IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


පොල්තෙල් ආනයනකරුවන්ගෙන් කෝටි 5000 ක බදු පොල්ලක්

(සුජිත් හේවාජූලිගේ)

පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් රජයට රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

පොල්තෙල් අානයකරුවන් ගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ කෝටි 3900 ක් ආනයනය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

බුද්ධික ද සිල්වා මහතා මෙසේ පැවසුවේ දෙහිවලදී පෙරේදා(4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙරට තිදෙනෙකුට අයිති ආයතන හයකින් මෙම බදු වංචාව කර ඇති බව පවසන ප්‍රධාන කැඳවුම්කරු මේ අය අතර මත්ද්‍රව්‍ය අානයනය කිරීමේ චෝදනාවට ලක් වූ අයද සිටින බව ප්‍රකාශ කළේය.

දේශීය කර්මාන්තකරුවන්ට පනවා ඇති වැට් බද්ද හා සමාන වැට් බද්දක් පොල්තෙල් ආනයනකරුවන්ට පැනවීමට කටයුතු කරන ලෙසත් මෙම විෂ තෙල් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට වී ඇති හානිය එම ජනතාවගෙන් අය කර ගන්නා ලෙසත් ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.

පැහැර හැර ඇති වැට් බදු ප්‍රමාණය දඩ මුදලක්ද සමග අය කර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි මේ අය මෙම බදු මුදල් වංචා කරන්නේ තනිවම නොවන බවත් මේ සඳහා අනිවාර්යයෙන්ම දේශපාලන බලධාරීන්ගේ සහ රජයේ අැතැම් උසස් නිලධාරීන්ගේ උදව් ලැබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

බුද්ධික ද සිල්වා මහතා මෙසේද පැවසීය.

පොල්තෙල් ආනයනය කරුවන්ට රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබා දෙන බදු සහන හේතුවෙන් දේශීය කර්මාන්තශාලා සියයට අනූවක් පමණ වැසී ගොස් ඇත. මේ හේතුවෙන් ලක්ෂ හතරක පමණ පිරිසක් පාරට ඇද වැටී ඇත. දේශීය කර්මාන්තකරුවා අද නන්නත්තාර වී ඇත.

 



අදහස් (1)

පොල්තෙල් ආනයනකරුවන්ගෙන් කෝටි 5000 ක බදු පොල්ලක්

Mohan Mangala Mapa Sunday, 05 January 2025 07:06 PM

ඇයි මේවා විසඳන්නේ නැත්තේ?

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 

දියත

යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට
2025 ජනවාරි මස 07 52 0

පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙ යතුරු පැදියක් බස් රථයක ගැටි සිදුවු අනතුරීන් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තවත් බරපතල තුවාල ලැබු තරුණයකු පුත්තලම මූ


තැනින් තැන කඩින් කඩ වැසි
2025 ජනවාරි මස 07 65 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයිය මලෝ මරුට
2025 ජනවාරි මස 07 942 2

ගල්කිස්ස සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් ඥාති සහ


සැප වාහන වෙන්දේසියට නියෝග
2025 ජනවාරි මස 07 2282 1

රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම්


ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි
2025 ජනවාරි මස 06 1215 1

කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමු


උතුරු මැද 11 ශ්‍රේණියේ වාර විභාගය අවලංගු කරයි
2025 ජනවාරි මස 06 364 0

උතුරු මැද පළාතේ පාසල්වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය වෙනුවෙන් 11 වන ශ්‍රෙණියේ සිසුන් සදහා පැවැත්විමට නියමිතව තිබු විභාගයේ සියළු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 456 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 231 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 218 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site