(විනීතා එම් ගමගේ)
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට අද (30) උපදෙස් දුන්නේය.
2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඩ් බදුර්දීන් මහතාගේ උපදෙස් පරිදි බව එම ගැසට් නිවේදනය පිළිබඳව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගෙන් දුරකථනය ඔස්සේ කළ විමසීමක දී යැයි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොල් මිල විකෘතියක් බවත් එය කැබිනට් පත්‍රිකාවක් මගින් ඉක්මනින්ම නිවැරදි කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසූ බව හෙතෙම සඳහන් කළේය.
දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක් අතරතුර දී මෙම උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295 ක සෙස් බද්ද රුපියල් 125 ද්කවා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය කඩාවැටුණු බව එහි දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන් බව කී එම නිලධාරියා දේශීය නිෂ්පාදකයන්ට මේ තත්ත්වය යටතේ ආනයනික පොල්තෙල් සමඟ සටන් කරන්නට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔවුන පෙන්වා දුන් බවත් කීවේය.
තම අමාත්‍යංශය යටතේ ඇති බීසීසී ලංකා රාජ්‍ය සමාගම මගින් දේශිය නිෂ්පාදකයන් ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම පොල් ගෙඩි වශයෙන් අපනයනය නරත කිරීම වැනි දේශීය පොල් තෙල් කර්මාන්තය නගා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා කී යැයි ද එම නිලධාරියා කියා සිටියේය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයව
හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණීම
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරි
නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
මීතොටමුල්ල සී.ටී.බී ඩිපෝවේ කාර්‍යාලීය ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පොල්තෙල් - පාම්තෙල් කලවම් කර විකිණීමට තිබූ අනුමැතිය අවලංගුයි