IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ

(අංජුල මහික වීරරත්න)

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමාට සහාය දීම සඳහා පැමිණියාට ඔවුන් සමග ජනතාව පැමිණ නැතැයි පෙනී යන්නේ යැයි පවසා ඇති හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවේ බහුතර පිරිස අනුර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන බව සඳහන් කළේය.

ඊළඟට කළ යුතුව ඇත්තේ මහ මැතිවරණයට සූදානම් වීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබේ.

එහිදී එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවයි.ජනාධිපතිවරයාද එම අදහස අනුමත කර ඇත.

මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම අලුත් මුහුණු හතරක්වත් ඉදිරිපත් කළ යුතුව තිබෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබේ.

 



අදහස් (10)

පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ

බකල ජයා Tuesday, 24 September 2024 07:54 AM

අලුත් මුහුණු? අලුත් බෝතල්වල ප්‍රමිතියෙන් බාල බීම. ඕව බිව්වොත් බඩේ අමාරු හැදෙයිනෙ, හිටපු ජනාධිපතිතුමණි!

:       0       0

Asela Tuesday, 24 September 2024 08:04 AM

රටේ වෙලාවට මෙයාට ජනාදිපති චන්දෙන් දිනන්න පුළුවන් කියල අවසාන වෙනකම් විශ්වාසය තියන් හිටියා ,නැත්නම් දන්නා තියන ඔක්කොම ජිල් මාර්ට් දාල චන්දෙ නවත්තනවා

:       0       0

Vinivida Tuesday, 24 September 2024 08:06 AM

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් රනිල් ජනදිපතිතුමාට ඡන්දය ලබාදී නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ පුත් නාමල්ට පවා චන්දය ලබාදී නොමැත. මෙයින් පෙනෙන්නට තිබෙනුයේ වර්තමානයේ චන්දදයකයන් පක්ෂවටා නොව පුද්ගලයන් සහ ඔවුන්ගේ පොරොන්දු මත චන්දය ලබාදීමට කටයුතු කරනා බවකි. කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනයේ දේශපාලකයන් සිටියද, අනාගතයේ රාජ්‍ය නායකයන් වසයෙන් හදුන්වා දීමට හෝ පිළිගැනීමට තරම් කෙනෙකු රනිල් ජනදිපතිතුමා දේශපාලනයෙන් ඉවත් වු පසු කිසිදු දේශපාලන පක්ෂයක සිටීද ? ලංකාවේ දේශපාලකයන්ගෙන් පිරි තිබුනද බුද්දිමත් ඉවසීම සහ දුරදක්නා නායකයන් නොමැත. මෙය පක්ෂ දේශපාලනයෙන් තොරව සිතා බැලිය යුතු කාරණයකි

:       0       0

ලුම්බිණි Tuesday, 24 September 2024 08:28 AM

නරකද දැන් පොඩ්ඩක් පැත්තකට උනා නම් .

:       0       0

Asank Tuesday, 24 September 2024 08:35 AM

අඩෝ සීයේ විශ්‍රාම යන්න කාලේ හරි අවුරුදු 45 ඉදලා කරපු දේවල් අපි දැක්කා නේ

:       7       6

NIHAL DHARMATILEKE Tuesday, 24 September 2024 08:40 AM

අවස්ථාවාදීයා... අලියා මරලා දාලා දැන් ආයෙත් අලියාට එන්න හදනවා ... ඔබගේ දේශපාලනය කලකිරෙනවා අපිට

:       5       6

ranjith Tuesday, 24 September 2024 09:03 AM

පොහොට්ටුවේ හොරු ටික අරන් ඔබගේ නමත් කිට්ටු වුණා. එයාලා එක්ක ජනතාව නොව බව කවුරුත් දැනගෙන සිටියා ඒ හොරු රැල පන්නලා දමලා පක්ෂය සුද්ද කරගන්න

:       2       4

C.K.Lankaputhra Tuesday, 24 September 2024 09:39 AM

දැන් නං සෑර් මොන වෙට්ටු දැම්මත් ගොඩ එන එක ලේසි නෑ. සර් ට දැන් තියෙන්නෙ රනිල් රාජපක්ස කියන නම වෙනස් කරල රනිල් වික්‍රමසිංහ නම ආපහු ගන්න එකයි. නැත්නම් ඉතින් මිනිස්සු අලුත් නමක්යි දායි රනිල් බිබික්කමසිංහ කියල.

:       1       0

sarath Tuesday, 24 September 2024 09:42 AM

අපේ සමාජය දුප්පත් වී ඇති තරම ඔය අසන්ක ගේ කොමෙන්ටුවෙන්ම තේරුම්ගන්න පුළුවනි. කවුරු ආණ්ඩුකලත් මේවගේ මිනිස්සු පුනුරුත්තාපනය නොකර මේ රට හදන්න බැහැ . මේ වගේ මිනිස්සු තමන්ගේ පාසලේ විදුහල්පති විශ්‍රාම ගිය දවසට අඩෝ පිනා කියල කතාකරාවි.

:       0       1

Harsha Tuesday, 24 September 2024 09:43 AM

මොකාගෙන් ආවත් දිනන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 853 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1040 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 206 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5051 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1625 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31122 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site