට සහභාගී වීමට සූදානම් කරමින් ,ඊට මත්තෙන්  දුටුගැමුණු රජ කාලේ පටන් පැවත එන සිරිත් පරිදි ඇතා නහවා පිරිසිදු කිරීමෙන් පසු පළමුවෙන්ම කිරිවෙහෙර නා හිමියන් බැහැ දැක කිරිවෙහෙර සෑ රදුන් වැද ආශිර්වාද ලබා ගැනීම චාරිත්‍රාණුකූලව සිදුකළ බව පවසයි.

කිරිවෙහෙර වැදපුදාගත් වාසනා හස්ථියා කිරිවෙහෙර අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ හා පුරාණ කිරි විහාරය වැද අනතුරුව කතරගම දෙවියන් වෙත පූජා වට්ටියක් තබා බාරහාර ඔප්පු කිරීමද මෙහිදී සිදු කළේය.



අදහස් (2)

පෙරහරට යන්න පෙර වාසනා ආශිර්වාද ගනී

මැක්ස් Monday, 01 July 2024 03:37 PM

පෙරහර ඇතුළු බුදු දහම සම්බන්ධයෙන් ඇති සංස්කෘතිකාංග වලට පහර දීම තම ආත්මය කර ගත් ඇන්ජීඕ වාදීන්, ලිබරලුන් ඇතුළු සමස්ත බොදු විරෝධීන්ට (අවාසනාවට ඔවුන් වැඩි දෙනෙක් දැන් මුක්කු ගසන්නේ මාලිමාවට) ඔන්න අවස්තාව පෑන අතට ගන්නට.

:       2       4

නන්දන පනා-මිලානෝ Monday, 01 July 2024 06:58 PM

අලියා වෙහෙරත් වැන්දලු, බෝගහටත් වැන්දලු, දෙයියන්ටත් පූජා වට්ටියක් තියලා බාර වුණාලු... ඒත් එයාට මද කිපෙන කාලෙට සහකාරියක් හොයා ගන්න ඉඩක් නැහැ අයිතිකාරයා ගස්බදිනවා…. ඇයි මේ සතාට මෙහෙම හිරිහැර කරන්නේ…?

:       3       7

ඔබේ අදහස් එවන්න

දියත

අධ්‍යාපනය කඩන අය ගැන පියවර ගන්න නීතිපති උපදෙස් පතයි
2024 ජුලි මස 03 73 0

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතු යැයිද විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි යැයිද ජනාධිපති රනි


රත්නපුර පළාත්පාලන ආයතනවලට ලං.වි.ම රතු නිවේදන
2024 ජුලි මස 03 152 1

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවී


ජනපති පොහොට්ටුවට ආවොත් ජනපති අපේක්ෂකත්ව ලබාදීම ගැන බලනවා
2024 ජුලි මස 03 478 8

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා


ගම්පහ ගංවතුරට හේතු සොයන්න මෙහෙයුමක්
2024 ජුලි මස 03 259 1

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.


තාබුගලට මරණ තර්ජන
2024 ජුලි මස 03 869 3

රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුට ඇතැයි කියන ජීවිත තර්


සම්බන්දන්ගේ පුටුවට කුගදාසන්
2024 ජුලි මස 03 541 0

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 533 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1562 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3414 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site