(ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)
රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනියගේ වැඩ තහනම් කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්වී ඇත්තේ මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්ෂිකාවකි.
ඉකුත් 2023 වසරට අදාලව මීගමුව පොලිසියේ රථවාහන නිලධාරීන්ට දෙසැම්බර් මාසයේ ගෙවීමට තිබූ රථවාහන ත්‍යාග මුදල් මෙම නිලධාරිනිය විසින් නොගෙවා ව්‍යාජ සටහන් සහ අත්සන් යොදා එම මුදල් වංචාකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීඇති බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් සිදුකළ විමර්ශනවලදී ඇය එම මුදල් වංචා සහගතව ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් එම නිලධාරිනියගේ වැඩ ඊයේ(12) සිට තහනම් කිරීමට කටයුතු කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (1
එතනෝල් නිෂ්පාදනය සදහා ඉතා විශාල ලෙස බඩඉරිගු තොග යොදා ගන්නා බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ
2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡ
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන වැසිකිලියක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් නෝනාගේ වැඩ තහනම්